English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


පළාතේ ජනතාව යුධ හමුදාවෙනුයි ආරක්‍ෂා විය යුත්තේ


උතුරු පලාතේ විවිධ ප්‍රදේශවල සැරිසරණ යුද හමුදා කණ්ඩායම් කීපයක් එහි සිටින සාමාන්‍ය‍ය වැසියන්ගේ තොරතුරු ලබා ගනිමින් ඡායාරූප ගැනීම නිසා මහජනතාව බියට පත්ව සිටින බව උතුරු පළාත් සභාවේ මහ ඇමති සී.වී. විග්නේශ්වරන් මහතා ප‍්‍රකාශකරන අතර වහාම එය නතරකළ යුතුව ඇතැයි ද කියා සිටියි.

මුලතිව් පළාතේ පැවති මහජන හමුවක දී එම ප්‍රකාශය කළ මහ ඇමතිවරයා සඳහන් කළේ එසේ කරන්නේ ජනතාවගේ ආරක්ෂාවටද එසේ නැතහොත් ජනතාව බිය වැද්දීමටදැයි යන්න ප්‍රශ්නයක් වී ඇති බවයි.

මහා ඇමති විග්නේශ්වරන් මහතා පවසන ආකාරයට, යුද හමුදාව විසින් සිදු කරනු ලබන ඉහත කී වැඩ පිළිවෙලට ඊ.පී.ඩී.පී.සංවිධානයේ ද සහයෝගය ලැබී ඇත.

උතුරුපළාත් සභාවේ මහ ඇමතිවරයා විසින් නගනු ලබන ඉහත කී චෝදනා සම්බන්ධයෙන් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරියගෙන් බීබීසී සංදේශය විමසා ඇති විට, උතුරු පළාතේ  කිසිම ස්ථානයක යුද හමුදාව විසින් එවැනි වැඩ පිලිවෙළක් ආරම්භ නැතැයි ප‍්‍රකාශකර ඇත.

උතුරේ වැසියන්ගේ ඉල්ලීම මත ඔවුන්ට අවශ්‍ය සියලු සහන සලසා දීම සහ ආරක්ෂාව සැපයීම යුද හමුදාව විසින් සිදු කරණ බවයි බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය තවදුරටත් කියා ඇත.

ඊ.පී.ඩී.පී.සංවිධානය සමග හෝ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක් සමග යුද හමුදාව සම්බන්ධකම් නො පවත්වන බවත් බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය තවදුරටත් අවධාරණය කර ඇත.  

විශේෂ ස්තුතිය දිනසේන රතුගමගේ

ඡායාරූපය  -  අන්තර්ජාලයෙන්

-MMP




2014-09-13
Advertisement

Find us on Facebook