English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ජනපතිගේ ප්‍රකාශයට සිවිල් සමාජයෙන් පිළිතුරු!

2019.01.24 දින සිවිල් සමාජ හා වෘත්තීය සමිති එකමුතුව විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්නයක් අසමින් ජනාධිපතිතුමා විසින් මෑතදී ප්‍රකාශ කරන ලද ප්‍රකාශක් උපුටා දක්වමින් කතා කලා. “මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අපහසු වී ඇත්තේ NGO නිසා ය”යි ඔහු විසින් සිදු කරන ලද ප්‍රකාශ යයි. එහිදී සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ සමන් රත්නප්‍රිය ඒ සඳහා ඔහුට පිළිතුරක් ලබා දුනි.

අපේ නම් කිසිම මැදිහත්වීමක් නැහැ අපරාධකරුවන්ට මත්ද්‍රව්‍ය ගේන අයට එරෙහිව දඬුවම්දීම පිළිබඳව. කිසි බලපෑමක් නෑ. අපි කියන්නේ ඒ අයට උපරිම දඬුවම් දෙන්න කියලා. ඒ ගැන කිසි ගැටළුවක් නැහැ. මත්ද්‍රව්‍ය දැන් අහුවෙනවා. අපරාධ සම්බන්ධ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවෙනවා. හැබැයි ඒවා වල අවසාන ප්‍රථිඵල බොහෝම අඩුයි. මත්ද්‍රව්‍ය ගේන අයට අනිවාර්යයෙන් දඩුවම් දෙන්න ඕනා. ඒ ගැන අපි කිසි බලපෑමක් කරලා නෑ. කරන්න බලාපොරොත්තුවකුත් නෑ. ඒ නිසා ඒ වැඩේ හරියට කරන්න. නීතිය හා සාමය තියෙන්නෙත් ජනාධිපතිතුමා යටතේ. ජාතික ආරක්ෂාව සම්බන්ධ කාරණා තියෙන්නෙත් ජනාධිපතිවරයා අතේ. ඒ නිසා වැඩේ හොඳට කරන් පුළුවන් දැන්. කරන්න පුළුවන් කම තියෙද්දි, අනෙක් අයට චෝදනා කරන එකේ තේරුමක් නෑ. බලය දීලා තියෙන්නේ කරන්නනේ. දැන් කරන්නයි තියෙන්නේ.

අවුරුදු තුනක් ජනාධිපතිවරයා හැටියට හිටියේ ජනාධිපතිවරයනේ. දැන් කියනවා නම් ෆයිල් එකක් නෑ කියලා, ඒක එයාගේ පරිපාලන අකාර්යක්ෂමතාවය පිළිබඳ ප්‍රශ්නයක්. ඒක එතුමාම බාරගන්න ඕනා. සිවිල් සංවිධාන, වෘත්තීය සමිති නෙමෙයිනේ ෆයිල් තියන් ඉන්නේ. ඒක රාජ්‍ය පාලනයේ කොටසක්. රාජ්‍ය පාලනයේ වගකීමක්. ෆයිල් හොයාගෙන වැඩේ ඉක්මනින් කරන්න. බැරිනම් නීතිය හා සාමය කාටහරි දෙන්න. කරන්න පුළුවන් කෙනෙකුට.”

නව සමාජ පක්ෂ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

එතුමයි, එතුමගේ ජාතිවාදී ගෝලබාලයොයි එන්.ජී.ඕ.කාරයන්ට බය වෙලා. දැන් සිවිල් සමාජය කියලා මේක ආරම්භ වෙලා තියෙනවා. ඒකට හුගක් දෙනෙක් එකතුවෙමින් යනවා. ඒකට තක්කු මුක්කුවෙලා තමයි, මේ කතන්දරය කියන්නේ. හැබැයි අපිට අහන්න තියෙන්නේ තමුන්සෙගේ බලතල කොච්චර දාලා මහා පරිමාණ කුඩු ගේන අය අල්ලලා තියෙනවද කියලා අපට ඉදිරිපත් කරන්න කියලා. මේක අසමත් රාජ්‍යයක් කියලා තමන්ම කියාගන්නවා. ”





2019-01-26
Advertisement

Find us on Facebook