English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ජනාධිපති තමන්ගේ නූගත් කම ප්‍රදර්ශනය කරනවා. - නීතිඥ නාමල් රාජපක්ෂ


“සම්පූර්ණ ප්‍රකාශයක් අරගෙන ඒකෙන් ගම්‍යවෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න ජනාධිපතිවරයාට හැකියාවක් නෑ. යම් කිසි ප්‍රකාශයක ව්‍යංගයෙන් ගම්‍යවන දේ ගැන අවබෝධයක් නැතුව, යම් යම් දේවල් ගැන පැමිණිලි කරනවා නම්, ඔහු නිසි අධ්‍යාපනයක් ලබා නොමැති බව ඒ තුලින්  පැහැදිලි වෙනවා.”

විරෝධතා ව්‍යාපාරයන් අවස්ථාවකදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ සමන් රත්නප්‍රිය විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන සංවිධායකවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පරීක්ෂණ ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කරයි. ඒ නිසා දැන් සමන් රත්නප්‍රිය ඇතුළු එම අවස්ථාවේ එම මාධ්‍ය සාකච්ඡාවේ සිටි සියළුම දෙනා පරීක්ෂණ කටයුතු සඳහා එහි කැඳවනු ලැබ සිටියි. පසුගිය 03 වන දින එහි පැමිණි ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥ නාමල් රාජපක්ෂ විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් අයිතිය සමග අදහස් දැක්වූයේ මෙසේය.

මෛත්‍රිපාල ජනාධිපතිවරයා ඔක්තෝම්බර් මස 26 වෙනි දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින්, මහින්ද රාජපක්ෂ අගමැති කරමින් ආරම්භ වුණු කුමන්ත්‍රණය නිසා ඇති වූ ව්‍යවස්ථාව දිගින් දිගටම කඩ කිරීම, නැවත වතාවක් පෙන්නුම් කරමින් සිටියි. ව්‍යවස්ථාවේ ඇති භාෂණයේ නිදහස කියන මූලික අයිතිවාසිකම උල්ලංඝණය කරමින් පැමිණිල්ලක් කරලා තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා පොලිස් දෙපාර්තමේන්තුවට බලපෑමක් කරමින් සිටිනවා සමන් රත්නප්‍රියට එරෙහිව පියවරක් ගැනීමට. සමන් රත්නප්‍රිය මාධ්‍ය හමුවේදී සිදුකරන ලද ප්‍රකාශයක් අනුව ඔහු තර්ජනයක් කලා කියන දේ  මගින් මහජනතාව කැළඹීමට පත් කරලා, ජනාධිපතිවරයා ඝාතනය කිරීමට මහජනතාව පෙළඹුවා කියන දේ තමයි පැමිණිල්ලේ අඩංගු වෙලා තියෙන්නේ. ඔහු උත්සාහ කරනවා තමන්ට තමන්ට විරුද්ධව මේ ඔක්තෝම්බර් 26න් පස්සේ බලයට පත් කරන ලද පිරිස නමුත් ප්‍රජාතන්ත්‍ර විරෝධී අන්දමින්  ක්‍රියා කර, එම පිරිස පීඩනයට ලක් කිරීමට.“ 

වීඩියෝව පහතින්...





2019-01-06
Advertisement

Find us on Facebook