English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


සම්බන්ධන් නැතිව ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම කළ නොහැක - ආචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි

සම්බන්ධන් දෙමළ ජාතික සන්ධානයේ නායකයාවීම හරිම වැදගත් දෙයක්. ඊට වඩා ආවේගශිලී රැඩිකල්, එල්.ටී.ටී.ඊ. එකේ ආශ්වාදය තියෙන, ජාතිවාදි පදනමක් තියෙන කෙනෙක් නම් ටී.එන්.ඒ. එකේ නායකයා හැටියට ඉන්නේ, අපිට සෑහෙන්න අමාරුවෙනවා. ඒ නිසා හොඳ ස්වර්ණමය අවස්ථාවක් තමයි උතුරු නැගෙනහිර ප්‍රශ්නයට අදාලව, විසඳුමක් දීමේ ප්‍රවේශය ගැනීම මේ වෙලාවේ. ඒ මොකද ඔහු හරිම නම්‍යශීලීයි. ඒ වගේම දෙපැත්ත බලනවා.”  

ආචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි මේ බව පැවසුවේ 2018 දෙසැම්බර් මස 23 වෙනි දින රාජගිරියේ දී කැඳවු සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති එකමුතුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා සිවිල් සංවිධාන සහ වෘත්තීය එකමුතුවේ පිරිසක් සහභාගි වී සිහියහ.

ඒ වගේම ඔහු ඊලාම් රාජ්‍යය ඕනේ නෑ කියනවා. ඒකීය රාජ්‍ය සංකල්පය ඇතුලේ ඉඳගෙන ප්‍රශ්නේ විසඳන්න සූදානම් කියනවා. අපිත් ඒකම තමයි කියන්නේ. අපි කියනවා ඒකීයද නැද්ද කියන එක නෙමෙයි. රට බෙදන්නේ නැතුව, දෙමළ ජනයාටත් මේ රටේ පරිපාලනමය කොටස්කරුවන් බවට පත්වීමට, පාලනයේ කොටස්කරුවන් බවට පත්වීමට, ඉඩ ලැබෙන විදියේ විසඳුමක් ලැබෙනවා නම් මේ වෙලාවේ අපි ඒකට අත්දෙකම උස්සන්න ඕනා. ඒකට තියෙන හොඳම ඉඩ සම්බන්ධන් මහත්තයා ඉන්න වෙලාව. මොකද ඒ පැත්තෙන් එන්නේ කොළපාට ලයිට් එකක්. අපිත් ඒකට කොළ පාට ලයිට් එකක් දුන්නොත් මේ වෙලාවේ මෙ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන්. එතුමාට ජාතිවාදියෙක්ය කියලා හරි, එතුමාව විපක්ෂ නායකධූරයෙන් ඉවත් කරන්න ලෑස්ති වුනොත් අනීතිකව. මම හිතන්නේ ඒක අපි ඵෙතිහාසිකව සිදු කරගන්නාවූ වරදක්. අපිට එවැනි අවස්ථාවක් මාතෘභූමිය විසින් උදා නොකරාවි.

ඒ නිසා මහින්ද රාජපක්ෂ හා ඒ කල්ලිය, රටට කරන දේශද්‍රෝහී ක්‍රියාවක් තමයි, තමන්ට නැති විපක්ෂනායක ධූරයක් පැහැරගැනීමට යාම. ඒකට මහින්ද ශක්තිය එකතු කරගෙන යෑමේදී නෛතික කරුණු විතරක් නෙමෙයි එකතු කරන්න උත්සාහ කරන්නේ, ජාතිවාදයේ පීඩනය, සම්බන්ධන්ට එකතු කරන්න උත්සාහ කරනවා. ඒක තමයි ඊළග භයානකම වැඩේ. ජාතික ව්‍යාපාරයක් හැටියට අපි පෙනී සිටින්නේ නෛතිකමය කාරණය ඒක.

විශේෂයෙන්ම සම්බන්ධව සුරැකීමේ කාරණයේදී අපි ඉදිරියට එනවා. ඒ අන් කිසිවක් නිසා නෙමෙයි. ඔහු ජාතිවාදියෙක් නොවන නිසා. ඔහු මනුෂ්‍යත්වය මත පදනම් වෙලා දෙමළ සමාජය තුළ, ඔහුට ඡන්ද ප්‍රතිශතය වේගයෙන් අඩුවෙමින් තියෙද්දිත්, මේ ප්‍රශ්නය සදාකාලිකව විසඳන්න ඕනා කියන එකට කදිම අවස්ථාවක් ලැබිලා තියෙන්නේ කියලා ඔහු ඉස්සරහට එන එක,හරිම වැදගත්. කරුමෙට අපේ නායකයෝ තවම එතනට ඇවිල්ලා නෑ විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ.”





2019-01-02
Advertisement

Find us on Facebook