English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අලුත් ව්‍යවස්ථාවක් බැරිනම් 13, 19 හරියට ක්‍රියාත්මක කරන්න - ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න


දෙමළ ජනතාවගේ, මුස්ලිම් ජනතාවගේ සමහර නායකයෝ කියනවා අලුතෙන් ව්‍යවස්ථාවක් ගේන්න බැරි නම් 13 වෙනි ව්‍යවස්ථාව තියෙන නිසා, ඒක සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න කියලා. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ මේ යහපාලන ආණ්ඩුවෙන් විධායක ජනාධිපතිගේ බලතල අඩුකරන්න. ඒකත් පූර්ණව ක්‍රියාත්මක කරලා නෑ. ඒක හරියට ක්‍රියාත්මක වෙනවා නම් මේ ජනාධිපතිට විතරක් නෙමෙයි ඕනම ජනාධිපති කෙනෙකුට ඕන ඕන විදියට නටන්න බෑ. පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න අමාරුනම් මේ කරුණු දෙක ඉෂ්ඨ කරන්න කියලා ඒ ජනතාව ඉල්ලා සිටිනවා. ඒ වගේම ජාත්‍යයන්තර වශයෙන් ඉන්න අපේ රටට බලපෑම් කරන, අය කියන්නේ මේවා කරන්න කියලා. ඒ වගේම ඒගොල්ලෝ කියනවා මේ ඒකාධිපති ව්‍යවස්ථාව අයින් කරන්න බැරි නම්, 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න කියලා. ”

නව සමාජ පක්ෂ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මේ බව පැවසුවේ 2019 මාර්තු මස 13 වෙනි දින ගාල්ල ක්‍රීඩා මණ්ඩප ශාලාවේදී පැවැති පිල්මාරුව තුළ ප්‍රජාතන්ත්‍රවාදය කොයිබටද ? මැයෙන් වු සම්මන්ත්‍රණය අමතමිනි. මෙම සම්මන්ත්‍රණය සඳහා ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සමග, පූජ්‍ය දඹර අමිල හිමි, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, පිලිප් දිසානායක, සමන් සෙනෙවිරත්න අය දේශකයන් සහභාගි වී සිටියේය. සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ ගාල්ල කණ්ඩායම මෙම සම්මණ්ත්‍රණය සංවිධානය කරන ලදි. 

1978 ඒකාධිපති ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාපු ජේ.ආර්.ජයවර්ධන ඊළග ගෙනාවා 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයක්. බලය බෙදන්න. ඒක හොඳ වැඩක්. ඒකාධිපති ව්‍යවස්ථා අයින් කළේ නෑ. නමුත් බලය බෙදන්න 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කලා. ඒ වගේම භාෂා තුනම සමව සලකන හැටියට ව්‍යවස්ථාවට ගෙනාවා. ඒ වගේම පුරවැසිභාවය නැතිව හිටපු, දෙමළ අයගේ පුරවැසිභාවයත් දුන්නා. මට හිතුනා ඒ වෙලාවේ මෙයාට මම කළු කොඩි දැම්මේ කියලා. ඊට පස්සේ කරපු කාරණා බැලුවහම, වටිනා දේවල් කලා. ඒකාධිපතිවාදය නැති කළේ නැහැ. මේ රටේ බේද භින්නයට හේතු වෙලා තිබුණු කාරණා රාශියක්, වෙනස් කලා. වතුකරයේ ලක්ෂයකට පුරවැසිභාවය දුන්නා. 1975 වන විට ලංකාවේ හිටියනම් ලංකාවේ පුරවැසියෙක් කියලා පුද්ගලයෙක් ඒ අයට පුරවැසිභාවය දුන්නා. ප්‍රජාතන්ත්‍රවාදීව සෑම දේම කළ යුතුයි කියන අදහස ගෙනාවා. අපි අර ඒකාධිපති ජනාධිපතියි කියපු මනුස්සයම ප්‍රජාතන්ත්‍රවාදී දේවලුත් කලා.

දැන් එතනින් එහාට ගිහිල්ලා. මේක සම්පූර්ණයෙන් ප්‍රජාතන්ත්‍රවාදී කිරීම සඳහා අපට කරන්න තියෙන්නේ මොකක්ද? ව්‍යවස්ථානුකූලව තව දුරටත් ඉදිරියට යන්නත් පුළුවන්. අපි ගෙනල්ලා තියෙනවා 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය, සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරලා නෑ. ඒක සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරනවා නම් පලාත් සභා වලට විශාල බලයක් ලැබෙනවා. පොලිස් බලතල ලැබෙනවා. ඉඩම් බලතල ලැබෙනවා, සාමය රැකීමේ බලතල ලැබෙනවා. ඒක කරන්න ආයේ ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න ඕන නෑ. තියෙන ව්‍යවස්ථාවම ප්‍රබුද්ධ කරලා ක්‍රියාත්මක කරන්න ඕනා. දෙමළ ජනතාවගේ, මුස්ලිම් ජනතාවගේ සමහර නායකයෝ කියනවා අලුතෙන් ව්‍යවස්ථාවක් ගේන්න බැරි නම් 13 වෙනි ව්‍යවස්ථාව තියෙන නිසා, ඒක පාර්ලිමේන්තුවෙන් පිළිඅරගෙන තියෙනවා. ඇයි ඒක ක්‍රියාත්මක කරන්නේ නැත්තේ, සම්පූර්ණයෙන් ඒක ක්‍රියාත්මක කරන්න කියලා.”





2019-03-15
Advertisement

Find us on Facebook