English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


නිර්මාණ මංකොල්ලයක සුළමුළ - උපුල් ශාන්ත සන්නස්ගල


පසුගිය දිනෙක ජනමාධ්‍යයන් ඉදිරියේ ස්වාධීන කණ්ඩයමක් විසින් පවත්වන ලද විරෝධතාවයක් නිසා එම ජනමාධ්‍යයන් තුළ යම් උණුසුමක් ඇති විය. සමහර මාධ්‍යයන් ඔවුන් විසින් දක්වන ලද විරෝධතාවයට සුබවාදීව මුහුණ දුන් අතර, තවත් මාධ්‍ය කිහිපයක් ඔවුන් කෙරෙහි විරෝධ ආකල්පකින් නොනවත්වා පහර දීම සිදු කරන ලදි. ඔවුන් ඊට සහභාගි වූ පුද්ගලයන්ට දැඩි පෞද්ගලික ප‍්‍රහාරයක් එල්ල කරන ලදි. එම ජනමාධ්‍යයන් කිසිසේත් බලාපපොරොත්තු නොවු අයුරින් ඔවුන් කුරිරු ප‍්‍රහාරයට සාමාන්‍ය ජනතාව කෙරෙන් ද, සමාජ මාධ්‍යයන් තුළින් ද, දැඩි විරෝධයක් මතු විය. ඊටත් එහා ගිය මෙම විරෝධතාවය නිසා උපුල් ශාන්ත සන්නස්ගල වැන්නවුන් තමන් ලද අත්දැකීමක් ප‍්‍රකාශයට පත් කළේය. ඒ සිරස සම්බන්ධයෙන් ය. සිරස ඉතා පහත් අන්දමින් විරෝධතාවය දැක්වූ පුද්ගලයන්ට ප‍්‍රහාර දුන් ජනමාධ්‍යයක් ය. එය තවත් දුර දිගේ ගියේ සිරස ටීවී සඳහා ශබ්ද කැවීම සඳහා සහභාගි වන නළු නිළියන් හා කලාකරුවන් කිහිප දෙනෙක් එම දායකත්වය ඉන් ඉල්ලා අස්වීමයි. මේ තත්ත්වය ඇති කිරීමට යම් දායකත්වයක් සැපයූ උපුල් ශාන්ත සන්නස්ගලගේ සිරස නිර්මාණ මංකොල්ලය සම්බන්ධ ලිපිය ඒ සියළු කලාකරුවන්ට හා නිර්මාණ ශිල්පීන්ට ප‍්‍රණාමය පිණිස පළ කරමු.


'නිලේන්ද්‍ර දේශපි‍්‍රයගේ උපන් දිනය දා මම මෙවැනි සටහනක් ලියා ඔහුගේ අත තැබිමි. ”චිත‍්‍රපටකරුවෙකු වෙලා මැරෙනවද? නිකම් ම නිකම් කවන්ධයක් වෙලා උඹ මැරෙනවද?” මමත්, ලක්සිරි වික‍්‍රමගේත්, නිලේන්ද්‍ර චිත‍්‍රපටකරුවෙකු වෙයන් යැයි කියා බොහෝ කාලයක සිට වද දුනිමු. චිත‍්‍රපට සියයක් පමණ සහය අධ්‍යක්ෂණය කළ මේ නිර්මාණශීලි මිනිසා චිත‍්‍රපට අධ්‍යක්ෂකවරයෙකු කිරීමේ සිහිනය ඔහුට වදයක් වන තරමට ම අපි වද දුනිමු. සිරස සුපර් ස්ටාර් පළමු අදියර අවසන් වූ දා රාති‍්‍රයේ අප පවුල් තුනක සමාජිකයෝ පාන්දර ජාමයේ එක වහලක් යට හමුු වී සිහිනය පිළිබඳ සාකච්ඡුා කළෙමු. මගේ පවුලේ සාමාජිකයෝ ද ලක්සිරි වික‍්‍රමගේ ගේ නිවසේ සාමාජිකයෝ ද නන්දන වික‍්‍රමගේ ගේ නිවසේ දී එදා සිහින දැක දැක නිදි වැරූමු. කවදා හෝ චිත‍්‍රපටයක් අධ්‍යක්ෂණය කරන බව ලක්සිරි එදා පැවසී ය.

රංගාභිෂේකය නමින් තවත් රියැලිටි ෂෝ එකක් ආරම්භ කරන බව නිලේන්ද්‍ර අපූරුවට එදා පැහැදිලි කළේය. පසුව සිරස කුමරිය නමින් අනාථ කොට විනාශ කරන ලද්දේ නිලේන්ද්‍ර දේශපි‍්‍රයගේ එම සංකල්පයයි. රංගාභිෂේකය වෙනුවෙන් මමත්,අනෝජා වීරසිංහත්, ස්වර්ණා මල්ලවාරච්චිත්, පූර්ව ප‍්‍රචාරක පටවල පෙනී සිටියෙමු. රූපවාහිනි වැඩ සටහනකින් චිත‍්‍රපටයක් කිරීමේ සංකල්පය නිලේන්ද්‍ර එදා පැහැදිලි කළ අතර සුපර් ස්ටාර් දෙවන වාරය අවසන් වූ සැණින් නිලේන්ද්‍ර එම චිත‍්‍රපටයේ වැඩ ආරම්භ කළේය.

මේ කාලයේ මම ද වානිජ චිත‍්‍රපටයකටදායකවීමේ අලූත් ගැබ්බර වේදනාවකින් පෙළෙමින් සිටියෙමි. දිනක් හදිසියේ ම සුසාර දිනාල් කලබලයෙන් මට කතා කළේ ය. ”උපුල් අයියේ,මට ඔයාව ඉක්මනින් හමුවෙන්න වෙලාවක් දෙන්න” යැයි ඔහු කීය. මම නගර ශාලාව ආසන්නයේ සිටි නිසා ඔඩෙල් එකට එන්න යැයි කීවෙමි. ඔඩෙල් හී ෆුඞ් කෝට් එකේ පැත්තක වාඩි වූ මම ඔහු එන තෙක් බලා සිටියෙමි.
”උපුල් අයියේ, මට ඩාන්සින් ස්ටාර් ගැන ෆිල්ම් ස්ක්රිප්ට් එකක් ලියලා  ඕන. සින්දු හයක්  ඕන. ඒ වෙනුවෙන් ඔයාට ලක්ෂ 10 ක් ගෙවනවා. මම ඉක්මනින් චිත‍්‍රපටය කරන්න  ඕන.” යැයි සුසාර කීවේ ය. චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ නිලේන්ද්‍ර දේශපි‍්‍රය දැයි සුසාරගෙන් මම විමසීමි. මේ අවස්ථාවේ අප අසලින් යමින් සිටි මංජු ෆේස් බුක් ආවේ මාර් සකබර්ගර්ටත් පෙර දී යැයි සිතෙන තරමට හේ තාක්ෂණයෙන් අප විස්මලන මිනිසෙකි. මගේ ප‍්‍රශ්නයට පිළිතුර ලෙස චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ මම යැයි සුසාර කීවේය.
”උඹට පුළුවන් ද බං චිත‍්‍රපට කරන්න.” යැයි මා කී විට සුසාර කීවේ ”නෑ..නෑ..අරුණ ඉන්නවනේ. අපේ අරුණ ජයවර්ධන. මිනිහා ෆිල්ම් කෝපරේෂන් එකේ කෝස් එකක් කරලා ඉන්නේ. සුමිත් ඉන්නවනේ කැමරා කරන්න. ඉතින් සිම්පල්නේ.” කියා. මම ඔහුට නිශ්චිත ව කිසිවක් නො කියා මේ යෝජනාව පිළිබඳ නිලේන්ද්‍ර දේශපි‍්‍රයට කීවෙමි. තිරනාටකය ලියන ලෙසත්, ඒ සඳහා ඔහුගේ අත්දැකීමෙන් අවශ්‍ය උදව්වක් ඇත්නම්, එය ඉටු කරන බවත් නිලේන්ද්‍ර කීවේ ය. නිලේන්ද්‍ර සිරස හැර යන්නේ හෝ කිලී මහරාජා සිරසෙන් හරවන්නේ මේ කාලයේ ය.

තිරනාටකයක් ලිවීමේ මගේ වසර පහළොවක පමණ ආධුනික උත්සාහයන් පිළිබඳ ව මම නාමල් ජයසිංහට කීවෙමි. එයට හේතුව මා පූවර්යෙන් ලියූ තිරනාටක යැයි හැගෙන කිසිවක් සාර්ථක නැතැයි මට සිතුණු නිසා ය. තිරනාටකයක් ලිවීමේ මගේ වත්මන් ගුරුවරයා වන්නේ ද නාමල් ජයසිංහ ය. නාමල්ගේ මේ මොහොතට මඳක් ඔබ්බෙන් ඇති මිනිස් ජීවිත සංවාදයට කැඳවන විශිෂ්ට තිරනාටක මා පිස්සු වට්ටවා තිබූ හෙයින් නිවැරදි ව තිරනාටකයක් ලියන‘යුරු මම නාමල් ජයසිංහගෙන් ඉගෙන ගතිමි. රටේ බොහෝ දරුවන්ට සිංහල උගන්වා ඇති මට සිංහලෙන් තිරනාටකයක් ලියන අයුරු ඉගැන්වූයේ නාමල් ය.

පසුදින මැදියම් රාති‍්‍රයේදී ඩාන්සින් ස්ටාර් තරු ලියක් ද රැුගෙන සුසාර මත්තේගොඩ මගේ නිවසට ආවේ ය. ඔවුන් දෙදෙනා පසුපසින් අරුණ ජයවර්ධන ද ආවේ ය. ”මෙයා තමා ප‍්‍රධාන නිළිය. ඔයාට පෙන්නන්න එක්කන් ආවේ.” යැයි කියමින් සුසාර තරුණ කාන්තාවක් මට හඳුන්වා දුන්නේ ය. මා ඩාන්සින් ස්ටාර් වැඩ සටහන අඛණ්ඩ ව නරඹා නො තිබුණු හෙයින් එහි ඞී.වී.ඞී. පට කිහිපයක් ද ඔහු මා අත තැබුවේ ය. චිත‍්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමේ බැ?රුම්කම පිළිබඳව විවිධ කතාන්දර එදින රාති‍්‍රයේ දී මම සුසාරට කීවෙමි. ඉන්පසුව තිරනාටකය පිළිබඳ කොන්දේසි ඉදිරිපත් කළෙමි. තිරනාටකයක් යනු නිශ්චිත නිවසක් ගොඩනැගීමේ සැලැස්මක් වන හෙයින් සැලැස්මට පිටින් පලංචි ගහගන්නට, ඇණ ගහන්නට, බිත්ති වෙනස් කරන්නට, ඇණ ගසන්නට, බිත්ති වෙනස් කරන්නට, වහලවල් බාන්නට, පාට ගාන්නට, හැඩය වෙනස් කරන්නට බාස්ලාට ඉඩදිය නො හැකි බවත්, මම ඉතා කැපවීමෙන්, මහන්සියෙන් නිර්මාණය කරන මේ තිරනාටකය විනාශ නො කර චිත‍්‍රපටය කිරීමට සුසාර එකඟ ද යන්නත් විමසීමි. චිත‍්‍රපටයේ කතා සාරය කියූ පසු ඔහු කීවේ ”පිස්සු හැදෙනවා නියමයි” යනුවෙනි. චිත‍්‍රපටයේ චරිත පිළිබඳව කෙටි හැඳින්වීමත්, සෙසු චරිතත්, කතා සාරංශයත්, දර්ශන තල පිළිබඳ හැඳින්වීමත් මුලින් ලබා දිය හැකි බව ද මම කීවෙමි. එවිට චිත‍්‍රපටය පූර්ව නිෂ්පාසන කටයුතු ආරම්භ කළ හැකි බවට ද ඔහුව දැනුවත් කළෙමි. දෙසතියකට මා මැලේසියාවේ නිවාඩුවකට යන බවත්, එම නිවාඩුව මෙම කාර්යය වෙනුවෙන් වැය කළ හැකි බවට ද ඔහුව දැනුවත් කළෙමි. දෙසතියකට මා මැලේසියාවේ කිවාඩුවකට යන බවත්, එම නිවාඩුව මෙම කාර්යය වෙනුවෙන් වැය කළ හැකි බවත් කීවෙමි. ජූනි මාසයේ දී මගේ පන්තිවල ඉගෙන ගන්න වූ දරුවන්ට ද ඩාන්සින් ස්ටාර් රූපවාහිනි වැඩසටහන තේමා කරගෙන මම තිරනාටකයක් කරන බව ප‍්‍රසිද්ධියේ කීවෙමි. තිරනාටකයේ තේමාව පිළිබඳ දීර්ඝ ව සමන් වික‍්‍රමාරච්චි මහතාට ද කීවෙමි.
”ඔය තේමාවට අදාළ නැතත් ඔය වගේ නන්නත්තාර පිරිසකගෙන් එන තරඟකාරී ස්තී‍්‍ර චරිතයක් ගැන කියැවෙන නිසාත් ”මිලියන් ඩොලර් බේබි ” චිත‍්‍රපටයක් බලන්න.”යැයි ඔහු උපදෙස් දුන්නේය. මම මේ පිළිබඳ ව නිර්මාණාත්මක චිත‍්‍රපට විචාරකයෙකු වන පි‍්‍රයන්ත ජයරත්නට ද කීවෙමි. ඔහු එම ආරංචිය මගේ පශ්චාත් උපාධි ගුරුවරයා වන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඩෙස්මන්ඞ් මල්ලිකාරච්චි මහතාට සැලකොට තිබිණි. ඩෙස්මන්ඞ් මල්ලිකාරච්චි මහාචාර්යතුමා පවසා තිබුණේ,
”මහ ඇමතිකම ඉල්ලන්න ගියා මගේ ම මෝඩ වැඩක් ” යැයි කියාය.

මම මගේ බිරිඳත් දරු දෙදෙනාත් සමග 2008 අගොස්ත්ු මුල් සතියේ මැලේසියාවේ සංචාරයකට ගියෙමි. මැලේකා නගරයේ ෆමෝසා හෝටල් සංකීර්ණයේ සතියකට වැඩි කාලයක් ගත කර ඉන් පසු මැලේසියාවේ ජෙන්ටින් හයිලන්ඞ්වලට පැමිණියෙමි. ෆමෝසා හෝටල් සංකීර්ණයේ දෛනික කාර්යයක් ලෙස සෑම රාත‍්‍රී කාලයක ම ක්‍දඅඉදහ ඔදඅබ යනුවෙන් නම් කළ වෙනම ම බිම් තීරුවක අපූරු සංදර්ශනයක් පැවැත්වෙයි. සුසාර යෝජනා කළ චිත‍්‍රපට තේමාව පිළිබඳ පරිකල්පනයේ වද විඳිමින් සිටි මම මේ තිරනාටකය ක්‍දඅඉදහ ඔදඅබ යනුවෙන් නම් කළෙමි. මම සති කිහිපයකින් ටියුෂන් පන්ති නිවාඩු දමමින් ද තිරරචනයේ වැඩ කටයුතු කළෙමි. මම සති කිහිපයක් ටියුෂන් පන්ති නිවාඩු දමමින් ද තිරරචනයේ  වැඩ කටයුතු සඳහා සහයට කීප දෙනෙකු යොදා ගනිමින් ද දිනපතා එය සුසාර දිනාල් වෙත ෆැක්ස් කළෙමි. මෙම තිරනාටකය ්4 ප‍්‍රමාණයේ පිටු තුන් සියයකට වැඩි ප‍්‍රමාණයක් සහ ඉන් ඔබ්බේ නිර්මාණය විය යුතු ජවනිකා පිළිබඳ සාරාංශයක් ද දෙමසක් ඇතුළත සම්පූර්ණයෙන් ම සුසාරට ලබා දුනිමි. චිත‍්‍රපටයට සම්බන්ධ නළු නිළියන්ට ලැබුණු මගේ තිරනාටකය පිළිබඳ ඔව්හූ බොහෝ ප‍්‍රසංශාවෙන් කතා කළෝ ය. මුහුරත් උළෙල පැවැත්වූයේ කිලි මහරාජාගේ ප‍්‍රධානත්වයෙන් බ්රේබෲක් පෙදෙසේ සිරස ප‍්‍රධාන කාර්යාලයේ දී ය. මුහුරත් උළෙල පැවැත්වූ දින ආධුනික නළු නිළියන් සමග රවීන්ද්‍ර රන්දෙනිය ද උළෙලට සහභාගි විය. තිරනාටකය ගැන තොරතුරු දැනගත් රවීන්ද්‍ර රන්දෙනිය එය අගය කරමින් කතා කළේ ය. මුහුරත් උළෙලට පැමිණි පිරිස ඇමතූ සුසාර දිනාල් පැවසුයේ තිරනාටකය සියයට අනූවක් පමණ අවසන් කර ඇති බවත්, ආන්දෝලනාත්මක චරිතයක් වූ සන්නස්ගල එය මැනවින් ඉටු කළ බවත් ය.



චිත‍්‍රපටයේ අවසාන දර්ශන තුනක් හැර සියල්ල පිටපත් කළ පසු මමත්, සුසාර දිනාලූත්, අරුණ ජයවර්ධනත්, කැමරා ශිල්පී සුමිත් ප‍්‍රසන්නලාල් සමග ජයික් හිල්ටන් හෝටලයේ පහත මාලයේ වට මේසයකට වී තිරනායකය පිළිබඳ අවසන් සාකච්ඡුාව ආරම්භ කරමින් සිටියෙමු. චිත‍්‍රපටයේ අවසාන ජවනිකා තුනෙහි තිරපිටපත ලැබෙන්නේ කවදාදැයි සුසාර විමසීය. පසු දින සවස් වන විට එය ලබා දෙන බවත්, එවිට තිරනාටකය සම්පූර්ණ බවත් මම කීවෙමි. සුසාරත්, මමත් මුහුණට මුහුණ ලා කරන සාකච්ඡුාවට මුහුණ දිය නො හැකි බැවින් දෝ අරුණ සහ සුමිත් මහත් අපහසුවකින් වෙනතක් බලාගෙන හෝටලයේ සිරි විසිරි නරඹමින් වෙනත් විෂයක්, වෙනත් මාතෘකාවක් සමඟ අසීරු ව්‍යාජ සම්බන්ධයක පැටලී සිටිනු දුටිමි. සැර මත්පැන් පානයක් සඳහා සුසාර කළ යෝජනාව මම තෑන්ක් යූ කියා ප‍්‍රතික්ෂේප කළෙමි. රාති‍්‍රය නිදි වාරගෙන තිරනාටකයේ ඉතිරි කොටස සම්පූර්ණ කිරීමට සැර මත්පැන් මත බාධාවකැයි ද කීවෙමි.  
”උපුල් අයියේ, අපි හෙට ෂූටින් පටන් ගන්නවා. ලොක්කා කිව්වා වැඬේ ඇදෙනවා ඉක්මන් කරන්න කියලා. ” යැයි සුසාර යටහත් පහත් ලෙස සහ ලොක්කාගේ අදහසක් ඉදිරිපත් කරන විධායක ස්වරයෙන් කීවේ ය. යැයි යටහත් පහත් ලෙස ලොක්කාගේ අදහසක් ඉදිරිපත් කරන විධායක ස්වරයෙන් කීවේ ය. ලොක්කා යනු කිලී මහරාජායි.
” ස්කිර්ප්ට් එකවත් ඉවර කරන්නේ නැතුව කොහොමද ෂුටින් පටන් ගන්නේ ”
සුසාර හැරෙන අත නොදැන මම පිළිවිසිමි.
”ඔයාගේ ස්ක්රිප්ට් එක නියමයි. හැබැයි ඒකෙ සමහර සීන්ස් අපි අයින් කළා. ඔයාගේ එකට පැරරල් ස්ක්රිප්ට් එකක් අපිත් දිගට ම ලියාගෙන ගියා.” යනුවෙන් ඇඟට පතට නො දැනී කියමින් ම සුසාර මත්පැන් වීදුරු කිහිපයක් ළඟ ළඟ ම කටේ හලා ගත්තේ ය. සුසාරගේ අම්මා ද අප්පා ද බිරිඳ ද සොර අඹුවන් ද නෑදෑයන් ද හත්මුතු පරම්පරාව ද පාවා දෙමින් අමු තිත්ත කුණුහරුපයෙන් මම සුසාරට බැන වැදීමි. හද්දා පිටිසර ගමේ මෝඩ චණ්ඩියෙකු මෙන් ජයික් හිල්ටනයේ පහත මාලය දෙදරුම් කන්නට කෑගැසීමි.
”අනුන්ගේ ගෑනු එක්ක බුදිය ගත්තම යකෝ මිනිස්සුන් සිෆිලිස් වගේ සමාජ රෝග හැදෙනවා කියලා උඹ දන්නවා. ඒ වගේ දැනගනින් අනුන්ගේ නිර්මාණ මංකොල්ල කන්න එපා. මගේ බුද්ධිමය ශ‍්‍රමය මංකොල්ල කෑවට තොගේ අම්මට.....”
යනුවෙන් ජාතක අවජාතක නො හික්මුණු අශිෂ්ට කතා කියමින් මම කෑගසන්නට වීමි. මේ ලියන මොහොතේ මගේ හැසිරීම ගැන මටම ලැජ්ජා සහගත ය. සිවිලියස් වී නැති කපටි තක්කජියෙක් ඉදිරියේ සංගමයේ ශිෂ්ටකම පෙන්වීමට සන්නස්ගලගේ ජීවිතය ඇතුළේ හුස්ම ගන්නා ගෝනමඩිත්තේ පොඩි එකා ඉඩ දුන්නේ නැත.
”උපුල් අයියා ඉවසන්නකෝ ”   
යනාදී වූ අර්ධ මනුෂ්‍ය කටහඬකින් සුසාර මගේ ආවේගය නිවන්නට උත්සාහ කළේ ය. අරුණ ජයවර්ධනත් සුමිත් ප‍්‍රසන්නලාලූත් ඒ මොහොතේ එක් වචනයකුදු කතා කළේ නැත. මිත‍්‍රවරුනි; මේ මොහොත ඔවුන් දෙදෙනා කතා කළ යුතු යැයි සිතමි.

එතැන් පටන් මාස ගණනක් යන තෙක් මා රැුවටුණු බව මා ඇන්දුනු බව සහ සිනමාවට ඇති මගේ අප‍්‍රමාණ ආශාව හැම විට ම කලකිරීමකින් අවසන් වීම පිළිබඳව පශ්චාත්තාප වෙමින් පසු වීමි. ඔවුහූ සිහින සැබෑ කරගත්තෝ ය. මිනිසා හැම විට ම අමාරුවේ වැටෙන්නේ තමන් වඩාත් ආශා කරන දෙයට පමණට වඩා ලොල් වීම හේතුවෙනි.

සිනමාවට සම්බන්ධ ව රඟපෑමේ, චිත‍්‍රපට නිෂ්පාදනය කිරීමේ ලස්සන සිහින සුන්නද්¥ලි වූ කාලයක මගේ ආශාව දඩමීමා කරගෙන මගේ කාලයත්, ශ‍්‍රමයත්, ධනයත්, මහ දවල් ප‍්‍රසිද්ධියේ මංකොල්ල කෑ ”ඬේ ලයිට් රොබරියේ ” ප‍්‍රධාන චූදිතයා වූ සුසාරට විලාප තබමින්, හඬමින්, කෑගසමින් මම නිරන්තරව සාප කරන්නට වීමි. අවසානයේ දී සුසාර මට තර්ජන කළේය.
”අපේ මීඩියා එකෙන් විමල් වීරවංශටත්, මර්වින් සිල්වාටත්, ගහපු ගැහිල්ල ඔයා දන්නවා නම් මීට පස්සේ මට විරුද්ධව කට අරින එකක් නෑ” සුසාර කීවේය.
මම සිරසේ වැඩ කරන මිතුරන් යැයි විශ්වාස කරන එස්.එම්.මරික්කාර්ටත්, චන්දන සූරියබණ්ඩාරටත්, සුසිල් කිඳෙල්පිටියටත් තවත් බොහෝ දෙනාටත් සුසාරගේ තර්ජන පිළිබඳ ව රිපෝටර් කළෙමි. කිසිවෙකු තව ම කිසිවක් ඩිසයිඞ් කළේ නැත.
ඉනික්බිති ව සුසාර මට කතා කළේ මගේ හෘදය සැත්කමෙන් දෙසතියකට පසුව ය. සුසාරගේ කට හඬ ඇසුණු සැනින් මගේ පපුවට දමා තිබූ මැහුම් ගැලවෙන්නට තරම් වේදනාකාරී කෝපයකින් මම නැවතත් බැන වැදුනෙමි.
”උපුල් අයියේ ඔයා කතා කරන්නේ මං ගැන වෛරයකින් ”
සුසාරගේ නිවුණු කපටි කටහඬ ය.
”පකයෝ වෛරය දැනෙන්නේ බඩු අයිතිකාරයට. හොරකං කරපු වේසිගේ පුතාට කොහොමද වෛරය දැනේනනේ ” මම කෑගැසිමි. මම නැවතත් පමණ ගොන්කම කළෙමි. අතීතයේ මා සමඟ පසුමිතුරු වු බොහෝ දෙනා නැවතත් මගේ ඇසුර පි‍්‍රය කොට මා වෙත එති. මම අසිහියෙන් නැවතත් ප‍්‍රතිප‍්‍රහාරයේ ම කුණු රස විඳිමි. පස මිතුරෝ බෝ වෙති.

 

රත්මලාන ස්ටයින් මැදිරියේ පැවති වික්ටර් රත්නායකගේ ප‍්‍රසංගයක අමුත්තකු ලෙස සහභාගි වන්නැයි මරිකාර් මට ආරාධනය කළේ ය. මමත්, මගේ බිරිඳත් ප‍්‍රසංගය නැරඹීමට ගියෙමු. ප‍්‍රසංගය අවසන කාර් පාක් එකට එද්දී සුසාර මැදිවිය ඉක්මවූ මාතාවක් සමඟ රථගාල පැත්තට එමින් සිටියේ ය. මඟ හරස් කළ මම,
”කාගේ හරි ස්ක්රිප්ට් එකක් හොරකම් කරලා ආයේ ෆිල්ම් එකක් කරන්නේ නැද්ද සුසාර...”යැයි විමසීමි.
”උපුල් අයියා මේ මගේ අම්මා...එයා ඉස්සරහා..” යැයි සුසාර කී සැණින් නැවත නැවතත් පළිගැනීමේ මගේ කුරිරු සිත තන්වැසි නො තකා බුරන්නට විය.
”තොගේ අම්මත් දැනගන්න  ඕනි තෝ පට්ට හොරෙක් කියලා” යැයි මා කියත් ම අම්මාගේ අතින් ඇදගෙන සුසාර සෙනඟ අතර නො පෙනී ගියේය.
දෙදහස් නවයේ ජනවාරි මාසයේ අරුණ ජයවර්ධන මට කතා කළේය.
”උපුල් අයියා අපේ ෆිල්ම් එකේ ඉන්විටේෂන් එක දෙන්න මම ඔයාලගේ ගෙදර එන්නද? ඔයා මගෙත් එක්ක තරහා නෑ නේද?” යනුවෙන් මෘදු හඬින් විමසීය.
”මම උඹත් එක්ක නෙවෙයි මේ මංකොල්ලෙට සම්බන්ධ වෙච්ච හැම එකා එක්කම තරහයි. අපේ ගෙදර හතර මායිමට එන්න එපා” යනුවෙන් කීවෙමි. ඉන් ඉක්බිති කාලයේ අරුණ ජයර්ධන සිරස හැර ගියේ ය. නිකිණි වැස්ස නමින් විශිෂ්ට චිත‍්‍රපටයක් කළේය. අරුණ නිර්මාණාත්මක මිනිසෙකි. මගේ තිර පිටපතෙන් කළ ඩාන්සින් ස්ටාර් චිත‍්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ලෙස සුසාරගේ නම සඳහන් වීම ද අරුණ ජයවර්ධනගේ නිර්මාණාත්මක අධ්‍යක්ෂණය මංකොල්ලකෑමකි. සුසාර සිරසේ ගිනිපන්දම් ගෙන රටක් ජාතියක් ගිනි තියන හනුමන්තෙකි. අරුණ නිර්මාණාත්මක මිනිසෙකි. කතා කරන්නට රිසි මොහොත මෙය නම් අරුණට දැන් ඇත්ත කතා කළ හැකිය.
තිරනාටකය ලියා අවසන් කිරීමෙන් පසු සුසාර සහ සිරස මා සාහසික ලෙස මඟ හැරියේය. සිරස කළ වරදක් නො වන්නේ යැයි මා යටහත් වූවා නම් අදත් සුසාරත්, මහරාජාත්, සිරස දායක සභාවත් මා වෙනුවෙන් ය. එදා මා කළ ප‍්‍රකාශ ද සයිබර් අවකාශයේ මේ ලියන දෑ ද සිරසේ කුප‍්‍රටක මාධ්‍ය ප‍්‍රහාරයකට හෝ මාරාන්තික උගුලකට හසු වීමට ලෙන් දොර විවර කිරීමක් බව මම දනිමි. මා මේ ලියන්නේ සිනමාකරුවෙකු වීමේ සිහිනයේ වේදනාකාරී පසුවදන් ය. තවමත් මම හුස්ම ගන්නා නිසා ඊළග වෘත්තයේ දී අප නැවත සම්මුඛ විය හැකි ය.

අනාගත සිහින දකින්නන් වෙනුවෙන් මම තවදුරටත් ලියමි.  රටක ශිෂ්ට මිනිසුන්ගේ සිහින මරා දමන්නවුන්ට එරෙහිව කරන අරගලයක දී අප හුදකලාව මිය යා හැකිය. පොළොවට පස් වන මෘත දේහ කබොක් වී මැණික් බවට පත් වී දිලිසෙන හෙට දිනක් පිළිබඳ සිහිනය ම මේ ලිවීමට සපයන ශක්තිය පමණවත්ය'




2019-01-18
Advertisement

Find us on Facebook