English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ශිෂ්‍යයන් ඝාතන සිද්ධිය නිසා ජිනීවා කණ්ඩායමෙන් මහින්ද ගේ නම කැපේ


මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ රැස්වීම සඳහා රජයේ නියෝජිත කණ්ඩායමට විපක්ෂයේ මන්තී‍්‍රවරුන් වන ආචාර්ය සරත් අමුණුගම, මහින්ද සමරසිංහ, උතුරු පළාත් ආණ්ඩුකාර අචාර්ය සුරේන් රාඝවන්, යන අය ජනාධිපතිවරයා විසින් යෝජනා කර තිබුනි. නමුත් ජනාධිපතිවරයාගේ විසින් යෝජනා කළ කණ්ඩාමේ සිටි මහින්ද සමරසිංහ මහතාගේ නම අවසාන මොහොතේ ජිනීවා නියෝජිත කණ්ඩායමට ඇතුලත් නොවූ අතර, ඉහත කණ්ඩායමට විදේශ කටයුතු ඇමති තිලක් මාරපන, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහල නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් නෙරීන් යන අය ශ‍්‍රී ලංකා රජය නියෝජනය කරමින්
සහභාගී වීමට නියමිතය

.

මහින්ද සමරසිංහ මෙම කණ්ඩායමට ඇතුලත් නොකිරීමට ප‍්‍රධාන හේතුව වී තිබෙන්නේ ති‍්‍රකුණාමලයේ ශිෂ්‍යයින් 11 දෙනෙකු ඝාතනය සම්බන්ධව නිකුත් වූ වාර්තාවක සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම සදහා මහින්ද සමරසිංහ මහතා සෘජුවම සම්බන්ධ වී ඇති බවට වාර්තා වී තිබීමයි.  

මේ සම්බන්ධව පසුගියදා පාර්ලිමේන්තුවේ දී ද සාකච්ඡා වූ අතර එහිදී අදහස් දැක්වූ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ජිනීවා යවන පිරිස ගැන ප‍්‍රවේසම් වන ලෙස ජනාධිපතිවරයාට දැනුම් දෙන බව ප්‍රකාශකර සිටියේය. රජය වෙනුවෙන් සහභාගී වන කණ්ඩායම සම්බන්ධව ජාත්‍යන්තර ප‍්‍රජාව මෙන්ම ජීනීවා මානව හිමිකම් කොමිසමට හොඳ අවබෝධයක් ඇති බවත් සඳහන් කළේය.

එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ති‍්‍රකුණාමලයේ ශිෂයයින් 11 දෙනා සම්බන්ධ සිද්ධියේදී පසුගිය රජයේ සිටි ඇමතිවරු ඒ ශිෂ්‍යයන්ගේ දෙමාපියන්ට කතා කර විවිධ බලපෑම් කර ඇති බවත්, සාක්ෂි දීමට නොපැමිණෙන ලෙස ඔවුන්ට බලපෑම් කර ඇති බවත් සදහන් කළේය. එසේ කරන්නේ නම් කොළඹින් ගෙවල් හා වාහන දෙන්නම් කියා දැනුම් දී ඇති බවත් පවසා සිටියේය. ඔහු එසේ සඳහන් කරන ලද්දේ,  ති‍්‍රකුණාමලය සිසුන් 11 දෙනා ඝාතනයේ දී ඝාතනයට ලක්වූ තම පුතා වෙනුවෙන් සටන් කරන වෛද්‍ය මනෝහරන් මහතා ජීනීවා මානව හිමිකම් කොමිසම වෙත සිදු කරන ලද පැමිණිල්ල සිහිපත් කරමිනි.



දැන් පවතින්නේ යහපාලනය රජයක් බවත්, එහි අරමුණු සහ දිශානතිය වෙනස් බවත් ඒ නිසා ඒ අනුව දැන් කටයුතු කළ බවත් සඳහන් කළේය. මේ සඳහා යැවිය යුත්තේ සත්‍ය වශයෙන්ම මානව හිමිකම් සම්බන්ධව දැනුමක් උනන්දුවක් තිබෙන පුද්ගලයන් බවද පැවසීය. පසුගිය අවුරදු 10 තුළ මානව හිමිකම් කොමිසමට ගියත් පසුගිය රජයට ආර්ථික සම්බාධක පැනවීමේ තත්ත්වයට මුහුණ දීමට නොහැකි වූ බවත් සඳහන් කළේය.

ඊට අදහස් දැක්වූ මහින්ද සමරසිංහ මන්තී‍්‍රවරයා සඳහන් කළේ තමන් පසුගිය රෙජීමය අවදියේ මානව හිමිකම් කොමිසමට සත්‍ය තත්ත්වය පහදා දුන් නිසා, ඒ සම්බන්ධව සටන් කරපු නිසා,  තමන්ට ලැබිය යුතුව තිබූ විදේශ අමාත්‍ය ධූරයත් පසුගිය රජය සමයේ නොලැබී ගිය බව සඳහන් කළේය. වර්තමානයේ යන කණ්ඩායමටත් උඩ බලාගෙන කෙළ ගැසීමට ඉඩක් නොතබන බව අවධාරණය කරනු ලැබුවත්. කිරිඇල්ල ඇමතිවරයා විසින් ශිෂ්‍ය ඝතාන සිද්ධියේ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනාව සම්බන්ධව මහින්ද සමරසිංහ සෘජු පිළිතුරක් ලබා නොදුන්නේය.




2019-03-19
Advertisement

Find us on Facebook