English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ඔක්තෝම්බර් කුමන්ත‍්‍රණය නිසා ආර්ථිකය අවධානමක


ඔක්තෝම්බර් 26 වනදා සිට ජනාධිපති සිරිසේන සහ මහින්ද රාජපක්ෂ විසින් දියත් කරන ලද ව්‍යවස්ථා විරෝධී දේශපාලන කුමන්ත‍්‍රණය හේතුවෙන් ජාත්‍යයන්තර මූල්‍ය අරමුල ඇතුළු ආයතන ශී‍්‍ර ලංකාවට ලබාදීමට නියමිතව තිබුණු ණය මුදල් අත්හිටවූ බවත්, දේශපාලන අස්ථාවරභාවය මාස දෙකක් පැවතීමෙන් ශී‍්‍ර ලංකාවට විශාල පීඩනයක් එල්ල වූ බවත්, ශී‍්‍ර ලංකා මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසා ඇත.

ඒ පසුගිය දා පැවැති ශී‍්‍ර ලංකා අර්ථික විද්‍යාඥයින්ගේ සංගමයේ වාර්ශික සැසිය අමතමිනි.

ඔක්තෝම්බර් 26 වන සිකුරාදා රාතී‍්‍ර 7.30 වන විට මහබැංකුව ජාත්‍යයන්තර මූල්‍ය අරමුදල IMF සමග රාජකාරී මට්ටමේ එකගතාවයකට පැමිණ සිටි බවත්, ඊළග සඳුදා වන විට එම එකඟතාවය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කිරීමට ඔවුන් සූදානමින් සිටි බවත් පවසා ඇති මහ බැංකු අධිපතිවරයා ඉන් පැය දෙකක් ගත වන විට ෂඵත්‍ නිලධාරින් එම නිවේදනය නිකුත් කිරීම ප‍්‍රතික්ෂේප කළ බව ද පවසා තිබේ.

ඒ අනුව IMF ණය වාරිකය අහිමි වූ බවත්, ණය දීමේ හැකියාව ඇති ආයතන ශී‍්‍ර ලංකාවේ දේශපාලන තත්ත්වය ස්ථාවර වන තුරු ණය දීමට නොහැකි බව දැන්වූ බවත්, පෙන්වා දී තිබෙන මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ එසේ ණය ලබාගත නොහැකිව ගතවූ මාස දෙකක කාලය නිසා ශී‍්‍ර ලංකාවට තවත් විශාල පීඩනයකට මුහුණ පෑමට සිදුවූ බවය. 

එසේ අහිමි වූ මාස දෙකක කාලයත්, තවදුරටත් එකතුවන විදෙස් ණයත් නිසා විශාල අර්බුදයක් ඇතිවන බවත්, වාසනාවකට මෙන් එයින් පිටතට පැමිණෙන මාර්ගයක සොයාගත හැකිවෙතැයි තමන් සිතන බවත් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.





2019-01-21
Advertisement

Find us on Facebook