English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ලසන්ත ඝාතනය, ජනාධිපතිවරයා හා ආණ්ඩුව - ගාමිණී වියන්ගොඩ


සන්ඩේ ලීඩර් පුවත්පතේ කතෘ ප්‍රවීන මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ජනවාරි 08 වෙනි දිනට වසර 10 පිරේ. පසුගිය රජය විසින් මේ සම්බන්ධව පැවැත්වූ පරීක්ෂණ සම්පුර්ණයෙන් යටගසා තිබුනත් යහපාලන රජය පැමිණීමෙන් පසුව නැවතත් මේ පරීක්ෂණ ආරම්භ කරමින් ඉතා සාර්ථකව පැමිණියත් මේ වන තෙක් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් කිරීමට අදාල ආයතනයන්ට හැකිවී නොමැත. මේ පිළිබදව අදහස් දැක්වූ පුරවැසි බලයේ සම කැඳවුම්කරු, ප්‍රවීණ ලේඛක ගාමිණී වියන්ගොඩ. 

මේ යහපාලන ආණ්ඩුව බලයට පත්වෙන කොට එහි ප්‍රධාන පොරොන්දුවක් තමයි මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී සිදුවුනු මහා පරිමාණ අපරාධ සහ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරනවා කියන එක. විශේෂයෙන්ම ඒ දවස්වල ඝාතන කිහිපයක් සිද්ධ වුනා. ඒ ඝාතන අතරින් මේ රටේ අවධානයට ලක්වුනු ඝාතන කිහිපයක් තිබුණා. තාජුඩීන් ඝාතනය කිරීම, ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කිරීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම. මේ කිසි සිද්ධියක් සම්බන්ධයෙන් අද වෙනකල් පරීක්ෂණ නිමාවකට පත් කරලා අදාල පුද්ගලයන්ව අධිකරණය ඉදිරියට පමුණුවලා දඩුවම් කිරීමක් සිද්ධවෙලා නෑ. විශේෂයෙන් ලසන්ත වික්‍රමතුංග සිද්ධිය සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ අවසන් නොවුනු මට්ටමකයි තියෙන්නේ.

දැන් මේ ජනාධිපතිවරයත්, යහපාලන ආණ්ඩුවත්, බලයට පත් වුණේ මේ පොරොන්දුව දීලා. නමුත් ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරලා අදට අවුරුදු 10 වෙනවා. ඔහුගේ අපරාධකරුවන්ව හොයාගන්නට සහ ඔවුන්ට නීතිය ඉදිරියට පමුණුවන්නට ජනාධිපතිවරයට සහ ආණ්ඩුවට, බැරිවෙලා තියෙනවා. ඒ වගේම ළමුන් 11 දෙනෙක් පැහැරගෙන ගිහිල්ලා, කප්පම් අරගෙන, ඝාතනය කරපු අවස්ථාවක් තියෙනවා. නාවුක හමුදාවට සම්බන්ධ සමහර පුද්ගලයන්ගේ මැදිහත්වීමෙන්. එහි පරීක්ෂණ කටයුතු ඇත්ත වශයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවසන් කරලා තියෙනවා. ඒ ඉවර කරලා තියෙද්දිත් අධිකරණයක් ඉදිරියට පමුණුවලා අවසානයක් දක්වා ගෙන යන්නට බැරි කමක් තියෙනවා ජනාධිපතිවරයා පහුගිය දවස්වල ක්‍රියා කරපු ආකාරය නිසා. ඔහු එක දිගටම ඊට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකුට රැකවරණය දීපු හිටපු නාවුක හමුදාපති සහ අද ත්‍රිවිධ හමුදාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී වශයෙන් කටයුතු කරන පුද්ගලයාව අත් අඩංගුවට ගැනීම එක දිගටම මේ ජනාධිපතිවරයා වැලැක්වුවා. අවසානයේදී අධිකරණයේ මැදිහත්වීම උඩ, අධිකරණය අපහසුතාවයට පත්වෙන ආකාරයේ හැසිරීමට තමයි එම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට පුළුවන්කම ලැබුණේ.

මේ වගේ සිදුවීම් ගණනාවක් තියෙනවා ඒ අපරාධකරුවන්ව ආරක්ෂා කිරීම සඳහා මේ ජනාධිපතිවරයා පුද්ගලිකව මැදිහත්වුනු විදිය ගැන. ඒකේ හොඳම අවස්ථාව තමයි ළමුන් 11 දෙනා පැහැරගෙන ගොස්, කප්පම් ගෙන ඝාතනය කිරීම. ඒ වගේම තමයි ලසන්ත වික්‍රතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැළිගොඩ ඝාතනය,  තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන්, පොලිසියට හා නීතිය ක්‍රියාත්මක කරන වෙනත් ආයතන වලට, නීතිපති දෙපාර්තමේන්තුව වගේ ආයතනවලට එක දිගටම කඩිනමින් මේ දේවල් කරන්න බැරි වෙලා තියෙන ප්‍රධාන හේතුව තමයි ජනාධිපතිවරයා මේ කටයුතු වලට ඇගිලි ගසමින්, බලපෑම් කරමින්, අවශ්‍ය පුද්ගලයන්ව අත්අඩංගුවට ගැනීම වලක්වමින්, පරීක්ෂණ කරගෙන යාමට අකුල් හෙලීම.” 

වීඩියෝව පහතින්...





2019-01-07
Advertisement

Find us on Facebook