English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ප‍්‍රති ත‍්‍රස්ත පනත - ජනමාධ්‍යවේදීන් මූලාශ‍්‍ර හෙළි නොකිරීම ත‍්‍රස්තවාදී කි‍්‍රයාවක් !


ජනාධිපති ජේ.ආර් ජයවර්ධන පාලන සමය වූ 1979 දී 1983 න් පසුව මතු වූ දෙමළ සන්නද්ධ කි‍්‍රයාකාරකම් හේතුවෙන් තාවකාලික පනතක් වශයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත වූ ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත 1982 දී ස්ථාවර පනතක් සේ සම්මත විය. දශක ගණනාවක් පුරා කි‍්‍රයාත්මක වූ මෙම පනතට එය කි‍්‍රයාත්මක කරන අවස්ථාවේ සිට මේ දක්වා දැඩි විරෝධයක් සියළු ජනකොටස් වලින් මතු ව තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවන් වලදී 1979 ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කර ඒ වෙනුවට ජාත්‍යයන්තර ප‍්‍රමිතීන්ට අනුව නව පනතක් ගෙන එන ලෙස දැනුම් දී තිබුණි. ඒ අනුව සකස් කර තිබෙන නව ප‍්‍රති ත‍්‍රස්තවාදය පනත සම්බන්ධයෙන් මේ වන විට සම්බන්ධයෙන් දැඩි විවාද සම්පන්න තත්ත්වයක් මතු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, ස්වාධීන සංවිධාන, මානව හිමිකම් සංවිධාන, මානව හිමිකම් පර්යේෂකයින්, මානව හිමිකම් කි‍්‍රයාකාරීන් විරුද්ධත්වය ප‍්‍රකාශ කර සිටියි.

මේ සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන්ට බලපාන තත්ත්වයන් සම්බන්ධයෙන් ජනමාධ්‍ය සංවිධාන තුනක් එක්ව ජනතාව දැනුවත් කිරීම සඳහා ප‍්‍රවෘත්ති සාකච්ඡවක් පවත්වනු ලැබුවා. ඒ 2019 මාර්තු මස 18 වෙනි දින කොළඹ ජනමාධ්‍ය ආයතනයේදී. මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡව කැඳවනු ලැබුවේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශී‍්‍ර ලංකා වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයයි. මේ සඳහා දැනුවත් කිරීම සඳහා මානව හිමිකම් කි‍්‍රයාධරයෙක් මෙන්ම පර්යේෂකයෙක් ද වන රුකී ප‍්‍රනාන්දු, සහ මානව හිමිකම් නීතිඥ සුරේන් ප‍්‍රනාන්දු, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විධායක කමිටු සමාජික නීතිඥ විරංජන් හේරත් විසින් ද අදහස් දැක්වීමක් සිදු කරන ලදි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නියෝජනය කරමින් එහි කැඳවුම්කරු සී.දොඩාවත්ත, ශී‍්‍ර ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෙනුවෙන් එහි සභාපති දුමින්ද සම්පත්, මාධ්‍ය සේවක වෘත්තීය සමිතිය වෙනුවෙන් ප‍්‍රධාන ලේකම්ධර්මසිරි ලංකාපේලි සහභාගි විය
.

රුකී ප‍්‍රනාන්දු - මානව හිමිකම් කි‍්‍රයාධර

කලින් සඳහන් කලා වගේ දැනට පවතින අණපනත් 17 ක් තියෙනවා ත‍්‍රස්තවාදය වැලැක්වීම සඳහා භාවිතා කරන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් තොරතුරු පාර්ලිමේන්තු කමිටුවට මාධ්‍ය කමිටු විසින් ඉදිරිපත් කරනු ලැබුවා. මීට අමතරව දණ්ඩ නීති සංග‍්‍රහයේ නීති රීති සංග‍්‍රහයේ අඩංගු වෙලා තිබෙන නීති රීති ත‍්‍රස්තවාදය වැලැක්වීම සඳහා භාවිතා කරන්න පුළුවන්. අපි කොහෙත්ම ත‍්‍රස්තවාදී කි‍්‍රයා අනුමත කිරීමක් කරන්නේ නැහැ. ඒවාට විරුද්ධව කටයුතු කළ යුතුයි. ඒ වගේම ඒවා වැලැක්වීමට කටයුතු කළ යුතුයි. ඒ වුනාම ඒක කරන්න ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනතට බැරි වෙලා තියෙනවා. ඒක බොහෝම පැහැදිලියි ඉතිහාසයේ. මේ ත‍්‍රස්ත පනත්වල ලක්ෂණ කිහිපයක් ගත්තහම, එහි ස්වභාවය තමයි අධිකරණයට තියෙන බලතල අවම කරන එක. විධායකට තියෙන බලතල වැඩි කරන එක. සාමාන්‍යයෙන් එහි අනික් පැත්ත තමයි විය යුත්තේ. විධායකයේ බලතල පාලනය කිරීමක් තමයි අධිකරණයකින් විය යුත්තේ.

අත් අඩංගුවට ගන්නා වූ සැකකරුවන්ගේ, රඳවා තබාගන්නා වූ රැුඳවියන්ගේ අයිතිවාසිකම් සහ ඔවුන්ට හිමිවන ආරක්ෂාව, අවම කිරීම තමයි, අවම කිරීම තමයි ත‍්‍රස්ත පනත් වලින් සිද්ධවෙන්නේ. අලූතින් ගෙනල්ලා තියෙන පනතෙන් සිද්ධ වෙන්නෙත්, කලින් පනතෙන් වුනෙත් ඒ දේමයි. ප‍්‍රති ත‍්‍රස්ත පනතේ ප‍්‍රධාන ලක්ෂණ වන්නේ, ත‍්‍රස්තවාදය කියන එකට හුගක් පුළුල් අර්ථකතන තිබීමයි. ඒ නිසා බොහෝ සිදුවීම් ත‍්‍රස්තවාදී කි‍්‍රයාවක් විදියට අර්ථකතනය කරන්න පුළුවන් බලධාරීන්ට. උදාහරණයක් වශයෙන් අලූතින් ගෙනල්ලා තියෙන පනත් කෙටුම්පතේ 10 වෙනි වගන්තිය ගත්තහම මහජනයාට තොරතුරු බෙදාහැරීම, තොරතුරක් ඵල කිරීම ත‍්‍රස්තවාදී කි‍්‍රයාවක් වෙන්න පුළුවන්. 14 වෙනි වගන්තිය ගත්තහම, තමන්ගේ පුවතේ මූලාශ‍්‍ර හෙළි නොකිරීම ත‍්‍රස්තවාදී කි‍්‍රයාවක් වෙන්න පුළුවන්. අත්අඩංගුවට ගැනීමේ බලතල පොලිසියට පමණක් නොව හමුදාවට ලබාදීලා තියෙනවා. සංවිධානයක් නීති විරෝධී සංවිධානයක් ලෙස ප‍්‍රකාශ කිරීමේ බලතල ඇමතිවරයෙක්ට ලබාදෙනවා. මෙවැනි හුගක් බලතල ඇමතිවරුන්ට,පොලීසියට,හමුදාවට තමයි ලබා දී තිබෙන්නේ. අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් දින 14 ක් රඳවා තබාගන්න පුළුවන් පොලිසියට හා හමුදාවට. එහිදී මහේස්ත‍්‍රත්වරයෙක්ට කිසිම බලයක් නෑ මේ පුද්ගලයා රඳවා තබාගත යුතුද? නැත්නම් ඒ පුද්ගලයාව නිදහස් කළ යුතුද? ඒ පුද්ගලයට ඇප දිය යුතුද නැද්ද කියලා තීරණයක් ගන්න. අභිමතයක් පාවිච්චි කරන්න මහේත‍්‍රාත්වරයෙක්ට බලයක් නැහැ.

මෙවැනි කාරණා සලකා බලද්දි දැනට අපට කරන්න පුළුවන් ප‍්‍රායෝගික දේවල් තුනක් තියෙනවා. පළමුවැන්න ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත (1979) සහ ප‍්‍රති ත‍්‍රස්ත පනත ( 2019 ) ඇති සම්බන්ධය නැති කරන්න අවශයයි. මේ දෙක එකට ගැටගහන්න වුවමනාවක් නැහැ. ත‍්‍ර.වැ.ප පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයකින් අහෝසි කරන්න පුළුවන්. ප‍්‍රති ත‍්‍රස්ත පනත කැබිනට්ටුවෙන් ඉල්ලා අස්කර ගන්න පුළුවන්. කැබිනට් මණ්ඩලයෙදි ඉල්ලා අස්කර ගත්තේ නැත්නම් පාර්ලිමේන්තුවේ බහුතර ඡුන්දයකින් පරාජය කරන්න පුළුවන්. මේ දේවල් සිද්ධ විය යුතුයි.




නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විධායක කමිටු සමාජික නීතිඥ විරංජන් හේරත්

අද බස්නාහිර පලාත් සභාවේ ආණ්ඩුකාරවරයා වන අසාද් සාලි 2013 අවුරුද්දේ ඔහුව අත්අඩංගුවට ගන්නවා ත‍්‍රස්තවාදය වැලැක්වීම පනත යටතේ. ඒ මොනවත් ගැන නෙමෙයි ඔහු විසින් ප‍්‍රකාශයට පත් කරන ලද දේශපාලන ප‍්‍රකාශයක් පදනම් කරගෙන. අසාත් සාලි අද බස්නාහිර පලාත් සභාවේ ආණ්ඩුකාරවරයා. ඒ අවස්ථාවේදී ඒ වන විට විපක්ෂ නායකවරයාව සිටි රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 26 යටතේ ඔහු පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනල්ලා කියනවා, මේ පනත වහාම අහෝසි කරන්න කියලා. ඒ අවස්ථාවේදී තමන්ගේ පාක්ෂිකයා නිදහස් කරගන්න යෝජනාවක් ගේනවා මේ පනත අහෝසි කිරීමට. ඒ වෙලාවේ අග‍්‍රාමාත්‍යවරයාව සිටින දී.මූ.ජයරත්න ඊට විරුද්ධ වෙනවා. එහෙම තමයි අතීතය. ඒ අතීතය අද ප‍්‍රතිනිර්මාණය වෙන්නේ වෙනස් විදියකට. අග‍්‍රාමාත්‍යවරයා ඊට වෙනස් පනතක් අද ගෙනවා ඒ ප‍්‍රති ත‍්‍රස්ත පනත. දීමූ නැති වුනත් ඔහු නියෝජනය කරන පක්ෂය අද කියනවා මේ ප‍්‍රති ත‍්‍රස්ත පනත භයානකයි කියලා. නමුත් ඔවුන් විසින් 1979 ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත භාවිතා කිරීමේදී කළ කී දේ ගැන අද මුකුත් කියන්නේ නැහැ.

තමන්ගේ දේශපාලන වශයෙන් මෙම පනත් භාවිතා කරනවා විතරයි, මේ රටේ ත‍්‍රස්තවාදය වැලැක්වීම සඳහා මේ පනතින් සිදුවූ දෙයක් නැහැ. ඒකෙන් වුනේ මේ රටේ මිනිස්සුන්ගේ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියට බාධා සිද්ධ වීමයි. මේ ප‍්‍රති ත‍්‍රස්ත පනත භයානකයි කියලා අපි කියන්නේ ඇයි?  ඇමතිවරයාට පුළුවන්  ඕනම සංවිධානයක් තහනම් කිරීමේ බලය. යෝජිත කෙටුම්පතේ 84 වෙනි වගන්තියේ අමාත්‍යවරයෙකුට පුළුවන් සංවිධානයක් තහනම් කරන්න. තමන්ගේ දේශපාලන මතයට විරුද්ධව යනවා නම්, ඔහුට පුළුවන් මේ දේශපාලන මතය ත‍්‍රස්තවාදී මතයක් කියලා අර්ථකතනයක් දීලා සංවිධානය තහනම් කරන්න. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයක් හරි වෙනත් මාධ්‍ය සංවිධානයක් හරි, විරුද්ධව කතා කරනවා නම්, ත‍්‍රස්තවාදී සංවිධානයක ලේබල් ගහලා, ඒ සංවිධානය තහනම් කරන්න පුළුවන්. එහෙම ඒවා වෙන්න බැරිද මේ රටේ. එහෙම ඒවා  ඕන තරම් වුන නිසා එහෙම දේවල් නොවෙයි කියලා කියන්න බෑ.

අත්අඩංගුවට ගන්න පොලිසියට හා ආරක්ෂක හමුදාවටල බලයක් තිබුනා. දැන් ඒ බලය ව්‍යාප්ත කරලා තියෙනවා සියළුම සන්නද්ධ හමුදාවලට. ඒ අයිතිය වෙරළාරක්ෂක හමුදාවලට පවා දීලා තියෙනවා. ඔවුන්ව රඳවා තියාගන්න පුළුවන්. ඔවුන්ගෙන් ප‍්‍රශ්න කරන්න පුළුවන්. ඒ බව සඳහන් වෙලා තියෙනවා කෙටුම්පතේ 17 වෙනි වගන්තියේ. ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ගන්න පුළුවන් වුනේ ආරක්ෂක ලේකම්වරයගේ අනුමැතියෙන්. ගෝඨාභය රාජපක්ෂගේ අනුමැතියෙන් තමයි මාධ්‍යවේදිනියක් වූ පරමේෂ්වරීව රඳවා තබාගෙන සිටියේ. ඒ වගේ දැන් ඒක පුළුවන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්ට. මෑතදී දකුණු පලාත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්ගේ දැනුවත්ව දෙන්නෙක්ව රඳවගෙන සිදුවූ දේවල් අපි දැක්කානේ. ඒ වගේ  ඕනම නියෝජ්‍ය පොලිපත්වරයෙක්ට රැඳවුම් නියෝගයක් කි‍්‍රයාත්මක කරන්න පුලූවන් මහේස්ත‍්‍රාත්වරයෙක් පුළුවන් එන වාර්තාව දාන්න විතරයි. මේ වගේ අහිතකර කාරණා රැසක් මේ කෙටුම්පත තුළ තිබෙනවා.

මාධ්‍ය පැත්තෙන් මේ ගැන සාකච්ඡ ප‍්‍රති ත‍්‍රස්ත පනත - ජනමාධ්‍යවේදීන් මූලාශ‍්‍ර හෙළි නොකිරීම ත‍්‍රස්තවාදී කි‍්‍රයාවක් කළොත් තොරතුරුවල මූලාශ‍්‍ර හෙලිකිරීමේ අයිතිය ප‍්‍රශ්නයක්. මාධ්‍යවේදීන් විදියට, කතෘ සංසදය වගේ වෘත්තීය සංවිධානවලින් මාධ්‍ය ආචාර ධර්ම සකස් කරලා තියෙනවා. ජනමාධ්‍යවේදීන්ට අයිතියක් තියෙනවා තමන් තොරතුරු දැනගන්න මූලාශ‍්‍ර හෙළිනොකර ඉන්න. යෝජිත පනත යටතේ ඊට එරෙහිව කටයුතු කරන්න පුළුවන්. ඒකට එරෙහිව මේ පනත යටතේ කි‍්‍රයාමාර්ග ගන්න පුළුවන්. ඒ වගේම තොරතුරු නීත්‍යානුකූල ලෙස හිතා මතා බෙදාහැරීම වරදක් විදියට සලසක්න පුළුවන් වගන්තියක් දාලා තියෙනවා. ඒ අංක 10 යටතේ. පසුගිය දවස්වල රථවාහන පොලිස් නිලධාරියෙක් යට කරගෙන ගොස් මරා දැමූ සිද්ධිය සම්බන්ධව ෆේස් බුක් හී අදහස් දැක්වූ අය පොලිසිය කැඳෙව්වා. ඒ අය කොහොමද මේ තොරතුරු දැනගත්තේ කොහොමද කියලා කියන එක. ෆේස් බුක් දැන්වීම්වක තොරතුරු දාන එක ත‍්‍රස්තවාදී කි‍්‍රයාවක් ලෙස සැලකුවොත් ඔවුන්වත් රැඳවුම්භාරයට ගැනීමට පුළුවන්. පොලිසියට එහෙම කරන්න පුළුවන්. මේක මුළු සමාජයටම භයානකයි. සමාජ මාධ්‍ය නිසා අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය පුළුවන් වෙලා තියෙනවා. අපි හැමෝම අදහස් ප‍්‍රකාශ කරන්නන් බවට පත්වෙලා තියෙනවා. මේක සමස්ත සමාජයම මර්ධනය කරන්න සකස් කරන්න කරපු වැඩක්.

මේ පනතේ මේ අනතුර හඳුනානොගන්නේ ඇයි කියන එකයි ප‍්‍රශ්නේ. මේකත් වෙනකන් ඉන්නවද කියලා බලාගෙන ඉන්නවාද කියන එක ප‍්‍රශ්නයක්. මේ පනත මුල්ම අවස්ථාවේදී පරාජය කළ යුතුයි. ෆේස් බුක් එකෙන් හරි, වෙන ප‍්‍රශ්නයක් මතු වුවහොත් කි‍්‍රයාත්මක කරන්න අවශ්‍ය නීති  ඕන කරම් අපේ රටේ තියෙනවා. සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ සම්මුති පනත කියලා පනතක්. ඒ නීතිවලින් පුළුවන් යම් ත‍්‍රස්තවාදී කි‍්‍රයාවක් සිදුවනවා නම් ඒක වලක්වන්න දණ්ඩනීති සංග‍්‍රහයේ ප‍්‍රතිපාදන තියෙනවා. පරිගනක නීති සම්බන්ධයෙන් වෙනම පනත් තියෙනවා. නීති 20 කට අධික සංඛ්‍යාවක් තියෙනවා. ඒහෙම නිති තියෙද්දී අලූත්ම ප‍්‍රති ත‍්‍රස්ත පනතක් ගේනවා නම් ජනතාව මර්ධනය කරන්න ඒක මුළු සමාජයටම බලපෑමක් සිදුවෙනවා. මේ පනත පරාජය කිරීම සිදු කළ යුතුයි. එය ජනමාධ්‍යවේදීන්ගේ පමණක් නොවෙයි රටේ පුරවැසියන්ගෙත් වගකීමයි. ඒ නිසා මේ අනතුර හඳුනාගන්න. එදා එපා වෙච්ච නායකයෝ අද ඒක පාවිච්චි කරනවා. එදා  ඕන වෙච්ච නායකයෝ අද මේ පනත එපා
කියනවා. මේ පනත පරාජය කරන්න අපි සියළුම දෙනා එකතුව වැඩ කරන්න  ඕනා.

තොරතුරක් නීත්‍යානුකූල නොවන තොරතුරක් කියලා එහිදී මේ යටතේ නීතිමය කි‍්‍රයාමාර්ග ගන්න පුළුවන්. මෙහිදී යම් ආවරණයක් තියෙනවා ලියාපදිංචි මාධ්‍ය වලට. සමාජ මාධ්‍ය වල කාටහරි ලියාපදිංචි මාධ්‍ය වලට තොරතුරු බෙදා හරින්න පුළුවන්. කුමක් හෝ තොරතුරක් නීත්‍යානුකූල නොවන තොරතුරක් සම්බන්ධයෙන් කටයුතු කරලා, ඒක වරදක් විදියට සලකලා ඒ පුද්ගලයව අත්අඩංගුවට අරගෙන ඒ පුද්ගලයට විරුද්ධව නඩු පවරන්න පුළුවන්. ඒක වරදක් විදියට දක්වලා තියෙනවා කෙටුම්පතේ 10 වෙනි වගන්තියේ. ඒක සමාජ මාධ්‍යවලට ප‍්‍රබල ලෙස බලපාන්න පුළුවන් කාරණයක්. ප‍්‍රධාන ධාරාවේ මාධ්‍යවලටත් වඩා. ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය වලට වුනත් ඒක පාවිච්චි වෙන්න පුළුවන්. කෙටුම්පතේ  10 වෙනි වගන්තිය සමාජ මාධ්‍යම එල්ල කරගෙන ඉදිරිපත් කරන ලද එකක්.

ඕනම ලිවීමක් ත‍්‍රස්තවාදයට අනුබල දීමක් ලෙස අර්ථ දැක්වුවහොත් අත්අඩංගුවට ගැනීමක් සිදු කරන්න පුළුවන්. මේ පනත තියෙන්නේ ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත් විදියට. විවිධ චෝදනාව යටතේ පුද්ගලයන් අත් අඩංගුවට ගන්න පුළුවන්. දැන් අත් අඩංගුවට ගන්න ක‍්‍රමය තමයි වෙනස් වෙලා තියෙන්නේ. කලින් තිබුණේ නියෝගය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන්. නව පනත යටතේ නියෝජ්‍ය පොලිස්පති කෙනෙක්ගේ නියෝගය යටතේ කරන්න පුළුවන්. කෙටුම්පතේ 84 වෙනි වගන්තියේ තියෙනවා, අමාත්‍යවරයට ලැබෙනවා අදාල ක්ෂේත‍්‍රයට අයත් සංවිධාන තහනම් කිරීමේ බලයක්. එතනදී මාධ්‍ය සංවිධානයක් වුවත් තහනම් කරන්න පුළුවන් එය ත‍්‍රස්තවාදයට උඩගෙඩි දෙන සංවිධානයක් කියලා. ඒ අනුව සංවිධානයක්, පරිශ‍්‍රයක් තහනම් කරන්න පුළුවන්. ස්ථානයකට ඇතූළුවීම තහනම් කරන්න පුළුවන්. මාධ්‍ය සංවිධානයක් ජනමාධ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටට ගිහින් උද්ඝෝෂණයක් සිදුකළහොත්, ඔවුන්ට පුළුවන් එම ප‍්‍රදේශය තහනම් කලාපයක් කරන්න. ඒ අනුව ඇතුළුවීම වැරැුද්දක් ලෙස සලකන්න පුළුවන්. ජනමාධ්‍යවේදීන් එම සිදුවීම ඡුායාරූප ගනිමින්, වීඩියෝ කරමින් ආවරණය කරන්න පුළුවන් ඒ තහනම් ප‍්‍රදේශයේ. ඒ චෝදනාව මත ඔවුන්වත් අත්අඩංගුවට ගන්න පුළුවන්. ඒ නිසා මේ පනත මාධ්‍යවේදීන්ට විවිධ පැතිවලින් බලපානවා.



සුරේන් ප‍්‍රනාන්දු - මානව හිමිකම් නීතිඥ 

සාමාන්‍ය නීතිය එක්ක මිනිස්සු ජීවත්වීමයි, ත‍්‍රස්තවාදය වැලැක්වීම යටතේ හෝ හදිසි නීතිය යටතේ හෝ බලතල තියෙන පොලිසියක් ඉන්න රටක මිනිස්සු ජීවත් වෙනවයි කියන්නේ දෙකක්. අපි අවුරුදු 60 ක් 70 ක් තිස්සේ එය විඳිමින් පවතිනවා. ඒක අපිට තේරුමක් නැතිව ගිහිල්ලා තියෙනවා කොහොමද සාමාන්‍ය අපරාධ නීතිය යටතේ විතරක් මිනිස්සු ජීවත්වෙන්නේ කියන එක. අපි සාමාන්‍ය නීතිරීති වලින් බැහැර වෙච්ච පොලිසියක් ඉන්න රටක තමයි ජීවත්වෙලා තියෙන්නේ. අපිට ප‍්‍රති ත‍්‍රස්ත පනත කිසිම විදියකට අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වෙලාවේ ත‍්‍රස්තවාදී සංවිධානයක් මේ රටේ කි‍්‍රයාත්මක වෙන්නේ නෑ. මේ වෙලාවේ යුද්ධයක් නැහැ. ලෝකේ අනික් රටවල් වගේ අපේ අයිතිවාසිකම් බුක්ති විඳින්න. සාමාන්‍ය මිනිස්සු ජීවත්වෙනවා වගේ ජීවත්වෙන්න අවශ්‍ය වටපිටාව අපිට තියෙන්න  ඕනා. බියක් සැකක් නැතිව ජනමාධ්‍ය වලට කි‍්‍රයාත්මක වෙන්න. අනෙකුත් ආයතන වලට කි‍්‍රයාත්මක වෙන්න අවශය අවකාශය ඇති වෙන්න  ඕන කිසිම තර්ජනයක් නැතුව.

නියෝජ්‍ය පොලිස්පති කෙනෙකුට හිමිවෙලා තියෙනවා රැඳවුම් නියෝගයක් නිකුත් කිරීමේ බලය. කලින් ආරක්ෂක ලේකම්වරයා විසින් සිදුකරන ලද කි‍්‍රයාව. අපේ රටේ උදාහරණ තියෙනවා නියෝජ්‍ය පොලිස්පතිවරු කප්පම් ගැනීම සඳහා ව්‍යාපාරිකයෝ අරගෙන ගිහිල්ලා කළ දේවල්. ඒවා උසාවියේ ඔප්පු වෙලා දැනට සිර දඬුවමුත් විඳිනවා. ඒක එක කතාවක්, නඩුවක් විතරයි. ඒක එහෙම නොවුනත් මැරුණේ නැති වුනත්, ඒ වගේ අවස්ථා තවත් තියෙන්න පුළුවන්. රත්ගම සිද්ධිය ප‍්‍රසිද්ධ වුනේ මිනිස්සු මැරුණ නිසා. නමුත් මේ වගේ සිද්ධි සිදු වෙනවා. නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට පවා සල්ලි හිඟතාවයක් තියෙනවා කියලා පේනවා. පොලිස් කොස්තාපල් වරුන්ට, සැරයන් වරුන්ට සල්ලි අවශයයි. රැකියාවෙන් ලැබෙන වැටුප හා පහසුකම් මදිවෙන්න පුළුවන්. උසස්වීම්වල ප‍්‍රශ්න තියෙනවා. ඒ වගේ පසුබිමක් තියෙන පොලිසියක් තියෙන රටක තමයි මේ පනත කි‍්‍රයාත්මක කරන්න යන්නේ.
 
ප‍්‍රති ත‍්‍රස්ත පනත යටතේ තියෙන පුනරුත්තාපන වැඩ සටහන් සම්බන්ධ කොටසක් තියෙනවා. ඒ කොටසේ තියෙනවා එක අවස්ථාවක පුළුවන් නිතිපතිවරයාගේ නිර්දේශ මත නඩු කටයුතු ඉදිරියට ගෙනි යන්නේ නැතුව, පුනරුත්තාපන වැඩ සටහන් කි‍්‍රයාත්මක කරන්න පුළුවන් කියලා. මේ පනත හදලා තියෙන්නේ නඩු අහන්න නෙමෙයි. මේ පනත යටතේ සමහර නඩු අහන්නත් බෑ. ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ එක් පුද්ගලයෙක්ට එක පාපොච්චාරණයක් සඳහා නඩු 08 ක් දාලා තියෙනවා. එතකොට ඒ නඩු 08 උසාවි 08ක අහන්න බෑ. එක උසාවියක අහන්න පුළුවන් එක නඩුවයි. මොකද ඒ පාපොච්ඡුාරණය බලෙන් කරපු දෙයක් ද ?, ස්චේඡවෙන් කරපු පාපොච්ඡරණයක් ද කියන එක විනිශ්චකාරවරයෙක් තීරණය කරනවා. එතකොට ඊළග නඩුවෙදි ඒ විනිශ්චකාරවරයාටම බැහැ නැවතත් එය සිදු කරන්න.  එවිට නැවතත් උසාවි 08  ඕන මේක තියෙන නඩු අහන්න. මේක කරගෙන යන්න බැරි නිසා ගොඩක් වෙලාවට, ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ සිද්ධ වුනේ, අවුරුදු 10 විතර මේ සැකකරුවන්ට අධිචෝදනා ගොනු කරන්නේ නැතුව ඉඳලා, දැන් දඬුවම් විඳලා ඉවරයි. ඊට පස්සේ වරද නිවැරදි කරන්න තමයි නීතිපති දෙපාර්තමේන්තුවෙන් සහ අධිකරණයෙන් පෙළඹවීම් තිබුණේ. මෙතන ඒකට හොඳ අවස්ථාවක් හදලා දීලම තියෙනවා. මෙතන ප‍්‍රතිපාදනය තියෙන්නේ නඩු අහන්නේ නැතුව කෙලින්ම පුනරුත්තාපනය සිදුකරන ස්ථානයන්ට යොමු කරවන එක. දැන් මෙතනදි ඇත්තට මෙවැනි දෙයක් සිදුවුනාද නැද්ද, ත‍්‍රස්තවාදයක් තිබුනද නැද්ද? වැනි කරුණු සාකච්ඡුා කරන්නේ අධිකරණයේදි. එතනට යන්නෙත් නැහැ මේක. තව නඩුවක් තිබුණා ත‍්‍රස්තවාදියෙකුට නවාතැන් පහසුකම් ලබාදීලා තිබීමක් ගැන. නවාතැන් ලබා දුන්න පුද්ගලයා ඉන්නවා උසාවියේ. නමුත් ත‍්‍රස්තවාදියා නැහැ. නවාතැන් ලබාදුන්නු පුද්ගලයා ත‍්‍රස්තවාදියෙක්ද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. මේක උසාවියෙත් නැහැ. දැන් අවුරුදු 10 විතර ගිහිල්ලා තියෙන්නේ. ත‍්‍රස්තවාදියාට නඩු කටයුතු තිබිලා තියෙනවද? ත‍්‍රස්තවාදියෙක් කියලා ඔප්පු වෙලා තියෙනවද ත‍්‍රස්තවාදියෙක් කියලා. මාධ්‍යවේදීන්ට තියෙනවා මේ පනත යටතේ තොරතුරු ලබා ගත් පුද්ගලයා ත‍්‍රස්තවාදියෙක් ද කියන දේ ගැන. නව පනත යටතේ නඩු විභාගයට ගියාම ඒ ගැන සොයා බැලීමක් සිදුවෙයිද නැද්ද කියලා අපි දන්නේ නෑ. පුනරුත්තාපනයට යොමු කිරීමකින්ම මේ නඩුව ඉවර වෙන්න පුළුවන්. ඒ වගේ ප‍්‍රයෝගික දේවල් මේ නව පනතත් එක්ක තියෙනවා.    
      

 




2019-03-23
Advertisement

Find us on Facebook