English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“දේශපාලන හා බැඳුණු සියල්ලම කුණුවෙලා” - ප්‍රියංකර රත්නායක ජේෂ්ඨ කතිකාචාර්ය කැලණිය විශ්ව විද්‍යාලය


“දැන් ඉන්න ජනාධිපතිවරයා බලයට පත් කිරීම සඳහා ප්‍රගතිශිලී ව්‍යපාරයක් මතු වුනා. 2015 මතු වූ ඒ ප්‍රගතිශිලී ව්‍යාපාරයට මමත් යම් ආකාරයක ක්‍රියාකාරී මැදහත්වීමක් කරපු පුද්ගලයෙක්. වෙනස් කිරීම් පිළිබඳ කණගාටුවක් නැහැ. දැන් තියෙන තත්ත්වයට වඩා හොඳ ක්‍රියාකාරී තත්ත්වයක් රටේ නායකයාගෙන් මතු වෙයි කියලා බලාපොරොත්තුවක් තිබුනා. ඔහු ඒක වෙනස් නොකරත්, යම් වෙනස් කිරීමකට පදනමක් සකස් කරන දේශපාලනයක් ලංකාවේ සකස් කරයි කියන සුළු බලාපොරොත්තුවක් තිබ්බා. ඒ බලාපොරොත්තුව 2018 ඔක්තෝම්බර් මාසේ ඔහු විසින් ඉතා බරපතල විදියට විනාශ කලා.

බරපතල ප්‍රතිඵලය තමයි ඔහු විසින් දීර්ඝ කාලීනව, තාමත් කරමින් යන ව්‍යවස්ථා විරෝධී ක්‍රියාකාරිත්වය, බොරු සාදාචාරාත්මක සමාජ තත්ත්වයන් නිර්මාණ කිරීම. මත්කුඩු ඇල්ලීම, කසිප්පු නැවැත්වීම හොඳයි. නමුත් ඔහු ඇත්තමට දන්නවා මේවා ගේන්නේ කව්ද? කරන්නේ කව්ද ? කියලා. ඔහු දන්නවා ඒක පිටපස්සේ තියෙන දේශපාලනය. ඔහු ඒ දේශපාලනයට අත තියන්නේ නැහැ. මොකද ඒ දේශපාලනය තමයි මේ මොහොතේ ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ ඉඳගෙන ඔහුව ආරක්ෂා කරන්නේ?. ඔහු ඒ දේශපාලනයට අත තියන්නේ නැහැ. ඔහු ඒ දේශපාලනයට අත තිබ්බොත්, ඔහු විනාශ වෙනවා.

මේ මොහොතේ ලංකාවෙ දේශපාලනය තියෙන්නේ ඉතාම ව්‍යාකූල තත්ත්වයක. ඒ දේශපාලනය හා බැඳිච්ච හැම තැනක්ම ව්‍යාකූලයි. උදාහරණයක් විදියට ගනිමු ලංකාවේ මිනිස්සු අතර ඉතාම ජනප්‍රියම ක්‍රීඩාව ක්‍රිකට්. අද ඒ ක්‍රිකට් ක්‍රීඩාව තියෙන්නේ ඒ කුණුවීමේ ඉහලම තලයේ. ඊළගට අධයාපනය විනාශ වෙලා. අපිට හිතාගනනත් බැරි විදියට.

ජනාධිපතිවරයාට තිබුණා මේ තත්ත්වය වෙනස් කරන්න. ජනාධිපතිවරයාට ලතින් ඇමෙරිකාන රටවල සිද්ධවෙච්ච දේවල් වගේ වෙනසක් කරන්න ඉඩ තිබ්බා ඉතා හොඳට. ඔහු ඒ බලය තිබුණා. අවස්ථාව තිබුනා. ඒ එකත්වත් හොඳට ප්‍රයෝජනය ගත්තේ නෑ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට, මේ ගලාගෙන ආපු ක්‍රමය තවත් කුණුවුණා. ඒ කුණුවීම් තවත් බරපතල සිද්ධ වෙච්ච කාරණයක් තමයි රටක ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම. රටක ජන නායකයා ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා නම්, ඊට පහළ ඉන්න අය ගැන කතා කරන්න දෙයක් නෑ. එහෙම තත්ත්වයක් තුළ අපිට පේන්නේ නෑ යහපත් ජනසමාජයක් නිර්මාණය කිරීමට අවශ්‍ය අවකාශය නිර්මාණය වෙනවා කියලා.

කලාකරුවන් හැටියට, නැත්නම් උසස් අධ්‍යාපන ආයතනවල වැඩ කරන පිරිස් හැටියට, මේය වෙනස් කිරීම සඳහා අපේ දායකත්වය සැපයිය හැකි අවස්ථාවන් සොයා යෑමේ වගකීමක් අපට තියෙනවා. මම හිතන්නේ මේ වෙලාවේ තමන්ගේ වෘත්තිය තුළ, යහපත් ජන සමාජයන් හදන්න ඕන අවකාශයන්, නිර්මාණය කිරීමේ ශක්‍යතාවයන් කොහොමද ගොඩනගාගන්නේ කොහොමද කියන එක හොයන එන වෘත්තීය වේදීන් උත්සාහ කරන්න ඕන අවස්ථාවක් මේක.”





2019-03-17
Advertisement

Find us on Facebook