English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“විධායකය ගැන සියළු සැකයන් දින 52න් පස්සේ ඔප්පු උනා” - ආචාර්ය නීතිඥ ජයම්පතී වික්‍රමරත්න


විධායක ජනාධිපති ක්‍රමය ගැන අද එන්.එම් පෙරේරා කියපු දේවල් අද ඔක්කෝම සත්‍ය වෙලා. කාට හරි සැකයක් තිබුනා නම් විධායක ජනාධිපති ක්‍රමයේ නරක පැත්ත ගැන, ඒ සියල්ලම ඔප්පු වුනා පසුගිය දවස් 52 දී. අද කවුරු හරි කියනවා නම් විධායක ජනාධිපති ක්‍රමය තියාගන්න ඕනා කියලා, මට හිතෙන විදියට ඔහු මේ රටේ නියම තත්ත්වය දන්නේ නෑ, නැත්නම් තමන්ගේ පුද්ගලික අභිමතාර්ථයක් ඉටු කරගැනීමට කටයුතු කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජේෂ්ඨ නීතිඥ ජයම්පතී වික්‍රමරත්න මේ අදහස් පැවසුවේ 2019 පෙබරවාරි 08 වෙනි දින ලක්ෂමන් කදිරගාමර් ජාත්‍යයන්තර අධ්‍යයන ආයතනයේ දී පැවැත්වුනු ”අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එරෙහි අසත්‍ය ප්‍රචාරවලට පිළිතුරු” යන මැයෙන් වූ සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයක දෙසුමක් පවත්වමිණි. මේ සඳහා කතිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමිල මහාචාර්ය සරත් විජේසූරිය, ජේෂ්ඨ නීතිඥ ජේ.සී. වැලිඅමුණ, සමන් රත්නප්‍රිය අතුළු පිරිසක් දෙසුම් පැවැත්වූහ.

සමහරු ඉන්නවා බොහෝම අවංකව කියනවා, විධායක ජනාධිපති ක්‍රමය තියාගන්නම ඕනා කියලා. ඒ අන්තවාදී කොටස් ඔවුන් හිතනවා, සිංහල බෞද්ධ ජනකොට්ඨාශයට තමයි මේ රාජ්‍යය අයිතියි කියලා. ඒ ආධිපත්‍යය තියාගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි විධායක ජනාධිපති ක්‍රමය. අපි කැමති වුනත් නැතත්, මේක බහුවාර්ගික සමාජයක්. මගේ මතය අනුව අපි ජීවත් වෙන්නේ බහුවාර්ගික සමාජයක, තීරණ ගත යුත්තේ සාමූහිකව. සාමූහිකව තීරණ ගන්නා ක්‍රමය තමයි පාර්ලිමේන්තු ක්‍රමය. පාර්ලිමේන්තු ක්‍රමයේ මොනව වැරදි තිබුණත්, ඒ ක්‍රමය අනෙක් සියලු පාලන ක්‍රම වලට වඩා හොඳයි.





2019-02-11
Advertisement

Find us on Facebook