English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කැපකිරීම් අවශ්‍යයයි’ – ජයම්පති වික‍්‍රමරත්න



විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට නම් බොහෝ දෙනෙකු කැප කිරීම් කළ යුතු බවත්, ඇතැම්විට සිය අනන්‍යතාවන් පවා වෙනස් කිරීමට දේශපාලන පක්‍ෂවලට සිදුවනු ඇති බවත් ව්‍යවස්ථා කටයුතු පිලිබඳ ප්‍රවීණයකු වන ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න මහතා අවධාරණය කර සිටියි.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින්, කොළඹ ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේදී පැවති සම්මන්ත‍්‍රණයක දේශනයක් කරමින් ඔහු එම කාරණය පැහැදිලි කළේය.

” ඒ කාලේ සිටිය පිරිසක්, අත ලකුණෙන් හැර වෙන එකකින් ඡන්දය ඉල්ලන්න බැහැ කිය කියා පැරදි පැරදි හිටියා. දැනුත් ඉන්නවා අලියා ලකුණෙන් හැර වෙන එකකින් ඉල්ලන්න බැහැ. පැරදි පැරදි ඉන්නවා. 93දී විතර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඇතුලේම පිරිසක් කිව්වා මේක හරියන්නේ නැහැ අත නෙවෙයි කකුල හරි අරගෙන යන් කියලා. ඒ අනුව තමයි 1994 ඒ වෙනස්කම කරන්න පුළුවන් වුණේ. එම නිසා අතීතය ගැන අඬ අඬා ඉන්න එපා, ඉදිරිය බලන්න, අනාගතය බලන්න කියලයි මම යෝජනා කරන්නේ. මේක අමාරු වැඩක් නමුත් මේ ක‍්‍රමයෙන් මාර්ගයක් අපට සොයා ගත හැකි වෙනවා. මේ සැරේ වැරදුණොත් අපේ අනාගත පරම්පරාවල් අපට ශාප කරයි. ” යයි ද ඔහු පැවසිය.

මෙම සම්මන්ත‍්‍රණය සංවිධාන කර තිබුණේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා ජනතා ව්‍යාපාරය විසිනි. 18, ඒකාධිපති වියරුව සහ රට ලෙස එය නම් කර තිබිණ.

මුලාශ‍්‍රය - Lanka Focus
ඡායාරූප  -  අන්තර්ජාලයෙන්
-MMP



2014-09-13
Advertisement

Find us on Facebook