English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරාජය කිරීමෙන් පසුව ප්‍රජාතන්ත්‍රවාදී අරගලය පෙරටම”


ඔක්තෝම්බර් 26 වෙනි දින ඇරඹි ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය පරාජය කිරීමට සංවිධානය වූ සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව තම අරගලය ජයග්‍රහණයකින් අවසන් කිරීමට සමත් වූවා. පසුව කෙටි විවේකයක් ලද කණ්ඩායම නැවතත් සංවිධානය වීම 2019 ජනවාරි මස 19 වෙනි දින ඇරඹුවා. ඒ සඳහා “ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරාජය කිරීමෙන් පසුව ප්‍රජාතන්ත්‍රවාදී අරගලය පෙරටම” යන මැයෙන් වූ  කථිකාව ජනවාරි 19 වෙනි දින කොළඹ 07, ඔලිම්පික් හවුස් ශ්‍රවණාගාරයේ දී පැවැත්වුනා. මේ සඳහා විවිධ පලාත් නියෝජනය කරමින්, විවිධ සංවිධාන, වෘත්තීය සමිති නියෝජනය කරමින් තෝරාගත් ක්‍රියාදරයින් පිරිසක් සහභාගි වුනා.

තවද, ඉදිරි ක්‍රියාකාරිත්වය සඳහා සිවිල් හා වෘත්තීය සමිති ක්‍රියාකාරීන්ගේ අදහස් ලබා ගැනීම හා විවිධ අංශයන් නියෝජනය වන අයුරින් කමිටු පත් කිරීම එහිදී සිදුවිය. අධ්‍යාපන, මාධ්‍ය, කලා, ප්‍රවාහන, බල ශක්ති වැනි කමිටු රැසක් සඳහා නියෝජිතයන් ප්‍රජාතන්ත්‍රවාදීව පත් කරන ලදි.

වීඩියෝව පහතින්...



2019-01-23
Advertisement

Find us on Facebook