English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


කන්තලේ සීනි කම්හලෙන් ඇසුණු තිත්ත කතාවක්!


"අයිතිය"  කන්තලේ සිදු කරන ලද සංචාරයක දී සිවිල් ක්‍රියාකාරීන් සමග සාකච්ඡා වට දෙකක් පැවැත්වූවා. මේ සාකච්ඡා වට දෙකෙන්ම ඔවුන් පුන පුනා කියා සිටියේ කන්තලේ සීනි කර්මාන්ත ශාලාව පරිහානියට පත් වීම නිසා, විනාශ වීම නිසා පලාතට සිදුවී ඇති හානියයි. ඔවුන් සමග කුමන අයුරින් සාකච්ඡා කළත් නැවත නැවතත් ඔවුන් මතු කලේ එම අදහසයි. මේ නිසා පිරිස කන්තලේ ප්‍රදේශයේ සිවිල් සමාජ සමග කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ඇති ප්‍රදේශයේ සංචාරය කරන්නට තීරණය කලා.

අබලන් වූ මාර්ගයක් මැදින් ගමන් ඇරඹූ අපට මුල සිටම සිදුව ඇති හානිය පෙනෙන්නට වුනා. ඒ යන අතරතුර හානියේ සේයාවන් පෙනෙන්නට වුනා. අප මුලින්ම ගිය ප්‍රධාන දොරටුව ඉදිරිපිට සිටි ආරක්ෂාව සඳහා සිටි සේවකයන් පිරිස එක්ව අපට කර්මාන්ත ශාලාව සම්බන්ධව අදහස් දක්වනට වුනා. 1993 සිට පත්වූ සියළුම පාලකයන්ට තමන් කර්මාන්ත ශාලාවේ තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කළ ද, කිසිවෙක් මේවන තෙක් මේ සම්බන්ධව කිසිඳු පියරවක් ගැනීමට අසමත්ව ඇති බව ඔවුන්ගේ අදහස් දැක්වීමෙන් අපහට අවබෝධ වුනා. ඔවුන් පැවසූ පරිදි මේ වන විට ඔවුන්ට මාස 06 ක පමණ වැටුප් ගෙවා නෑත. එමෙන්ම මෙම කර්මාන්ත ශාලාව සතු සම්පත් දිනෙන් දින දිරාපත් වෙමින් ද, සොරුන් විසින් පැහැරගෙන යමින් ද තිබෙන බව පැවසූහ.

විනාශ වෙමින්,  භාවිතයට ගත නොහැකි අයුරින් තැන තැන තිබෙන වාහන,ට්‍රැක්ටර්, උක් දඩු ප්‍රවාහනය කරන ලද විශේෂිත වාහන, දැකීම වේදනාවක් වුනා. එමෙන්ම අතහැර දමා තිබෙන විශාල ගොඩනැගිලි , අංග සම්පූර්ණ සීනි කර්මාන්ත ශාලා පර්යන්තය ජාතික අපරාධයක් බව අපට වැටහුනා.





2019-03-03
Advertisement

Find us on Facebook