English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මරණ දඬුවමට එකඟ නොවන්නේ මුලධර්මයන් මත ඉඳගෙනයි - ගාමිණී වියන්ගොඩ


අපේ රටේ මුල් පුරවැසියා වන ජනාධිපතිවරයා දිගින් දිගටම විවිධ ආයතන, විවිධ පුද්ගලයන් ප්‍රසිද්ධියේ විවේචනය කරනු ලබයි. එහි උපරිම අවස්ථා වන්නේ පාර්ලිමේන්තුවේ දී නීත්‍යානුකූලව පත්වුනු ව්‍යවස්ථාදායක සභාවත්, මානව හිමිකම් කොමිෂන් සභාවත් 2019 පෙබරවාරි මස 06 වෙනි දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශක් කරමින් දැඩි ලෙස විවේචනය කිරීමයි.

මේ තත්ත්වය දැඩි අප්‍රසන්න හා අසාධාරණ තත්ත්වයක් නිසා අයිතිය ඒ ගැන විමසීමට ප්‍රවීන ලේඛක, සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ සමාජික හා පුරවැසි බලයේ සම කැඳවුම්කරුවෙකු ගාමිණී වියන්ගොඩ ගෙන් අදහස් විමසා සිටියා. මේ ඔහු දැක්වූ අදහස් වල සංක්ෂිප්තයක්. 

“ දැන් පහුගිය දවස්වල ඔහු චෝදනා කලා අපේ මානව හිමිකම් කොමිෂන් සභාව තමයි මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුන්ව ආරක්ෂා කරන්නේ සහ ඒ වෙනුවෙන් පෙනී හිටින්නේ කියලා. මේක මුළු ලෝකයම දැක්කේ ඉතාමත්ම අමන කතාවක් විදියට. රටක මානව හිමිකම් කොමිෂමක් තියෙන්නේ, මානව හිමිකම් ප්‍රඥප්පතීන් මත පදනම්ව, සියළු මිනිස්සුන්ගේ දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කරදීම කියන උඩයි. ඒ අනුව තමයි, ඒ අනුව තමයි රටේ තියෙන මානව හිමිකම් සංවිධාන කටයුතු කරන්නේ. ඒකෙදි පදනම් වෙන ප්‍රධාන කාරණය තමයි සෑම මනුෂ්‍යයෙකුටම ජීවිතය පිළිබඳව අයිතියක් තියෙනවා, ඒ අයිතිය පැහැර ගැනීමට ලෝකයේ මේ දක්වා ස්ථාපිත වෙලා තියෙන කිසිම ආයතනයකට අයිතියක් නැහැයි කියන එක. මෙන්න මේ මූල ධර්මය උඩ ඉඳගෙන තමයි මානව හිමිකම් කොමිෂන් සභාව මරණීය දණ්ඩනයට එකඟ නොවෙන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මානව හිමිකම් කොමිෂන් සභාව මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අනුබල දෙනවා කියලා. ඒකෙන් අදහස් වෙන්නේ මරණීය දණ්ඩනයට වැඩිය සාර්ථක සහ කාර්යක්ෂම වෙනත් විධි ක්‍රම අපි සොයාගත යුතු බවයි මේ කියන ජාවාරම් මර්ධනය කිරීම සඳහා.

අද දියුණු ලෝකයේ රටවල් එවැනි ක්‍රම අනුගමනය කරනවා. අපේ මානව හිමිකම් කොමිෂන් සභාව කියන්නෙත් අන්න ඒ වගේ කාරණා. ව්‍යවස්ථා සභාවෙන් තමයි ප්‍රධාන තනතුරු සම්බන්ධයෙන් කටයුතු කරන්නේ. ඒ කියන්නේ දේශපාලඥයාට අනවශ්‍ය විදියට එවැනි ඉහළ තනතරු කෙරෙහි ඇඟිලි ගැසීමට ඉඩ නොතබන පෙරනයක් විදියට තමයි මේ ව්‍යවස්ථා සභාව කියන එක පත් කරලා තියෙන්නේ. හැම කෙනෙක්ගෙම නියෝජනය මේකේ තියෙනවා. එතකොට ජනාධිපතිතුමා දැන් කියන මේ චෝදනාව මොකක්ද මේ ව්‍යවස්ථා සභාවට තමන් යෝජනා කර යවපු නම් දොළහක් ප්‍රතික්ෂේප කරලා. මේක බරපතල ප්‍රශ්නයක් කියලා තමයි ජනාධිපතිතුමා කියන්නේ. නමුත් ඇත්ත තත්ත්වය තමයි අපේ ශ්‍රේෂ්ඨාධිකරණය යම් කිසි පුරප්පාඩුවක් ඇති වෙච්ච වෙලාවට ජනාධිපතිවරයා යෝජනා කරලා එනවා එක නමක් හෝ නම් කිහිපයක්. දැන් පුරප්පුපාඩුව තියෙන්නේ එකක් නම්, ජනාධිපතිතුමා නම් තුනක් එවනවා නම් අනිවාර්යයෙන්ම ව්‍යවස්ථා සභාවට සිද්ධ වෙනවා, එකක් බාර අරගෙන, දෙකක් ප්‍රතික්ෂේප කරන්න. හැම වෙලාවෙම ප්‍රතික්ෂේප වෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ එකතුව තමයි මේ ජනාධිපතිවරයා රට රවට්ටන්නට දොළහක හෝ පහළොවක ගාණක් කියලා මෙච්චර ගාණක් ප්‍රත්ක්ෂෙප වෙලා තියෙනවා කියලා කියන්නේ.”

වීඩියෝව පහතින්...





2019-02-09
Advertisement

Find us on Facebook