English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මාකෝස් වගේ මහින්දත් ඡන්ද තිබ්බා. ඒත් ප්‍රජාතන්ත්‍රවාදය තිබ්බේ නෑ. - පූජ්‍ය දඹර අමිල හිමි


...මහින්ද කියනවා මම තරම් මැතිවරණ දුන්නේ නැහැ කිසි කෙනෙක්, ඒ නිසා මගේ පාලන කාලයේ තමයි වඩාත් ප්‍රජාතන්ත්‍රික පාලනයක් තිබුනේ කියලා. ඒ මොකද මැතිවරණ වලින් ගණන් හදනවා සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී, විශිෂ්ඨ, මානව හිමිකම්, මහජනයාගේ අයිතිවාසිකම් දුන්නු එකක්ය කියලා. පිලිපීනයේ හිටපු මාකෝසුත් එහෙම තමයි. හැබැයි ඒකාධිපතිභාවයෙන් වගේම අභ්‍යයන්තර කැරළිවලින් තමයි කෙළවර වුනේ.”

පූජ්‍ය දඹර අමිල හිමියන් මේ අදහස් ප්‍රකාශ කරන ලද්දේ “මීළග මැතිවරණයේ දී කළ යුත්තේ කුමක්ද? ” යන මැයෙන් මාතර නූපේ සණස උත්සව ශාලවේදී  මාර්තු මස 02 වෙනි දින පැවැත්වුනු සම්මන්ත්‍රණයකදීය. මාතර සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකතුව සහ සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව විසින් මෙම සම්මන්ත්‍රණය සංවිධාන කර තිබිණි. මේ සඳහා පූජ්‍ය දඹර අමිල හිමිට සමග අමාත්‍ය බුද්ධික පතිරණ, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, මහාචාර්ය එච්.ඩබ්ලිව් සිරිල්, සමන් රත්නප්‍රිය, පිලිප් දිසානායක, සුජීව අක්කරවත්ත යන කතිකයන් සහභාගි විය.

එහිදී වැඩිදුටත් අදහස් දැක්වූ පූජ්‍ය දඹර අමිල හිමියන්,

මීළග මැතිවරණය කියන කොට අපිට තීරණයක් ගන්න වෙනවා ඒ මැතිවරණය කුමක්ද කියන එක. ඊට පස්සේ තමයි ඒකෙදී කරන්නේ මොකක්ද කියලා කල්පනා කරන්න ඕන.    දැන් ඒ ගැන සංවාදයක් යනවා. ඒක ඔබ දන්නවා. ඔක්තෝම්බර් මාසේ 26 වෙනිදා කුමන්ත්‍රණය තුළ, යට තිබුණේ මහා මැතිවරණයක් ඕනයි කියන අදහස. ඒගොල්ලෝ ඔක්තෝම්බර් මාසෙදි කිව්වේ මහා මැතිවරණයක් ආවම තමයි සියලු ප්‍රශ්නවලට උත්තර ලැබෙන්නේ කියලා. ශ්‍රී ලංකාවේ ඇති වෙලා තිබෙන දේශපාලන, ජාත්‍යයන්තර, සමාජ, ආර්ථික, රට ඇතුලේ තියෙන හැම හත්ඉල්ලව්කටම උත්තර තමයි මහා මැතිවරණයකට ගිහිල්ලා මහජනයට තමන්ගේ ආණ්ඩුවක් පත් කරගැනීමට අවස්ථාව සලසා දීමයි කියලා තමයි කියන අදහස තමයි ඔවුන්ට 2018 ඔක්තෝම්බර් මාසේ තිබුණේ.

බැලූ බැල්මට ෂොක්. හරිම ප්‍රජාතන්ත්‍රවාදී යෝජනාවක්. මහජනයා විසින් ආණ්ඩුව කරන තියෙන දේවල් ගැන තක්සේරුවකට යන එක හොඳ එකක් වගේනේ පේන්නේ. සමහර පාලකයෝ ඉඳලා තියෙනවා ජාත්‍යයන්තරයේ. අපේ මහින්ද රාජපක්ෂත් එහෙම තමයි. මැතිවරණ දුන්නා. එහෙමනේ කියන්නේ. මගේ කාලය තුළ මැතිවරණ දුන්නා. ඇති වෙන්න දුන්නා. එයා කියනවා මම තරම් මැතිවරණ දුන්නේ නැහැ කිසි කෙනෙක්.ඒ නිසා මගේ පාලන කාලයේ තමයි වඩාත් ප්‍රජාතන්ත්‍රික පාලනයක් තිබුනේ කියලා. ඒ මොකද මැතිවරණ වලින් ගණන් හදනවා සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී, විශිෂ්ඨ, මානව හිමිකම්, මහජනයාගේ අයිතිවාසිකම් දුන්නු එකක්ය කියලා. පිලිපීනයේ හිටපු මාකෝසුත් එහෙම තමයි. හැබැයි ඒකාධිපතිභාවයෙන් තමයි කෙළවර වුනේ. ඒ වගේම අභ්‍යයන්තර කැරළිවලින් තමයි කෙළවර වුනේ."





2019-03-08
Advertisement

Find us on Facebook