English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ජිනීවා යෝජනා ඉබි ගමනේ – සුලෝචනා රාජපක්ෂ


ඒක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිය මේ දිනවල සුවිට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත් වේ. මෙහි දී ශ්‍රී ලංකාව සම්බන්ධව මහකොමසාරිස්වරියගේ වාර්තාව ලබන 20 වනදා ඉදිරිපත් කිරීමට නියමිත අතර, මෙම සමුලුවට සහභාගී වීම සදහා රජය, සිංහල හා දමිල ජාතිවාදී අදහස් නියෝජනය කරනු ලබන පාර්ෂවයන් මෙන්ම විවිධ මානව හිමිකම් සංවිධානත් මේ වන විට ජිනීවා නුවර වෙත පැමිණ තිබේ.

2015 වර්ෂයේ පැවැති සැසියේ දී මානව හිමිකම් කවුන්සියල ඉදිරිපත් කරනු ලැබූ යෝජනා ක්‍රියාත්මක කිරීම සදහා ශ්‍රී ලංකා රජය සම අනුග්‍රහය දැක්වීම විශේෂත්වයක් වූ අතර, පසුගිය වර්ෂයන් හි දී ඒම යෝජනා ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය විමසා බැලුනු අතර, අනෙකුත් යෝජනා ක්‍රියාත්මක කිරීම සදහා මානව හිමිකම් කවුන්සිලය විසින් 2019 වර්ෂය තෙක් කල් ලබා දී තිබුනි.

විදුලි පුටු, යුධ අපරාධ පරීක්ෂණ, විදෙස් අතපෙවීම්, හයිබ්‍රිඩ් අධිකරණ වැනි මාතෘකා යටතේ පසුගිය කාලයේ මෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍ය තුල මෙම ජිනිවා සමුලුව සම්බන්ධව ඒතරම් උනුසුම් මාධ්‍යකරනයක් පෙනෙන්නට නොතිබුනත්, මේ සම්බන්ධ යම් උන්දුවක් දක්වන කිහිපදෙනෙකු විසින් ජීනීව හි දැන් සිදුවෙමින් පවතින්නේ කුමක්ද යන්න පිළිබදව අදහස් දක්වා තිබේ.

ජීනිවා හි පවතින තත්ත්වය පිළිබදව යම් අදහසක් ලබා ගැනීම සදහා සුලෝචනා රජපක්ෂ විසින් srilankabrief වෙබ් අඩවියේ පලකර තිබු ලිපියක් අයිතිය පාඨකයන් සදහා උපුටා ගන්නා ලද අතර, පහතින් දැක්වෙන් ඇයගේ ලිපියයි.   

ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව ඇති කරනු වස් 2015 වසරේ ජනවාරි 08 වනදා සිට මේ දක්වා ආණ්ඩුව ගෙන ඇති පියවර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ඇතුළු පිරිස සතුට පළ කර ඇත. මේ පිළිබඳ එවකට විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා කියා සිටියේ, සංහිඳියාව ඇති කිරීම සඳහා කරපු වැදගත් කාරණා පිළිබඳ ඉතාමත් ධනාත්මක ලෙස, බොහොම පැහැදීමෙන් කතා කළා. ඔවුන් කිව්වා ලෝකයේ බොහෝ රටවලට වඩා ශ්‍රී ලංකාව ඉදිරියෙන් කටයුතු කරන බව වැටහෙන්නට තිබෙන බව. ඔවුන් අපේ දේශපාලන යථාර්ථයත් තේරුම් අර ගෙන තිබෙනවායන්නයි.

ජිනීවා මානව හිමිකම් කොමිසම තුළින් ඉදිරිපත් වූ සහ ශ්‍රී ලංකාවේ සම අනුග්‍රහයෙන් ඉදිරිපත් කෙරුණු එම නිර්දේශ ඇතුළත් 30/1 යෝජනාව 2015 මාර්තු මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී සම්මත කෙරුණි. මෙම යෝජනා තුළ ලංකාවෙන් ඉදිරිපත් කරන ලද යෝජනා බොහොමයක් විය. ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන භාගයේ සිදු වූ බව පැවසෙන බරපතල මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් වගවීම ක්‍රියාත්මක කිරීම, අතුරුදන් වූවන් සම්බන්ධයෙන් පියවර ගැනීම සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම ඇතුළු කරුණු ගණනාවක් ඇතුළත් එක්සත් ජාතීන්ගේ යෝජනාව ක්‍රියාත්මක කිරීම පිණිස ශ්‍රී ලංකාව පොරොන්දු වූ අතර 2017 ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට තවත් වසර දෙකක් කල් ලබා ගන්නා ලදී.

මෙම යෝජනා ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමේදී ඉබි ගමනක බව ඇතැමුන් පවසන්නේ චෝදනා මුඛයෙනි. මෙවරත් එනම් 2019 වර්ෂයේ මාර්තු මස පැවැත් වීමට නියමිත 40 වන ජිනීවා මානව හිමිකම් සැසියේදී කාල දිගුවක් ඉල්ලනු ඇතැයි බොහෝ දෙනා උපහාසාත්මකව ප්‍රකාශ කරයි. තවත් සමහරෙක් අවුරුදු සතරක් ගෙවී ගොස් ඇතත්, 36 ක් වූ නිර්දේශ වලින් 4 ක් පමණක් ක්‍රියාත්මක වූ බව ඉතා ඉහළින් හුවා දක්වයි. මෙහි සැබෑ තත්වය විමසා බැලිය යුතුයි. උතුරු නැගෙනහිර සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී මෛත්‍රී රනිල් පාලනය මන්දගාමී යැයි දෙමළ ජාතික සන්ධානය මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වරයාට ජිනීවා නුවරදී දැනුම් දී තිබේ. තව දුරටත්, එක්සත් ජනපද කොන්ග්‍රස් සභිකයන් විසින් කැඳවන ලද සභාවකදී සුමන්දිරන් මන්ත්‍රීවරයා පවසා තිබුනේ, ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ඔවුන් ‘ඉවසීමේ සීමාවට’ පැමිණ සිටින බවයි

ප්‍රතිකාර දීමට ප්‍රථම වෙදැදුරන් අසනීපයේ ඉතිහාසය සහ වටපිටාව හඳුනා ගන්නාක් මෙන්, ප්‍රතිකාර කෙරීමට නම් ඕනෑම ප්‍රශ්නයකට මූල බීජය සහ එහි ස්වභාවය වටහා ගැනීම අත්‍යවශ්‍ය වේ. අසනීපයක් තිබූ කාලය වැඩි නම්, එයට ප්‍රතිකාර ලබාදීමට ද කල් ගත වනු ඇත. “ඉක්මනින් ගේනවා නම් හොඳ කරන්න තිබ්බා, දැන් ටිකක් කල් යයි” යයි වෙදුන් පවසන්නේ මේ නිසාවෙනි.

2009 මයි18 වනදින අවසන් වූ යුද්ධයෙන් අවුරුදු 6 කින් පසු ශ්‍රී ලාංකීය රජය ජිනීවා යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමට 30 වන ජිනීවා මානව හිම්කම් සමුළුවේදී සම අනුග්‍රහය දැක්විය. 30 අවුරුදු කාලයක් පැවති යුද්ධය සහ සංහිඳියා ක්‍රියාදාමය ක්‍රියාත්මක කිරීමට ගත කාලයද ඇතුළුව 36 අවුරුදු කාලයක් තුළ පැවති ගැටළු එක රැයකින් අවසන් කල නොහැක. සියල්ලන්ටම ප්‍රතිඵල කඩිනමින් දැකගත යුතුව ඇත. නමුත් මේ සඳහා ඇති දුෂ්කරතා පිළිබඳ මනා අවබෝධයක් නොපවතී.

ඉබි ගමන! ඇයි ?

අවුරුදු 36 කට අධික කාලයක් රටම වෙලාගෙන පැවතී ජවර්ගික අර්බුධ තුල, වෛරයෙන් පිළිණු වූ සිත් අවුරුදු සතරකින් සාමය සහ සංහිඳියාව පිළිබඳ අවබෝධය කරවීම කෙතරම් දුරට ප්‍රයෝගික දැයි අප සිතා බැලිය යුතුය. පැවති සහ පවතින වාතාවරණය තුළ සංහිඳියාව මාර්කට් කිරීම අසීරු කාර්යකි. නමුත් මෙම අවුරුදු සතර තුළ රජය මගින් ක්‍රියාත්මක වී ඇති ආකාරය සම්පිණ්ඩනය කිරීමේදී පෙනෙන්නට ඇත්තේ රජය ගත් අසීරු වැයමේ මල් ඵල දරා ඇති බවයි. සංක්‍රාන්තික යුක්තිය ක්‍රියාත්මක වූ අනෙකුත් රටවල් ඒ සඳහා ගත කළ කාලයට සාපේක්ෂව ලංකාව ඉබි ගමනක නොවන බව වැටහී යයි. මෙය කරන ලද දෑ එකින් එක ලකුණු කිරීමට එහා ගිය ගැඹුරු ක්‍රියාවලියකි.

2018 ඔක්තෝම්බර් මස ජිනීවා යෝජනා රට තුළ ක්‍රියාත්මක කිරීම සඳහා සහය දුන් අග්‍රාමාත්‍ය වරයා ධූරයෙන් පහ කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් සිදුවූ ව්‍යවස්ථා කුමන්ත්‍රණය සමස්ථ ශ්‍රී ලංකාව තුළ විශාල ලෙස බලපෑම් එල්ල කරන ලදී. සියලු අංශ වල ක්‍රියා කාරකම් ඇණ සිටින ලදී. එවන් වාතාවරණයක් තුළ මෙම ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීම ඇන සිටින ලදී. සිදු වූ දේශපාලන කුමන්ත්‍රණය තුළ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන සියලු සමාජ ප්‍රවාහයන් සමාජය තුළ නැවත ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම උදෙසා අද්විතීය උත්සාහයක නියැලීමෙන් අවසානයේ ශ්‍රී ලාංකිකයන් හට නැවත ප්‍රජාතාන්ත්‍රික පාලනයකට උරුමකම් කීමට හැකි විය.

මෙම ක්‍රියාවලිය තුළ ගමන් කිරීමේදී ඇති වූ බාධක සහ ප්‍රයෝගික ගැටළු මත සැලකිය යුතු වර්ධනයක් හා සාර්ථකත්වයක් ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීම තුළ ශ්‍රී ලංකා රජය සනිටුහන් කර ඇත.

ගමන් මග

  • සංහිඳියා යාන්ත්‍රණ උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය

අගමැති රනිල් වික්‍රමසිංහ විසින් පත්කරන ලද ‘සංහිඳියා යාන්ත්‍රණ උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ’ වාර්තාවත් 2017 ජනවාරි 3 වන දින එළි දැක්විණ. මෙමඟින් දිවයින පුරා රටවැසියන් 7306 කගේ අදහස් යෝජනා සැලකිල්ලට ලක්විය. ගැටුම් තුලින් ලංකාව තුල මතුව ඇති තත්වය පිළිබඳ මනා අවබෝධයක් මෙම සවිස්තරාත්මක වාර්තාව තුළින් නිරාවරණය විය. අතුරු වාර්තා දෙකක් නිකුත් කරමින් සංහිඳියා යාන්ත්‍රණ උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ ඇති දැඩි අවශ්‍යතාව අවධාරණය කර සිටියේ යුද්ධයෙන් අතුරුදහන් වූ පුද්ගලයන් ගේ ප්‍රශ්නය ඉතා උග්‍ර බැවිණි.

  • අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය

2016 මැයි 22, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාල පනත හඳුන්වා දීමත් සමඟ 2017 පෙබරවාරි 27 වන දින මෙම කාර්යාලය සත් දෙනෙකුගෙන් සැදුම් ලත් කොමිසමකින් යුතුව ස්ථාපිත විය. එමෙන්ම 2018 සැප්තැම්බර් 5 වන දින, අතුරුදහන් තැනැත්තන් පිලිබඳ කාර්යාලය (OMP) විසින්, නිර්දේශ මාලාවකින් යුක්ත වූ අතුරු වාර්තාව ජනාධිපතිතුමන් සහ අගමැතිතුමන් වෙත පිරිනමන ලදී. 2018, පෙබරවාරි මස සිට සය මසක් ගත වූ තැන මෙම කාර්යාලය ලබා ඇති ප්‍රගතිය, ඔවුන්ගේ අදහස් යෝජනා මෙම අතුරු වාර්තාව තුලින් ප්‍රකාශවිය.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත (PTA) සඳහා යෝජනා ලබාදීම සහ ණය සහන වැඩසටහන් හඳුන්වාදීම මෙම යෝජනා අතර කැපී පෙනේ. මෙම කාලය තුළ අතුරුදහන් තැනැත්තන් පිලිබඳ කාර්යාලය දිවයින පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් සහ වින්දිතයන් හමුවීමේ වැඩසටහන් රාශියක් පවත්වා ඇති අතර ඔවුන් ප්‍රාදේශීය කාර්යාල 12 රට පුරා පිහිටවීමට නියමිත අතර ඉන් හයක් උතුරු නැගෙනහිරද සතරක් දිවයිනේ අනෙකුත් ප්‍රදේශයන් හීද පැවැත්වීමට නියමිතය. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාල රට පුරා ජීවත් වන අතුරුදන්වීම් නිසා විපතට පත් සියලු ජනකොටස්, ජනවර්ග, ආගම් හෝ කලාපීය වශයෙන් කිසිඳු භේදයකින් තොරව සේවය ලබාදීමට බැඳී සිටී. මෙහිදී ප්‍රධාන කාරණා 4 පිළිබඳ මෙම කාර්යාලය මූලිකවම අවධානය යොමු කරයි. ඒ අතුරුදන් වූ තැනැත්තන් සෙවීම, අතුරුදන්වු තැනැත්තන් සහ ඔවුන්ගේ ඥාතීන්ගේ අයිතිවාසිකම් හා බැඳියාවන් ආරක්ෂා කිරීම, අතුරුදන් වු තැනැත්තන් හෝ ඔවුන්ගේ ඥාතීන්ට ලබාදිය හැකි සහන හඳුනාගැනීමට අවශ්‍ය පියවර ගැනීම, පුද්ගලයින් අතුරුදන්වීමේ සිද්ධීන් නැවත ඇති නොවීම සඳහා බලධාරීන්ට නිර්දේශ ඉදිරිපත් කිරීම වශයෙන් වේ. 2019 මාර්තු 2වන දින පළමු අතුරුදහන් වූ තැනැත්තන්ගේ ප්‍රාදේශීය කාර්යාලය මාතරදී පිහිටවූ අතර 2019 මාර්තු 22 වන දින දෙවන ප්‍රාදේශීය කාර්යාලය මන්නාරම දී ආරම්භ කිරීමට නියමිතය.

  • හානිපූරණ කාර්යාලය

සාමූහික හෝ තනි පුද්ගල වශයෙන් ලබාදෙන හානිපූරණය දීර්ඝ කාලීන යුද්ධයකින් සහ වරින් වර ඇති වූ බහුවිධ ගැටුම් වලින් අසරණ වූ වින්දිතයන් සිටින රටක මූලික අවශ්‍යතාවක් වේ. මෙහිදී වන්දි ලබාදීමෙන් ඔබ්බට ගොස් වින්දිතයන් හා පීඩාවට පත් වූවන්ගේ ජීවිත යලි ගොඩනගා ගැනීම උදෙසා විශාල දායකත්වයක් මෙම කාර්යාලය මඟින් ලබාදිය හැක. එපමණක් නොව නැවත මෙවන් ගැටුම් වලට පුද්ගලයන් යොමු නොවීමට මෙය මහත් රුකුලක් වනු ඇත.

2018 ඔක්තෝබර් 09 වන දින හානිපූරණ කාර්යාල පනත පාර්ලිමේන්තුවෙහි සම්මත වීම ගැටුම් වලින් පීඩාවට පත්වුවන් ලද තවත් ජයග්‍රහණයකි. පුනරුත්ථාපනය සහ ඉඩම් නැවත ලබා දීම හා පදිංචි කරවීම යනාදිය මේ යටතේ ගැනුණු වැදගත් පියවර වේ. හිටපු ජනාධිපති තුමන් වන මහින්ද රාජපක්ෂ මහතාද හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් පුනුරුත්ථාපනය කරමින් හානිපූරණය සඳහා දායකත්වය දක්වා ඇත. පවතින රාජ්‍ය යටතේ හානිපූරණයට සම්බන්ධව විශාල වැඩකටයුතු දියත් වේ.

2019 ජනවාරි 17 වන දිනට අවසන් දින නියම වූ කොමිසන් වරුන් සඳහා රැකියා දැන්වීම් පළවූ අතර හානිපූරණ කාර්යාලය ජනතාව හමුවට ගෙන ඒමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.2015 පසු ඉඩම් නිදහස් කිරීමෙහි විශාල ප්‍රගතියක් දක්නට ලැබුණු අතර දැනට නිදහස් කිරීමට ඇති ඉඩම් ප්‍රමාණය 24%කි. සාම්පූර් ඇතුළු කතා බහට ලක්වූ ඉඩම් ගැටළු රාශියක් මේ වන විට පවතින රජය යටතේ නිරාකරණයවී ඇත.

  • සත්‍ය සෙවීමේ කොමිසම

සන්නද්ධ ගැටුම් සහ යුධමය පසුබිම් තුළ නිවැරදි තොරතුරු යටපත් වීම සහ සාවද්‍ය තොරතුරු පැතිර යාම ස්වභාවයි. එවන් තත්වයක් තතුළ සත්‍ය සෙවීමේ කොමිසම වින්දිත්යන්ගේ හා සියළු රට වැසියන්ගේ අයිතිවාසිකමකි. තම දෙමව්පියන් හට කුමක් වුනිද සහ තම දරුවන්ට කුමක් වුණි දැයි නොදැන අසරණ වූ පිරිස් බොහොමයකි. නැවත විශ්වාසයෙන් ජීවත්වීමට හැකි වීමට නම් සත්‍ය දැන සිටිය යුතුය.

සත්‍ය සඳහා වන කොමිසමේ ක්‍රියාකාරීත්වය අධ්‍යනය කොට අවබෝධ කරගැනීම සඳහා 2016 ශ්‍රී ලංකාවෙන් දකුණු අප්‍රිකාවට කණ්ඩායමක් යවන ලදී. නුදුරු අනාගතයේදීම සත්‍ය සෙවීම සඳහා වන කොමිසමේ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත්, කෙටුම්පත සකසා අවසන් බවත් අමත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කර ඇත.

මිට අමතරව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත (PTA) වෙනුවට ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇත.

මේ සියලු ක්‍රියාමාර්ගයන් විමසීමේදී ශ්‍රී ලංකාව තුළ ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීමේදී ඉතා අභියෝගාත්මක දේශපාලනික සහ සමාජීය වාතාවරණයක් තුළ යහපාලන රජය ඉතා කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කර ඇත. මෙම ක්‍රියාමාර්ගයන් තව දුරටත් ක්‍රියාත්මක කිරීම උදෙසා 2021 වන තෙක් කාල දිගුවක් 40 වන ජිනීවා මානව හිමිකම් සමුළුවේ දී ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා ආණ්ඩුව බලාපොරොත්තු පළකරයි.

සුලෝචනා රාජපක්ෂ




2019-03-14
Advertisement

Find us on Facebook