English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මධූෂ්ගේ පුංචි අම්මාගේ අධිකරණයේ ලිට්මස් පරීක්ෂණය


ශී‍්‍ර ලංකා ප‍්‍රජාන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජයේ 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන භාවිතා කරමින් හිටපු නාවික හමුදාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් අත්අඩංගුවට ගැනීම වලක්වමින් පසුගිය දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කළේය. මීට කලින් මෙවැනි පියරවක් ගනිමින් තමන් අත්අඩංගුවට ගැනීමට වැලැක්වීම සඳහා නියෝගයක් මෑතදී ලබා ගන්නා ලද්දේ මව්බිම පුවත් පතේ හිමිකරු වන ටිරාන් අලස් සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂයි.

හිටපු නාවික හමුදාපතිවරයා මෙසේ අත්අඩංගුවට ගැනීමට වැලැක්වීම සඳහා අවසර ඉල්ලා සිටියේ ති‍්‍රකුණාමලයේ තරුණයින් 11 දෙනෙකු අතුරුදහන්වීම සිද්ධිය සම්බන්ධයෙන් 14 වෙනි විත්තිකරු  ලෙස නම් කිරීමෙන් පසුවයි. ශ්‍රේෂ්ඨාධිකරණය ඔහු අත්අඩංගුවට ගැනීමේ අත්හිටුවීමේ නියෝගයක් දෙනු ලැබුවේ පරීක්ෂණයන්ට පරීක්ෂණයන්ට බාධා නොකරන බවට දිවුරුම් පෙත්සමක් දීමෙන් අනතුරුවයි. වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී, අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ද මෙම සිදුවීමේ විත්තිකරුවෙකු ලෙස නම් කරන ලදි.

දෙසැම්බර් මස 13 වෙනි දින විධායක ජනාධිපති අභිබවා විශිෂ්ඨ තීරණයක් ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණය මෙවැනි තීරණයක් ලබා දීම පසුපස බොහෝ දේ සිදුව ඇතිව බව පෙනේ. පුවත්පත් වාර්තාවන් අනුව ජනාධිපතිවරයාගේ බලපෑමක් මෙම තීරණයට බලපෑ බවට ද වාර්තාවෙයි. එසේ බලපෑම එල්ල වී ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවටයි. අධිකරණයේ ස්වාධීනත්වය ගැන සතුටු විය හැකි අවස්ථාවන් ගණනාවක් ඇතත් මෙවැනි සිදුවීම් නිසා තවමත් එසේ නොවන අවස්ථාවන් ද ඇති බව පෙනේ.

ගෝඨාභය රාජපක්ෂ, වසන්ත කරන්නාගොඩ, ටිරාන් අලස් වැන්නවුන්ට මෙලෙස අත් අඩංගුවට නොගන්නා ලෙස නියෝගයන් දීමේ ගැටළුවක් නැත. එසේ නම් එවැනි අයිතිවාසිකම් සාමාන්‍ය ජනතාවටත්, මූලික අයිතිවාසිකම් පෙත්සම් නිසා අධිකරණයට යාමට හා අත් අඩංගුවට පත්වීමට සිදුවන්නන්ට ද මේ සහනය ලබා දිය යුතුය. සාක්ෂිකරුවන්ට, නීතිමය කටයුතුට සිදුවිය හැකි බාධා කිරීම් නිසා නඩු වලදී විත්තිකරුවන් රිමාන්ඞ් සිරගත කරන අතර, ගෝඨාභය රාජපක්ෂ, වසන්ත කරන්නාගොඩ, ටිරන් අලස්,  වැන්නවුන්ගෙන් එවැනි බලපෑමක් එල්ලනොවේ යැයි සිතිම උගහටය. එවැනි අවස්ථාවකදී, එවැනි බලයක් තිබූ, තවමත් සිවිල් බලයක් සහිත ඔවුන්ට නිදහසේ සැරිසරන්නට අවස්ථාවක් ලබා දීම ගැන නීතිය මේ අයුරින් කි‍්‍රයාත්මක වීම අවධානයට ලක් විය යුත්තකි. 

යහපාලන රජය යටතේ විශාල ප‍්‍රතිසංස්කරණයකට ලක්වූ අධිකරණ ක්ෂේත‍්‍රය තුළ තවමත් මෙවැනි රිංගා ගැනීමට හැකියවන් තිබෙන බව පෙනේ. සිරිසේන සෙවනැලි හා රාජපක්ෂ හෙවනැලි තවමත් විවිධ ආයතනයන් හී ඉඳහිට සැරිසරනු පෙනේ. නිතිපති දෙපාර්තමේන්තුවත්, අධිකරණයත් නීති සහනයන් තිබෙන්නේ ඒවා අපහරණයට ලක්වීමට ඉඩ සැලකීමට නොවේ. දැන් දැන් එසේ වන බව පෙනෙන නිසා එය වැලැක්වීමට අවශ්‍ය පියවර ගැනීම කාලයේ අවශ්‍යතාවයකි.


මාකඳුරේ මධූෂ්ගේ අයිතිවාසිකම්

දැනට ඩුබායි හී සිටින සමරසිංහ ආරච්චිගේ මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ් වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරමින් ඔහුව අත්අඩංගුවට නොගැනීමට නියෝගයක් ඉල්ලා සිටියි. මෙම පෙත්සම ඉදිරිපත් කර සිටින්නේ ඔහුගේ පුංචි අම්මා වන සූරියවැව හත්පෝරුව ප‍්‍රදේශයේ පදිංචි අබේසේකර විජේසේකර ශි‍්‍රයානි නැමැත්තියකි. ඇය විසින් ඉදිරිපත් කර ඇති පෙත්සමෙහි වග උත්තර කරුවන් ලෙස විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියොජ්‍ය පොලිස්පති ටී.එෆ්.ලතීෆ් ඇතුළු පස් දෙනෙකු නම් කර ඇත.

ශී‍්‍ර ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර උදර්පන නීතියක් නොමැති හෙයින් මාකඳුරේ මධූෂ් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී විශේෂ කාර්ය බළකාය හෝ රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බැවින් ඔහු අත්අඩංගුවට ගැනීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් මධූෂ්ගේ පුංචි අම්මා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නීය.



නීතිය සැමට සාධාරණව කි‍්‍රයාත්මක වන්නේ නම්, මේ අවස්ථාවේ දී නීතිපති දෙපාර්තමේන්තුව සහ ශ්‍රේෂ්ඨාධිකරණය කි‍්‍රයාත්මක වන අයුරු පිළිබඳ මධූෂ්ගේ පුංචි අම්මාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම තියුණු ලිට්මස් පරීක්ෂණයක් විය හැකිය.   








2019-03-15
Advertisement

Find us on Facebook