English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ දසවස් අනුස්මරණය
2009 ජනවාරි මස 08 වෙනි දින හමුදා ආරක්ෂක මුරපොළවල් දෙකක් අතර මැද රත්මලානේ දී මහ දවල් ඝාතනය කෙරුණු ලසන්ත වික්‍රමතුංග ගේ දසවැනි අනුස්මරණය අද දින (08) බොරැල්ල කනත්තේ ඔහුගේ දේහය මිහිදන් කළ සොහොන අසල දී සිදුවිය. ඒ සඳහා ඔහුගේ පවුලේ ඥාතීන්, හිතවතුන්, වෘත්තීය සගයන්, දේශපාලන නියෝජිතයන් රැසක් සහභාගි විය.

එහිදී පැමිණි පිරිස් අදහස් දක්වමින් පවසා සිටියේ මෙම ඝාතනයේ වරදකරුවන්ට දඩුවම්දීමට ගත් කාලය වැඩි බවයි. එමෙන්ම ජනාධිපතිවරයා මෙම පරීක්ෂණ වලට බාධා කරන බවත්, හමුදා බුද්ධි අංශයේ අත්‍යවශ්‍ය පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම වැලැක්වීමට ක්‍රියා කළ බවත්, ඒ නිසාම පරීක්ෂණ අතරමග ඇණ සිට ඇති බවත් ඔවුන් පැවසුවෝය.

ලසන්ත පමණක් නොව පැහැරගෙන ගිය, ඝාතනය වූ අනෙක් සියළුම මාධ්‍යවේදීන්වත්, කිසිඳු සඳහනක් නොලබන දෙමළ මාධ්‍යවේදීන්වත් මේ අවස්ථවේදී සිහිපත් කළ යුතු බවත්  සිවිල් සමාජය හා රටේ පුරවැසියන් විසින් මෙවැනි තත්ත්වයන් ඉවසා සිටිය යුතු නැති බවටත්, ඊට එරෙහිව සටන් කරමින් රජයන් යුක්තිය උදෙසා තල්ලු කළ යුතුය යන්න ඔවුන් වැඩිදුරටත් අවධාරණයෙන් යුතුව පැවසුවේය.

එම වීඩියෝව පහතින්...





2019-01-08
Advertisement

Find us on Facebook