English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


නීති අධ්‍යාපනය පාසැලේ සිට


නීති  අධ්‍යාපනය පාසැල් පෙළ පොතට ඇතුළත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. නීති දැනුම පාසැල් දරුවන්ට ලබා දීමට කැබිනට් අනුමැතිය ලබා ගැනීම වත්මන් රජය ලද විශාල ජයග‍්‍රහණයක් යැයි අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මූලික නීතිය වැනි කරුණු පිළිබඳව කුඩා අවධියේ සිටම දැනුමක් ලබා ගැනීම තුළින් රට තුළ ජීවත් වීමේදී දෛනිකව ඇතිවන ගැටළු සඳහා මුහුණදීමට දරුවන් අත්වැළක් වන බවත් අමාත්‍යවරිය පැවසුවාය.

මූලික නීතිය මෙන්ම දණ්ඩ නීති සංග‍්‍රහය, අපරාධ නඩු විධි විධාන සංග‍්‍රහය වැනි කරුණු පිළිබඳව අවබෝධයක් කුඩා කාලයේ සිටම ලබා ගැනීම තුළින් රට තුළ සිදුවන අපරාධ අඩුවීමට හේතු වනු ඇතැයි ද ඇය කියා සිටියාය.

නීති අධ්‍යාපනය පාසැල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සම්බන්ධව ඉදිරි කටයුතු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ගේ මූලිකත්වයෙන් සිදු කිරීමට නියමිතව ඇත.

දශයකට වැඩි කාලයක් තිස්සේ ජනතාවට නීතිය ගැන අවබෝධයක් දීමට උත්සහ කළ සංවිධානයක් වශයෙන් මේ තත්ත්වය ඉතා සුබදායී තත්ත්වයක් ලෙස සලකයි.මේ කාලීන පියවර ප‍්‍රමාද වී වුවත් ආරම්භ වීම වැදගත්ය. මේ සඳහා විවිධ බාධා ඇති විය හැකිය. ඒවා අතික‍්‍රමණය කිරීම අධිකරණ අමාත්‍යංශයේත්, අධ්‍යාපන අමාත්‍යයේත් වගකීමක් වනු ඇත. එමෙන්ම එය නිසි අයුරින් කි‍්‍රයාවට නැංවුවහොත් එය රටේ සුබසිද්ධිය සඳහා වනු ඇත. 




2019-01-07
Advertisement

Find us on Facebook