English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අධිකරණ නියෝගය අමත්‍යංශයක් ඉදිරියේ පුස්සක් වෙයි !
එක් පවුලකට රුපියල් 2500 බැගින් නියං ආධාර පරිත්‍යාගයක් මොණරාගල දිස්ත‍්‍රික්කය තුළ සියලූම පවුල් අතර බෙදා දීමට පසුගියදා ආර්ථීක සංවර්ධන අමාත්‍යංශය කටයුතු සැළසුම්කළ ද එය නිදහස් හා සධාරණ මැතිවරණයක් පැවැත්වීමට අනිසි ආකාරයෙන් බලපාන බැවින් ආණ්ඩු පක්‍ෂයේ එම නියං ආධාර බෙදිල්ල මැතිවරණ කොමසාරිස්වරයා විසින් වහ අත්හිටුවණු ලැබුණි.
 
එහෙත් ඒ වෙනුවෙන් ක‍්‍රියාත්මක වුණු ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මැතිවරණ කොමසාරිස්වරයාගේ එම තීරණය අභියෝගයට ලක්කරමින් ගොණුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කරමින් ශ්‍රේෂ්ඨාධීකරණය විසින් ලබාදුන් නියෝගයට පටහැනිව යමින් ආර්ථීක සංවර්ධන අමාත්‍යංශය විසින් මේ වන විට සැළසුම්කළ එම මුදල් පරිත්‍යාග ලබාදීම සිදුකරමින් සිටින බව වාර්තා විය.
 
ඊයේ එනම් සැප් 12 වෙනිදා අගවිනිසුරු මොහාන් පිරිස් ඇතුළු ත‍්‍රි පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් අදාළ පෙත්සම විභාගකර නිසි නියෝගයක් ලබා දී තිබුණි.


නියෝගයට අනුව, එම අදාළ මුදල් පරිත්‍යගය කළ යුත්තේ මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින අපේක්‍ෂකයින් හෝ දේශපාලන පක්‍ෂ නියෝජිතයින් සම්බන්ධකර ගැනීමකින් තොරව, මැතිවරණ කටයුතුවලට බාධාවක් බලපෑමක් ඇති නොවන ලෙසට යැයි මොණරාගල දිස්ත‍්‍රික් ලේකම්වරයාටත් ආර්ථික සංවර්ධන අමාත්‍යංශයටත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුුම්දී තිබිණි.

එහෙත්, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට  අභියෝග කරමින් ඊට පටහැනිව ක‍්‍රියාකළ ආර්ථීක සංවර්ධන අමාත්‍යංශ්‍ය, පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ සටන් පාඨයක් වන ”සුභ අනාගතයක්” නැමැති පාඨය සහිත මැතිවරණයේදි යොදා ගන්නා නෙලූම් මල සහිත ලාංජනය යොදාගනිමින් සකස් කළ ලිපි කවරයක බහා අදාළ නියං පරිත්‍යාගය නිවෙස්වලට බෙදා දීමට කටයුතු කර ඇත.

මෙම සිද්ධිය හරහා, රට කරවමින් සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානය ප‍්‍රදර්ශනය කරන්නේ කුමක් ද යන්න වටහා ගැනීම වටියි.

-MMP



2014-09-13
Advertisement

Find us on Facebook