English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


බි‍්‍රටෝ ප‍්‍රනාන්දුට සහ සුදර්ශණ ගුණවර්ධනට සමුළුව තහනම්

ඕස්ටෙ‍්‍රිලියාවේ සිඞ්නි විශ්වවිද්‍යාලය මගින් සංවිධානය කරමින් බැංකොක් නුවර දී පැවැත්වීමට සැලැසුම්කර තිබෙන ආසියා ශාන්තිකර කලාපයේ ආරක්‍ෂාව සහ මානව හිමිකම් නංවාලීමේ ජාත්‍යන්තර සමුළුවට සහභාගිවීමේ වරමට රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහතාට සහ රයිට්ස් නව් මානව හිමිකම් ආයතනයේ විධායක අධ්‍යක්‍ෂක සුදර්ශන ගුණවර්ධන මහතාට තහනමක් පනවා ඇතැයි බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහතා අයිතියට ප‍්‍රකාශ කළේය.

ආසියා ශාන්තිකර කලාපයේ ආරක්‍ෂාව සහ මානව හිමිකම් නංවාලීමේ ජාත්‍යන්තර සමුළුවෙන් තමන් හා සුදර්ශන ගුණවර්ධන ඇතුළු ශ‍්‍රි ලාංකීක පිරිසක් ඉවත්කිරිමට මෙම සමුළුවේ සංවිධායකයින් හට බලපෑම් එල්ලකර ඇත්තේ ආරක්‍ෂක අමාත්‍යංශය බවයි බි‍්‍රටෝ ප‍්‍රනාන්දු ප‍්‍රකාශ කළේ.

මෙම සමුළුව හෙට, එනම් සැප්තැම්බර් 15 වෙනිදා සිට 17 දක්වා බැංකොක් නුවරදී පැවැත්වෙයි. 

වදහිංසා සිදුකරන බවට ශ‍්‍රි ලංකාවේ ආරක්‍ෂක අංශවලට එල්ලවන චෝදනා පිළිබඳ සාකච්ඡ කිරීමටවත් විවෘත මනසක් ඔවුනට නැතැයි ඔහු කිවේය.

ශ‍්‍රි ලංකාවේ ස්වෙච්ඡ සංවිධාන කිහිපයක් නම්කරමින් ඔවුන් ඊට සහභාගිවන්නේ නම් ඔවුන් මෙම සමුළුව වර්ජනයකරන බව දන්වමින් ආරක්‍ෂක අමාත්‍යංශය සමුළුවේ අධ්‍යක්‍ෂකවරයාට ලිිපියක් යවා ඇතැයි ද බි‍්‍රටෝ ප‍්‍රනාන්දු පැවසීය.

රයිට් ටු ලයිෆ් සහ රයිට්ස් නව් යන මානව හිමිකම් සංවිධාන දෙක ඇතුළු තවත් ස්වෙච්ඡුා සංවිධාන කිහිපයකට ආරක්‍ෂක අමාත්‍යංශය පැනවු මෙම තහංචියට විරෝධය පාමින් තවත් ස්වෙච්ඡ සංවිධාන කිහිපයක් විසින් සමුළුව වර්ජනය කරන බව ද පැවසු බි‍්‍රටෝ ප‍්‍රනාන්දු, ශ‍්‍රි ලංකාවේ ආරක්‍ෂක අංශය මෙම සමුළුව වර්ජනය කළහොත් සමුළුවේ අරමුණ ඉටුනොවන හෙයින් ඔවුන් නම්කර ඇති සංවිධාන සමුළුවට සහභාගිවීම අත්හිටුවීමට කටයුතු කිරිමට සිදුවීම ගැන කණගාටුව ප‍්‍රකාශකරමින් සමුළුවේ අධ්‍යක්‍ෂකවරයා ලිපියක් එවා ඇතැයි ද වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

-MMP





2014-09-14
Advertisement

Find us on Facebook