English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අභූත චෝදනාවන්ට මානව හිමිකම් කොමිෂමෙන් තියුණු පිළිතුරක් !


ජනාධිපතිට කිසිඳු නීතියක් ගැන, තමන් නියෝජනය කරන ජනතාව , තමාගේ රාජ්‍ය තාන්ති‍්‍රකභාවය ගැන  හෝ ආයතනයක් ගැන අවබෝධයක් නැති බව ඔහු විසින් නිතර නිතර සිදු කරන ප‍්‍රකාශයන් ගැන සලකා බැලීමේ දී පෙනේ. ඔහු විසින් ඔක්තෝම්බර් 26 වෙනි දින සිට සිදු කරන ලද ව්‍යවස්ථා විරෝධී කි‍්‍රයාවන් දෙස ලැබීමේ දී පෙනී යයි.

එමෙන්ම ජනාධිපති සිරිසේන විසින් 19 වෙනි සංශෝධනයේ කි‍්‍රයාවන් ලඝු කර දැක්වීමේ මෙහෙයුමක් සහ ජනතාව ඉදිරියේ එය අප‍්‍රසාදයට පත් වන අයුරින් සිදු කරන බව ද පෙනේ. පසුගිය කාලයේ ව්‍යවස්ථා දායක සභාව අපහසුතාවයට පත් වන අන්දමේ කි‍්‍රයාවන් හා ප‍්‍රකාශයන් සිදු කළ ජනාධිපතිවරයා පසුගිය පෙබරවාරි 06 වෙනි දින පාර්ලිමේන්තුවේ දී ව්‍යවස්ථාදායක සභාවත්, මානව හිමිකම් සභාවත් දැඩි ලෙස විවේචනය කළේය. දෙසැම්බර් මස 13 වෙනි දින ලද අධිකරණ තීන්දුව පසුපස 19 වෙනි සංශෝධනය තිබෙන බව දන්නා ජනාධිපතිවරයා එය ලැබෙන සෑම අවස්ථාවක දීම විවේචනය කිරීමට පසු බට නොවේ.

පෙබරවාරි 06 වෙනි දින සිදු කළ ප‍්‍රකාශයේ දී මානව හිමිකම් කොමිසමට එල්ල කරන ලද පදනම් විරහිත චෝදනාවන්ට ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂමේ සභාපතිනියගේ අත්සනින් යුතුව ප‍්‍රකාශයක් නිකුත් වී තිබේ. ජනාධිපතිවරයා විසින් කොමිසමට එරෙහිව සිදු කරන ලද චෝදනා දෙකට එහි පැහැදිලි නිරවුල් පිළිතුරක් ලබා දී තිබේ. එම පිළිතුරින් ගම්‍ය වන්නේ රටේ ප‍්‍රධාන පුරවැසියා විසින් කිසිඳු සොයා බැලීමක් නොමැතිව මෙම ආයතන හා ව්‍යූහයන් විවෙචනය කරන බවයි.

අයිතිය විසින් ජනාධිපතිවරයාගේ මෙවැනි ප‍්‍රසිද්ධ චෝදනා කිරීම් හෙළා දකින අතර, ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂම සියළු සමාජික සමාජිකාවන් සමගත් එහි නිළධාරින් වෙනුවෙන් පෙනී සිටින බවත් ප‍්‍රකාශ කර සිටිමු.

ජනාධිපතිවරයාට යැවූ ලිපිය පහත දැක්වේ.

07.02.2019
ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

අතිගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා
ශී‍්‍ර ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනරජයේ ජනාධිපති
ජනාධිපති නිල නිවස
පැජට් පෙදෙස
කොළඹ 07

අතිගරු ජනාධිපතිතුමෙනි,

ඔබතුමා විසින් 2019 පෙබරවාරි 06 වන දින පාර්ලිමේන්තුවේදී කළ ප‍්‍රකාශය මාධ්‍ය වාර්තා වලින් සහ ඒ සම්බන්ධ වීඩියෝ පට ආශ‍්‍රයෙන් අප දැනුවත් වූයෙමු. එහිදී ඔබතුමා විසින්, වෙනත් විෂයයන්ට අමතරව, ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පිළිබඳව ද කරුණු ඉදිරිපත් කළ බව අප නිරීක්ෂණය කළෙමු. එම ප‍්‍රකාශය කෙරෙහි මානව හිමිකම් කොමිෂන් සභාව සිය දැඩි කනස්සල්ල පළ කර සිටින අතර ඒ සම්බන්ධව නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු. 
 
1.අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ විශේෂ කාර්යසාධක බලකාය ස්ථානගත කිරීම පිළිබඳව 

ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප‍්‍රධාන කාර්යයක් වනුයේ රැුඳවියන්ගේ ආරක්ෂාව සහ     නීති ප‍්‍රකාරව පිළිගනු ලබන ඔවුන්ගේ අයිතිවාසිකම් රැුක ගැනීමට කටයුතු කිරීම වේ. මානව     හිමිකම් කොමිෂන් සභාවේ අංක 1996 අංක 21 දරණ මවු පනතේ 28 වගන්තිය, 2වන උප වගන්තිය     ප‍්‍රකාරව කොමිෂන් සභාවට  ඕනෑම රැුඳවුම් ස්ථානයක්, පොලිස් ස්ථානයක් හෝ බන්ධනාගාරයකට     ඇතුළු වීමට සහ අධීක්ෂණය කිරීමට බලතල ලබා දී ඇත. එවන් අධීක්ෂණයට ඇතුලත් වන අතර,     ඔවුන්ගේ රැුඳවුම් ස්ථාන නිරීක්ෂණය සඳහා දේශීය නීතිය සහ ජාත්‍යයන්තර නීතිය යටතේ පිළිගත්     මිණුම් දඬු භාවිතා වේ.


 
මෙම කාර්යභාරය ඉටු කිරීමේදී රැුඳවියන්ගේ පැමිණිලි විධිමත් ලෙස විමර්ශන කිරීම සහ    පරීක්ෂණයකට ලක් කිරීම කොමිෂන් සභාව විසින් සිදුකළ යුක්තක් වේ. මෑත දී විශේෂ කාර්ය සාධක බලකාය අගුණකොළපැලැස්ස බන්ධනාගාරයෙහි ස්ථානගත කිරීම සහ ඒ ආශ‍්‍රිතව පැන නැගුණ ගැටළු හේතුවෙන් ?ඳවියන් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයින් මෙම කොමිෂන් සභාවට නොයෙකුත් පැමිණිලි ඉදිරිපත් කර ඇති අතර, ඒ පිළිබඳව කරුණු පැහැදිලි කර ගැනීම අපගේ යුතුකම වේ. එසේ හෙයින් ඒ පිළිබඳව කරුණු විමසා අපගේ පරීක්ෂණ හා විමර්ශන අංශ මගින් කාර්යසාධක බලකායේ අණදෙන නිලධාරීතුමා අප වෙත ලිපියක් යවා ඇත. එයට පිළිතුරු ලෙස     එම නිලධාරිතුමා විසින් කරුණු පැහැදිලි කිරීමක් අප වෙත එවා ඇත. මෙහිදී අප සිහිපත් කළ යුතු වන්නේ 2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ ප‍්‍රචණ්ඩකාරි සිදුවීම් මාලාව හා රැුඳවියන් 27 දෙනෙකුගේ ඝාතන හේතුවෙන් බොහෝ රැුඳවියන් පිටස්තර සන්නද්ධ නිලධාරීන් බන්ධනාගාර තුළ ස්ථානගත කිරීම කෙරෙහි සාධාරණ බියක් ඇති බවයි. එමනිසා මෙම අවස්ථාවේදී මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සිදු කෙරුනේ එහි නීතිමය කාර්යභාරය  සාධාරණ ලෙස ඉෂ්ට කිරීම බව කාරුණිකව පෙන්වා දෙමු.

ස්වාධින මානව හිමිකම් කොමිෂන් සභාවක් රටකට වැදගත් වන්නේ රටෙහි සෑම ජන    කොටසකගේම අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට බැව් පැහැදිලි කරුණකි. එවැනි ජන කොටස් අතරට සමාජය විසින් කොන් කරන සහ ප‍්‍රතික්ෂේප කරන ජන කොටස් ද අයත් වන්නේ ශිෂ්ට සම්පන්න සහ ප‍්‍රජාතන්ත‍්‍රීය සමාජයක තිබිය යුතු මූලික ලක්ෂණයක් වන මනුෂ්‍යයත්වය තහවුරු කිරීම වේ. එහෙයින් මානව හිමිකම් කොමිෂන් සභාව රැුඳවියන්ගේ අයිතිවාසිකම් පිළිබඳව හා  දඩුවම් විධි ක‍්‍රම පිළිබඳව මානව හිමිකම් නීතිය ආශ‍්‍රයෙන් කරුණු ඉදිරිපත් කරන විට එයින් අපරාධකරුවන් ආරක්ෂාවීම අරමුණු වන්නේ යැයි අර්ථ නිරූපනය කිරීම නිරන්තරයෙන් ඉස්මතු වන වැරදි වැටහීමක් වේ. ”සිරකරුවෝද මනුෂ්‍යයෝය” යන මූල ධර්මය හා රැුඳවියන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නීතිය සලකා බැලීමේදී එලෙස සිතීම අසාධාරණ බැව් ඔබතුමා පිළිගන්නවා     ඇතැයි අප විශ්වාස කරමු.



2. මානව හිමිකම් කොමිෂන් සභාව හා නිශ්කාෂණ කි‍්‍රයාවලිය 

අපගේ හමුදා හා පොලිස් නිලධාරීන් එක්සත් ජාතීන්ගේ සාමසාධක කටයුතු වලට යැවීමට ප‍්‍රථම  නිශ්කාෂණ කටයුතු ( vetting ) සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2016 වසරේ දී ශී‍්‍ර   ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තෝරාගනු ලැබුවේ කොමිෂන් සභාවේ ස්වාධීනත්වය හා විශ්වාසනීයත්වය මත පදනම්ව යැයි ප‍්‍රකාශිතවම සඳහන් කරමිනි. එමෙන්ම ලෝකයේ එක්සත් ජාතීන්ගේ සාමසාධයක හමුදා භටයන් සපයන රටවල් සියල්ලන්ම අතරින් දේශීය වශයෙන් නිෂ්කාෂණ කටයුතු කිරීමට තෝරාගත් එකම ජාතික ආයතනය ලෙස ශී‍්‍ර ලංකා මානව හිමිකම්     කොමිෂන් සභාව පමණක් යැයි හඳුනාගැනීම අප කොමිෂන් සභාවටත්, ශී‍්‍ර ලංකාවත් ලද කීර්තියක්     වශයෙන් අප සලකන්නෙමු. 

මානව හිමිකම් කොමිෂන් සභාවේ ප‍්‍රමාදය නිසා මාලි රාජ්‍යයේ ස්ථානගත කර සිටි ශී‍්‍ර ලංකාවේ භට පිරිස් නැවත ශී‍්‍ර ලංකාවට ගෙන්වා ගැනීම ප‍්‍රමාද වූයේ යැයි යන්න කිසිසේත්ම නිවැරදි නොවන බව ඔබතුමාහට ගෞරව පූර්වකව දන්වා සිටිමු. නිෂ්කාෂණ කටයුතු ආරම්භයේදී ඇති වූ  නොයෙකුත් ගැටළුකාරී තත්ත්වයන් විසඳා ගැනීම සඳහා 2018 ජූනි මස කොළඹ දී පැවැත්වූ වටමේස සාකච්ඡුාවේ දී අදාල සියලූම පාර්ශ්වයන් ( එනම් ති‍්‍රවිධ හමුදාව, පොලිසිය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ආරක්ෂක කටයුතු අමාත්‍යංශය, ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, හා  එක්සත් ජාතීන්ගේ සංවිධානය ) විසින් පිළිගනු ලබන සම්මත කි‍්‍රයාපටිපාටියක් ( SOP ) කෙටුම්පත් කර ගන්නා තුරු නිෂ්කාෂණ කටයුතු අත්හිටුවීමට සහභාගි වූ ඒ ඉහත කී සියලූ පාර්ශ්වයන් විසින් ඒකමතිකව තීරණය කරන ලදි. අදාල කි‍්‍රයාපටිපාටිය සියල්ලන් විසින් පිළිගැනීමෙන් අනතුරුව 2018 දෙසැම්බර් 20 දින සිට නැවත නිෂ්කාෂණ කටයුතු ආරම්භ කළ හැකි බව එක්සත් ජාතීන්ගේ  සාමසාධක හමුදා මෙහෙයවන අංශය විසින් සියලූ පාර්ශ්වයන් දැනුවත් කරන ලදි. ඒ අනුව මානව  හිමිකම් කොමිෂන් සභාව එම දින සිට නැවත නිෂ්කාෂණ කටයුතු ආරම්භ කරන ලදි. එම නිසා    මානව හිමිකම් කොමිෂන් සභාවේ නොසැලකිල්ල හෝ ප‍්‍රමාද දෝෂයක් නිසාවෙන් නිෂ්කාෂණ     කටයුතු පසුබෑමකට ලක් වූයේ යැයිි යන්න අප තරයේ ප‍්‍රතික්ෂේප කරමු.

රටක සාමය තහවුරු කිරීම සඳහා විශිෂ්ඨ සේවයක් ඉටු කරන සාමසාධක හමුදා ඉලක්ක කොට දියත් කෙරෙන ප‍්‍රහාර හා ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවන් අප තරයේ හෙළා දකිමු. එය මනුෂ්‍ය වර්ගයාට එරෙහිව කරන අපරාධයක් ලෙස අපි සලකමු. එවැනි ප‍්‍රහාරයකින් අපගේ සාම සාධක හමුදා  සමාජිකයින් දෙපළකගේ ජීවිත අහිමි වීම පිළිබඳව අප හමුදාපතිතුමාට අපගේ ශෝකය පළ කළෙමු. එම  ඝාතන සඳහා පැහැදිලිව වගකිව යුතු වන්නේ එම සන්නද්ධ පිරිස් වේ. එම නිලධාරීන්ගේ ජීවිත අහිමි වීම සඳහා වූ වගකීම මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැවරීම අපගේ ඉමහත්  කම්පනයට හේතු සාධක  වූ බව කණගාටුවෙන් යුතුව ප‍්‍රකාශ කර සිටිමු.
 
පසුගිය වසර තුනක කාලය පුරා අප විසින් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ගෞරවය හා විශ්වාසනීයත්වය ගොඩනගා ගැනීම සඳහා බෙහෙවින් කැපවී කටයුතු කළෙමු. එහි ප‍්‍රථිඵලයක් ලෙස මානව හිමිකම් කොමිෂන් සභාවට විශිෂ්ඨ ශ්‍රේණියේ ජාත්‍යයන්තර ඇගයීමක් 2018 වසරේ දී ජාතික මානව හිමිකම් ආයතන සඳහා වූ ගෝලීය සංසදය              ( GANIHRI ) විසින් ප‍්‍රදානය කරන ලදි. එයින් කොමිෂන් සභාවට පමණක් නොව රටට ද ඉමහත් කීර්තියක් අත් වු බව සාධාරණ සියළු පුද්ගලයන්ගේ බැව් අප දනිමු. එය ජාත්‍යයන්තර සංවිධාන අතර ශී‍්‍ර ලංකාවේ පිළිගැනීම ඉහළ මට්ටටමක රැුඳී තැබීමට හේතු කාරණයක් බව ද අප දනිමු.

අසාධාරණ විවේචන හේතුවෙන් අප කනස්සල්ලට පත්වනවා පමණක් නොව එමගින් අප අධෛර්යමත් වීමට ද ලක්වේ. අප කෙරෙහි එල්ල වන සාධාරණ විවේචනය අප අගය කරන අතර, එය අපගේ අනාගත වර්ධනයට සහ ප‍්‍රගතියට මංපෙත් සැලසීමක් වේ. රටට යහපතක් සිදුවන්නේද එවැනි අවස්ථාවල බව අපගේ විශ්වාසයයි.

ඔබතුමාගේ අනාගත සහයෝගය අප ඉතා අගය කරන්නෙමු.

අත්සත් කළේ
සභාපතිනිය
ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව






2019-02-08
Advertisement

Find us on Facebook