English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“ව්‍යවස්ථා සභාව වගේ උත්තුංග දේ වනචාරීන්ට තේරෙන්නේ නෑ” - පූජ්‍ය දඹර අමිල හිමි


පූජ්‍ය දඹර අමිල හිමි මේ බව පැවසුවේ 2019 මාර්තු මස 13 වෙනි දින ගාල්ල ක්‍රීඩා මණ්ඩප ශාලාවේදී පැවැති පිල්මාරුව තුළ ප්‍රජාතන්ත්‍රවාදය කොයිබටද ? මැයෙන් වු සම්මන්ත්‍රණය අමතමිනි. මෙම සම්මන්ත්‍රණය සඳහා පූජ්‍ය දඹර අමිල හිමි ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සමග, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, පිලිප් දිසානායක, සමන් සෙනෙවිරත්න අය දේශකයන් සහභාගි වී සිටියේය. සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ ගාල්ල කණ්ඩායම මෙම සම්මණ්ත්‍රණය සංවිධානය කරන ලදි. 

මෛත්‍රිපාල සිරිසේන, විජේදාස රාජපක්ෂ පහුගිය දවස්වල කියලා තිබුනා, ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාවේ අඩුපාඩු ගැන. ඒක අන්තග්‍රාහී, ඒක පක්ෂග්‍රාහී, ඒක දැන් දෙතුන් දෙනෙකුගේ වුවමානවන් වෙනුවෙන් පෙනී සිටිනවාය කියලා. නමුත් අපි දන්නවා ඒකෙන් ලැබිලා තියෙන ප්‍රතිලාභ ප්‍රමාණය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව එහෙම නැත්නම් උසස් තනතුරු වලට පුද්ගලයන් පත් කිරීම සඳහා තිබෙන සුවිශේෂීතම ආයතනය. ඒක උපත ලැබුවේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ.

එක මිනිහෙක් වටා ගොනු වෙලා තිබුණා ඉහළ තනතුරු වලට පත් කිරීමේ අදාල ඒ තනි අයිතිය, දැන් විමධ්‍යගත වෙලා තිබෙනව. ඒකේ ඇතුලේ නියෝජනය වෙනවා හැමෝම. පාර්ලිමේන්තුවේ 225 දෙනාම නියෝජනය කරන්නෙක් ඉන්නවා විධායක සභාවේ. විපක්ෂ නායක නියෝජන කරන කෙනෙක් ඉන්නවා. අගමැති නියෝජනය කරන කෙනෙක් ඉන්නවා. ජනාධිපති නියෝජනය කරන කෙනෙක් ඉන්නවා. කතානායක තීරකයා හැටියට උඩින් ඉන්නවා. සිවිල් පුරවැසියෝ වෙනම ඉන්නවා. ඒකට කියන්න බෑ හත් දෙනෙක්ගෙන් තීරණය ගන්නවා කියලා. ඒවා පෙනුමෙන් හත්දෙනෙක් හරි දහදෙනෙක් හරි වුනාට, ඒ ගොල්ලෝ පිටු පස්සේ තියෙන්නේ නියෝජිතත්ව ගුණාංග. ඒ කියන්නේ ශ්‍රී ලංකික සමාජයේ හැම පැතිකඩක්ම, නියෝජනය වෙන විදියට තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නිර්මාණය වෙලා තියෙන්නේ. 19 න් ආපු ඔර්ජිනල් උත්තුංග ගුණාංග ව්‍යවස්ථාවට එකතු කිරීමක් ඒක. ඒක හුරු නෑ මේ වනචාරී අයට. ඒක හුරු නෑ තමන්ට ඕන දේ කරගන්න ඕන අයට.”





2019-03-22
Advertisement

Find us on Facebook