English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අරගලයේ කොටස්කරුවන්ට ජනතා සම්මාන

ආණමඩුව සහභාගිත්ව සංවර්ධන පදනම  හා පුත්තලම සිවිල් සංවිධාන එකමුතුව විසින් සංවිධාන කරන ලද ජනතා උපහාර උළෙල 2019 ජනවාරි මස 28 වෙනි දින පෙරවරු 9.00 ට ආණමඩුව සුදම්පාය ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි. 2019 ඔක්තෝම්බර් 26 වෙනි දිනින් ඇරඹි ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි අරගලයේ දී ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමේලා අරගලයට සහභාගිත්වය දැක්වූ ජනතා නියමුවන්ට උපහාර දැක්වීම සඳහා මෙම සැමරුම් උත්සවය සංවිධානය කර තිබිණි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වූයේ, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක, ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ අරගලයේ දී අභීතව විශාල කාර්යභාරයක් සිදු කළ කරූ ජයසූරිය මහතා ය. එසේම සිවිල් සමාජ හා වෘත්තීය සමිති මෙහෙයුමේ සිටි පූජ්‍ය අඹර අමිල හිමි, සමන් රත්නප්‍රිය, ආචාර්ය ජෙහාන් පෙරේරා, ජයතිලක බණ්ඩාර, පිලිප් දිසානායක, සමන් සෙනෙවිරත්න, රසිකා සෙනෙවිරත්න යන අයද සම්මානයට හිමිකම් කියූවෝ වෙති. ටී.එන්.එල් සේවය, සියත රූපවාහිනිය, අනිද්ද සහ රාවය පුවත්පත ද සම්මානයට පාත්‍ර විය.

අර්බුදකාරී අවස්ථාවේදී අයිතිය වෙබ් අඩවිය මෙහෙයවමින්, අරගලයේ සෑම අංශයකින්ම අනෙක් සමගාමීන් සමගම උරෙනුර ගැටෙමින්, වෙහෙසවෙමින්, සියළු මෙහෙයවීම් සිදු කළ, පිලිප් දිසානායකගේ ව්‍යායාමය මෙලෙස අගය කිරීම අයිතිය ලෙසින් අප ද සතුටට පත් වෙමු.





2019-01-30
Advertisement

Find us on Facebook