English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


පුරවැසියෙක් නම් ඔහුට ඕනෑම තනතුරක් දැරිය හැකියි- පූජ්‍ය දඹර අමිල හිමි



පූජ්‍ය දඹර අමිල හිමි

පූජ්‍ය දඹර අමිල හිමි මේ අදහස් දක්වන ලද්දේ සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව විසින් 2019 ජනවාරි 15 වෙනි දින රාජගිරිය සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාර කාර්යාලයේදී සාකච්ඡා පවත්වන ලද ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී ජනමාධ්‍යයෙන් ලැබුණු ප‍්‍රශ්න කිරීමක් අභිමුවෙහිදීය.

නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් පැතිර යන දුර්මතත් ඒ හරහා ජාතිවාදය වැපිරවීමත් නිසා මතු වී ඇති තත්ත්වය ගැන තමන්ගේ ස්ථාවරයන් ප‍්‍රකාශ කිරීම සඳහා ඔවුන් මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාව කැඳවා තිබිණි. මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාවට සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුවේ සමන් රත්නපි‍්‍රය, ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, ඇතුළු  තවත් පිරිසක් සහභාගි වි සිටියෝය.

ජනමාධ්‍යවේදියෙක් සුමන්තිරන් ටී.එන්.ඒ මන්තී‍්‍ර විසින් මෑතදී කළ ප‍්‍රකාශයක් උපුටා දක්වමින් සහ ඊට විපක්ෂයේ අර්ථකථනය සම්බන්ධ කර ගනිමින් රජය හා ටී.එන්.ඒ අතර ඇති සම්බන්ධයත්, ඔවුන් දකුණේ රජයට සිදු කරන බලපෑමක් ගැනත් සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ ස්ථාවරය විමසා සිටියේය. එහිදී සමන් රත්නපි‍්‍රය විසින් ඊට පිළිතරක් ලබා දුන් අතර පසුව පූජ්‍ය දඹර අමිල හිමි විසින් තවදුරටත් පැහැදිලි කර සිටියහ.

”ඉතින් සුමන්තිරන් මන්තී‍්‍රතුමා කියන්නේ ලංකාවේ පුරවැසියෙක් නේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතාව පත් කරපු කෙනෙක්නේ. එයා උතුරෙද දකුණෙද කියලා බේද කරන්න  ඕන නෑනේ. එහෙම නම් රිෂාඞ් බදුද්දීන් පස්සේ එළෙව්වේ 113 හොයන්න. හකීම් ඇමතිතුමාට ඉන්නවත් දුන්නේ නෑනේ. මක්කමට යනකන් එළෙව්වනේ රංගේ එනවද කියලා අහනවා වගේ. එතකොට ඒක ප‍්‍රශ්නයක් නැහැනේ. එතකොට ඒක හොඳයිනේ. මහින්ද රාජපක්ෂ එහෙම උත්සාහයක් දැමීම ගැන අපේ නම් අවුලක් නෑ. එතකොට මඩකලපුව ටී.එන්.ඒ. විලේන්ද්‍රන් මන්තී‍්‍රව ගත්තේ. අපි කිව්වේ නෑනේ ඒක හරි වැරදියි කියලා. ඒ මොකද දෙමළ අයව ගත්තේ, රටට හොඳ නෑනේ ද කියලා අපි කිව්වේ නෑනේ. මේක දෙමළ හෝ මුස්ලිම් ද, ජාතිවාදීද, ආගම්වාදීද කියලා කියන්න හොඳ නෑනේ. ඒ ගොල්ලෝ ශී‍්‍ර ලංකාවේ පුරවැසියෝ. ඒගොල්ලොත් එක්ක ගනුදෙනු වලට යන්න  ඕනා. කතා කරන්න  ඕනා. මුළු පාර්ලිමේන්තුවේම 225 දෙනාම එකයි. දෙමළ ද එයා. අපෝ එයාව ගන්න හොඳ නෑ. එයා කිලිනොච්චියෙ ද එයා හොඳ නෑ. සුමන්තිරන් එක්ක අපි සාකච්ඡා පවත්වනවා. රිෂාඞ් බදුද්දීන් එක්ක සාකච්ඡා පවත්නවා. අපි කඳුරට ඉන්න අයත් එක්කත් කතා කරනවා. කිසිම බේදයක් ඒකේ නෑ. ඒ අය ශී‍්‍ර ලංකාවේ පුරවැසියෝ.





ඒ ගොල්ලන්ට අයිතියක් තියෙනවා පාලනයට මැදිහත් වෙන්න. ඒ වගේම ආණ්ඩුවක් මෙහෙයවන්න. අවශ්‍ය නම් ආණ්ඩුවේ නායකත්වය ගන්න.  ඕන නම් අග‍්‍රාමාත්‍ය වෙන්න.  ඕන නම් ජනාධිපති වෙන්න. ඒක රටේ ජනයා තීන්දු කරන්න  ඕනා.  එපා ආශ‍්‍රය කරන්න එපා කියලා බිල්ලෝ හදන්න  ඕන නෑ. ආශ‍්‍රය කරනවා. ආශ‍්‍රය කරනවා විතරක් නෙමෙයි. පාලනයට සමබන්ධ කරනවා. අවශ්‍ය නම් හැකියාව අනුව  ඕනම තනතුරක් ශී‍්‍ර ලංකාව තුළ දැරිය හැකියි. එක්කෝ ඇමති මට්ටමේ ඒවා. සංස්ථා, මණ්ඩලය මට්ටමේ ඒවා. අධ්‍යාපන සුදුසුකම් පෙන්නලා අමාත්‍යංශයක ලේකම් කෙනෙක්  ඕනම කෙනෙක් වෙන්න පුළුවන්. දෙමළ එක්කෙනෙක් එහෙම ඇයි හොඳ නෑනේ කියලා අහන්න හොඳ නෑ. ? ඒ අර ජාතිවාදී වැඩ ඒක පවා භාවිතා කරනවා රට බෙදන වැඩට. සමගියට බාධා කරන්න. ඒවට තමයි අපි දැඩි ප‍්‍රහාර එල්ල කළ යුත්තේ. එහෙම කතා කරන්න එපා අඩෝ කියලා.”



2019-01-16
Advertisement

Find us on Facebook