English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ලෝකයේ ප්‍රථම සිංහ සමාජය සංඝ සමාජයයි.- පූජ්‍ය දඹර අමිල හිමි

අපි අද සිංහ සමාජය කරන එකට වඩා උත්තරීතර සහ පළල් අරමුණු ගතව පිහිටුවලා තියෙන ආයතනය තමයි බුදුන් වහන්සේ ස්ථාපිත කළේ. ඒ තමයි සංඝ සමාජය. ඒක මිනිසුන්ට නායකත්වය දීම සඳහා, මෙලොව සහ පරලොව නැත්නම් ලෞකික ජීවිතය සහ අධ්‍යාප්තමික ජීවිතය, දෙකම දිනවීම සඳහා පිහිටවූ ආයතනයක්. ඒකට වසර 2500 ක් වයසයි. ඒක පිහිටුවන කොට ඒක ඉස්සරහින් ගහපු බෝඩ් එකේ තිබුණේ මෙහෙමයි, “සීහෝ: න කස්සපියෝ නමති:” එකේ තේරුම තමයි සිංහයා අයුක්ති සහගත දෙයකට හිස නමන්නේ නෑ කියන එක. වනයේ ඉන්න රජා. ජීවිතේ ගහලා ගියත්, ජීවිතේ නැති වුනත්, කිසි කෙනෙකුට හිස නමන්නේ නෑ.

දඹර අමිල හිමි මේ බව පැවසුවේ, ආණමඩුව සහභාගිත්ව සංවර්ධන පදනම  හා පුත්තලම සිවිල් සංවිධාන එකමුතුව විසින් සංවිධාන කරන ලද ජනතා උපහාර උළෙල දීය.

ඒ වගේම භික්ෂුවත්, සිවුරු නැති වුනත්, ගිලන් පස නැති වුනත්, පන්සල් නැති වුනත්, පින්ඩපාතේ නැති වුනත්, සිව්පසේ නැතිවුනත්, අසාධාරණයට එරෙහිව කිසිවෙකුට හිස නමන්න එපා. ජීවිතය ගහලා ගියත්, අපවත් කරනවා කියලා කිව්වත්, කිසිවෙකුට යටත් වෙන්න එපා. අයුක්තියට එරෙහිව. අයුක්තියට හිස නමන්න එපා කියලා කිව්වේ ලොව්තුරා බුදුන් වහන්සේ.

හැට එක් නමක් අමතලා කිව්වා චරිත භික්කවේ චාරිකන්, බහුජන හිතාය, බහුජන සුඛාය, අත්තාය හිතාය, සුඛාය, දේව මනුස්සානම්, මහණෙනි නුඹලා අන්න ඒ සිංහ සමාජයේ සිංහ පැටව්, සිංහ නායකයෝ, ඒකෙන් තමයි නුඹලව සන්නද්ධ කරලා තියෙන්නේ. නුඹලා දැන් ගම් දනව් සිසාරා මහජනයාගේ එලොව, මෙලොව, යහපත සඳහා වහාම කටයුතු කරපල්ලා කියලා කිව්වා.

ඒක තමයි ඔක්තෝම්බර් මාසේ 26 වෙනිදා කුමන්ත්‍රණයට එරෙහිව අපිව පන ගන්වන ලද, ඒ මහා දැවැන්ත උත්තේජනය. ඒ මහා දැවැන්ත ජවය. ඒ දැවැන්ත හරය, අපිව ඒකට එරෙහිව සටන් කරන්න මෙහෙයවපු, ජීව ගුණය, වෙන කිසි තැනකින් නෙමෙයි ආවේ, බුදුන් වහන්සේ ගේ දේශනයට අනුව යාම නිසා.”





2019-01-31
Advertisement

Find us on Facebook