English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මහින්දගේ හාමුදුරුවෝ ඔක්කොම සෙත්තපෝච්චි - පූජ්‍ය දඹර අමිල හිමි

“මහින්දත් එක්කනේ හාමුදුරුවරු ඔක්කෝම ඉන්නේ. ඒ ඔක්කෝම සෙත්තපොච්චි. හතරගාතෙන් දැම්මේ. ඒ භික්ෂූන්ගේ මතවාදය සම්පූර්ණයෙන් පරාජය කලා. 26 වෙනිදා වැඩේ පරාජය කලා කියන්නේ මහින්ද සංකල්පයම පරාජය කලා කියන එකනේ. හාමුදුරුවරු පරාජය කලා කියන්නේ මුළු හාමුදුරුවරු ඔක්කෝම පරජය කලා කියන එකයි. ඇත්ත ඒකයි. නැවතත් ඒ අයට පහසු නෑ ස්ථානගත වෙන්න. ඒගොල්ලෝ එක්කෝ පුනරුත්තාපනය වෙන්න ඕනා. එක්කෝ ඒ ගොල්ලෝ නිවැරදි වෙලා එන්න ඕනා. නැත්නම් මේ පිටියෙන් ඒගොල්ලන්ව ඉවත් කරන්න පුළුවන්. අනිවාර්යෙන් ඉවත් කළ යුතුයි. නැත්නම් ඉස්සරහට ප්‍රගති ගමනක් යන්න වෙන්නේ නැහැ.


ඔක්තෝම්බර් 26 වෙනි දින ඇරඹි ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය පරාජය කිරීමට සංවිධානය වූ සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව තම අරගලය ජයග්‍රහණයකින් අවසන් කිරීමට සමත් විය. පසුව කෙටි විවේකයක් ලද කණ්ඩායම නැවතත් සංවිධානය වීම 2019 ජනවාරි මස 19 වෙනි දින ඇරඹුවා. ඒ සඳහා “ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරාජය කිරීමෙන් පසුව ප්‍රජාතන්ත්‍රවාදී අරගලය පෙරටම” යන මැයෙන් වූ  කථිකාව ජනවාරි 19 වෙනි දින කොළඹ 07, ඔලිම්පික් හවුස් ශ්‍රවණාගාරයේ දී පැවැත්වුනා. මේ සඳහා විවිධ පලාත් නියෝජනය කරමින්, විවිධ සංවිධාන, වෘත්තීය සමිති නියෝජනය කරමින් තෝරාගත් ක්‍රියාදරයින් පිරිසක් සහභාගි වුනා. අරගලයේ ප්‍රධාන කොටස්කරුවන් වූ පූජ්‍ය අඹර අමිල හිමි, වෘත්තීය සමිති නායක සමන් රත්නප්‍රිය, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්ත,  මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, සිවිල් සංවිධාන නායක පිලිප් දිසානයක, සුදර්ශන ගුණවර්ධන, තිලක් කාරියවසම්, ඇතුළු පිරිසක් සහභාගි විය. එහිදී අදහස් දැක්වූ පූජ්‍ය දඹර අමිල හිමි.


අධිපතිවාදී බෞද්ධාගම බහුතරය නියෝජනය කරන රටක, ඒ මතවාදයට යමින්, ඒකට සාදු නද දෙන්න ජනතාව පුරුදු වෙලා ඉන්න සමාජයක, යම් ඉඩක් අත්පත් කරගෙන හිටපු හාමුදුරුවරු අපි පරාජය කලා.  ඒ වගේම ප්‍රකාශයන් කරන්න ඕන වැදගත් හාමුදුරුවරු නිශ්ශබ්දව හිටියා. ඒ වෙලාවේ මේක වැරදි වැඩක් කියලා කියන්න ඕන මහා නායක හාමුදුරුවරු එහෙම කිව්වේ නෑ. ඒ වෙලාවේ මහින්දව නියෝජනය කරන, ජාතිවාදය නියෝජනය කරන අය ඉදිරියට ඇවිල්ලා, ඔක්තෝම්බර් 26 මෛත්‍රි කරපු වැඩේ හරියි කියලා පෙනී සිටියා.

වීඩියෝව පහතින්...





2019-01-21
Advertisement

Find us on Facebook