English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ලසන්ත වික‍්‍රමතුංග ඝාතණය කර වසර 10යි

ප‍්‍රවීන මාධ්‍යවේදියෙකු වූ සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග ඝාතණය කර අදට (ජනවාරි 08) වසර 10ක් සැපිරේ. එපමණ කලක් ගත වුවත් මෙම ඝාතණය සම්බන්ධව කඩිනම් විධිමත් පරීක්ෂණයක් සිදු වෙන බවක් හෝ මෙම ඝාතනයට සම්බන්ධ සැබෑ ඝාතකයන් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙන බවක් හෝ මෙතෙක් අපට නොපෙනේ.

ගල්කිස්ස අධිකරණයේ පැවැත්වෙන ලසන්ත ඝාතණ නඩුව යම් පණක් ලැබුනේ යහපාලන ආණ්ඩුව බලයට පත්වුවායින් පසුව වුවත්, මේ දක්වාම අදාල අපරාධකරැවන් අධිකරණයට ඉදිරිපත්කර ගැනීමට නොහැකිවී තිබීම යහපාලන රජයක් ගොඩනැගීමට දායක වූ සැමගේ කනස්සල්ලට හේතුවී තිබේ.

මෙම ඝාතණයට සම්බන්ධ යැයි සැක කළ පුද්ගලයන් දෙදෙනෙකු අවස්ථා දෙකක දී සියදිවි තොරකරගෙන තිබු බවට වාර්තා වූ අතර, මේ සිද්ධිය සම්බන්දව අත්අඩංගුවට ගත් හමුදා නිලධාරියෙකු ප්‍රමාණවත් සාක්ෂි නොමැති යැයි පවසා නිදහස්කර තිබුනි.

මේ අතර, මෙම ඝාතණයට සම්බන්ධ දුරකතන ඇමතුම් ලබාගත් බවට වාර්තා වූ කොළඹ මරදානේ පිහිටි  ට්‍රිපෝලි  හමුදා කදවුරේ නිලධාරීන්ගෙන් ප්‍රශ්ණ කිරීම යහපාලන රජයේ ජනාධිපතිවරයා මැදිහත් වී වලකාලනු ලැබූ බවත් වාර්තා විය. ඒමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම ඝාතණයට සම්බන්ධව හිටපු පොලිස්පතිවරයෙකු අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේ දී ඔහු විසින් අත්අඩංගුවට පත්වීමෙන් වැලකී සිටීමේ නියෝගයක් ලබා ගැනීම නිසා මෙම ඝාතණයට සම්බන්ධ ප්‍රධාන සාක්ෂි කිහිපයක් සොයා ගැනීමට නොහැකි වූ බවද වාර්තා විය.



2019-01-07
Advertisement

Find us on Facebook