English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


රාජපක්ෂ රෙජීමයේ පරණ නාඩගම ව්‍යවස්ථා කෙටුම්පතටත් - සමන් රත්නප්‍රිය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත කැබිනට් එකට යන්න ඕනා. කැබිනට් එකේ සම්මත වෙන්න ඕනා. නැවත පාර්ලිමේන්තුවට එන්න ඕනා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකෙන් මේක සම්මත කරන්න තියෙනවා. 150 ඕනා. බැරි නම් පරාජය කරන්න ඕනා. 76ක් අනික් පැත්තට ගිය ගමන් පරාදයි. 76 ට වඩා ඒකාබද්ධ විපක්ෂයේ ඉන්නවා. එතන පරාද කලා නම් වැඩේ ඉවරයි. ජයග්‍රහණය කළොත් ජනමත විචාරණයකට යනවා. එතකොට මිනිස්සුන්ට තමයි කියන්න වෙන්නේ හොඳඳ නරකද? කියලා.

සිවිල් සමාජ හා වෘත්තීය සමිති එකමුතු විසින් 2019 ජනවාරි 24 වෙනි දින රාජගිරියේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සාකච්ඡාවට භාජනය වූයේ නව ව්‍යවස්ථාවක් පිළිබඳ දුර්මතයි. ඒ දුර්මත සම්බන්ධයෙන් සමන් රත්නප්‍රිය විසින් දක්වන ලද අදහස් මෙසේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පරාජය කරන්න පාර්ලිමේන්තුවේදී අවසස්ථාව තියෙද්දි හාමුදුරුවෝ අවුස්ස අවුස්ස මොකක්ද මේ නටන නාඩගම. රාජපක්ෂ රෙජීමය ඇතුළු කණ්ඩායම අලුත් නාඩගමක් නටන්න පටන් අරගෙන. මේක පරණ නාඩගමමයි. බිල්ලෙක් මවලා. ජාතිවාදය අවුස්සලා. අන්තවාදය අවුස්සලා. නැවත බලයට පත්වෙන්න උත්සාහ කරමින් ඉන්නවා.”





2019-01-29
Advertisement

Find us on Facebook