English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරි ගමන් අරඹයි


ශ‍්‍රී ලංකාවේ යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට ලබන සතියේ ඉදිරිපත් කෙරෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

කතානායකගේ සහභාගිත්වයෙන් කි‍්‍රයාත්මක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට නව කොටුම්පත ඉදිරිපත් කෙරෙන්නේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විශේෂඥයින් ඉදිරිපත් කළ යෝජනා සහ නිර්දේශ ද සමගය. ශී‍්‍ර ලංකාවේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේ කමිටුව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ මූලික කෙටුම්පත සඳහා විශේෂඥ මට්ටමෙන් යෝජනා සහ නිර්දේශ ලබාගැනීමට රනිල් වික‍්‍රමසිංහ මහතා පියවර ගත් අතර මේ වන විට කාර්යය ද අවසන්ව පවතියි. රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට දේශපාලන පක්ෂවලින් ගත් යෝජනා හා නිර්දේශ ද ව්‍යවස්ථා මණ්ඩලයට යොමු කිරීමට ද අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රසිංහ අදහස් කර සිටියි.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම, පාර්ලිමේන්තු බලතල වැඩි කිරීම, පළාත් සභා විධිමත් කිරීම, පළාත් පාලන ආයතනවල වැඩි බලතල පැවරීම ආදි වැදගත් යෝජනා නිර්දේශ රැුසක්ම විශේෂඥයින් විසින් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට යෝජනා කර තිබෙන බව රජය ප‍්‍රකාශ කළේය.
 
මේ අතර දින කිහිපයකට පෙර මාධ්‍යයට අදහස් දක්වමින් ටී.එන්.ඒ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්.ඒ සුමන්තිරන් එක්සත් ජාතික පෙරමුණේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය ඇතිව මේ වසරේ පෙබරවාරි 04 වැනිදාට පෙර මෙය සිදුවිය හැකි බවට අණාවරණයක් සිදු කළේය.

”2015 අගෝස්තුවල ඉඳලම යහපාලන ආණ්ඩුවට එකතුවෙන්න කියලා දෙමළ සන්ධානයට ආරාධනා ලැබුණා. එක් වතාවක් ජනාධිපතිවරයාම කිව්වා ඇයි ඔයාලා එකතුවෙන්නේ නැත්තේ කියලා. මට පෞද්ගලිකව ආරාධනා ලැබුණේ නෑ. හැබැයි ආණ්ඩුවට එක්වෙලා ඇමතිකම් බාරගන්න කියලා අපේ සන්ධානයට යෝජනා ආවා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ටී.එන්.ඒ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුමන්තිරන් මෙසේ පැවසීයග නමුත් දෙමළ ජනතාවගේ ගැටලූවට ජාතික විසඳුමක් ලබාදෙනතුරු කිසිම ආණ්ඩුවකට එකතුවෙන්න අපේ කිසිම සූදානමක් නෑ.

අපිත් ජනතා විමුක්ති පෙරමුණත් එකතුවෙලා තමයි නව ව්‍යවස්ථාවට අදාළ අතුරු කමිටු වාර්තාව ගෙන ආවේ. එහි උතුරු නැගෙනහිර පළාත් එකතු වෙන්න  ඕනා කියලා අපි සටහන් කරලා තියෙනවා. මහජන එක්සත් පෙරමුණ විතරයි ඒකට අකමැති වුණේ. නමුත් ජනතා විමුක්ති පෙරමුණ එයට අදහසක් දැක්වුවේ නැහැ. ඔවුන් කිව්වේ දැනට එය නොවිය යුතු දෙයක් කියලා. පළාත් ඒකාබද්ධ වෙනවා නම් එහෙම එකතු වෙන්න පුළුවන්. නමුත් එහෙම එකතුවෙන්න ජනමත විචාරණයකට යා යුතුයි කියලා එම වාර්තාවේ සටහන් කරලා තියෙනවා. එම කරුණට ජනතා විමුක්ති පෙරමුණ එකඟයි.”

නව ව්‍යවස්ථාවක් පිළිබඳ තත්ත්වය වර්ධනය ඇත්තේ සුබදායී ආකාරයටයි. ඔක්තෝම්බර් 26 වෙනි දින වන විට නව ව්‍යවස්ථාවක් ගැන ජනතාව තුළ බලාපොරොත්තුවක් ඇති කිරීමට පවා සැක සහිත තත්ත්වයක සිටි තත්ත්වය වර්තමානයේදී සම්පූර්ණයෙන් වෙනස් වී ඇති බවක් පෙනේ. එක්සත් ජනතා නිදහස් සන්ධානය හැරැුණු කොට අනෙක් සියළුම පක්ෂ හා එක්ව විධායක ජනාධිපති ධූරය අහෝසි වන, ජනවාර්ගික අර්බුදයට විසඳුමක් සපයන ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමට හැකියාවක් නිර්මාණය වී ඇත. මේ ස්වර්ණමය අවස්ථාවෙන් උපරිම ප‍්‍රයෝජනය ගැනීමට මෙම කි‍්‍රයාවලියට නායකත්වය දෙන සියළු පක්ෂ වලට හැකි වනු ඇතැයි මේ රටේ ප‍්‍රගතිශිලී ජනතාවගේ අභිලාෂයයි.

මෙම කෙටුම්පත සැලසුම් කරන පරිදි ඉදිරිපත්වන්නේ නම් දින 52 ක අරගලයක් කළ ජනතා රැුල්ල නැවතත් ඒ දෙසට යොමු කිරීමේ අභියෝගයක් සිවිල් සංවිධාන සහ වෘත්තිය සමිති වෙත ඇත.  






2019-01-04
Advertisement

Find us on Facebook