English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ගින්දර සොයා ගැනීම සහ සමාජ මාධ්‍ය - ජේෂ්ඨ ජනමාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය


සමාජ ඡාලා විසින් ඇති කරපු වෙනස සමානුපාතික ගත්තෝත් හරියමට ගින්දර සොයා ගත්ත වගේම, විදුලිය සොයා ගත්තා වගේම සමාජ මාධ්‍ය සොයා ගැනීමෙන් කරන ලද වෙනස අතිවිශාල ගැඹුරු වෙනසක්.”

අද රට පත්ව තිබෙන තත්ත්වයට ජනමාධ්‍ය සිදුකරන ලද බලපෑම එමටයි. විශේෂයෙන් රට අර්බුදකාරී අවස්ථාවන්හීදී ජනමාධ්‍යයන්හී හැසිරීම ප්‍රශ්නකාරීයි. සදාචාරාත්මකවත්, ආචාරධර්මානුකූලවත් මේ හැසිරීම ප්‍රශ්න සහගතයි. අයිතිය මේ වෙනුවෙන් රටේ සිටින විද්වත් පුද්ගලයන් ඇසුරින් වීඩියෝ සංවාද මාලාවක් ඇති කිරීම නව වසරේදී ආරම්භ කරනු ලබනවා. එහි මුල් පියවර වශයෙන් ජේෂ්ඨ ජනමාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය සමග සිදු කරන ලද සංවාදයෙන් පළමු කොටස මෙලෙස ඉදිරිපත් කරනවා. එහිදී සුනන්ද දේශප්‍රිය මෙසේ අදහස් දක්වන ලදි.

අද මාධ්‍ය ගැන කතා කරන කොට, අලුතෙන් එකතු වෙච්ච වචනයක් තියෙනවා. ඒ තමයි සමාජ මාධ්‍ය කියන එක. ශ්‍රී ලංකාවේ ජනගහනයේ ප්‍රමාණයටම ජංගම දුරකතන තියෙනවා. බොහෝ ජංගම දුරකතන, ස්මාර්ට් ෆෝන් කියන අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න පුළුවන් දුරකතන. මේ අතරින් මුහුණු පොත බැලීම අපේ සමාජයේ තරුණ පරම්පරාවේ, වැඩිහිටි පරම්පරාවේ 60 %- 70 % භාවිතා වෙන දෙයක්. මේ හරහා තමයි මේ අය සමාජ ජාලාවලට යන්නේ. අද පුවත්පත් නෙමෙයි මිනිස්සු බලන්නේ, යාපනයේ තත්ත්වයත් මේ විදියටමයි. ඉස්සර නම් කිව්වා ඕක වෙබ් එකේ තිබ්බා කියලා. දැන් කියන්නේ ඕක ෆේස් බුක් එකේ තිබුණා කියලා. අද මුහුණු පොත තමයි සිංහල සහ දෙමළ සමාජයේ එදිනෙදා මාධ්‍ය. ඒ වගේම ඉංග්‍රීසි සමාජයේ, ( ඒකත් සිංහල සමාජයට එයි ඉක්මනින්ම) ට්විටර් කියන සමාජ ජාලාව. ඒ එක්කම යූ ටියුබ් කියන සමාජය ජාලය. සමාජ ජාලා විසින් ඇති කරපු වෙනස සමානුපාතික ගත්තෝත් හරියමට ගින්දර සොයා ගත්ත වගේම, විදුලිය සොයා ගත්තා වගේම සමාජ මාධ්‍ය සොයා ගැනීමෙන් කරන ලද වෙනස අතිවිශාල ගැඹුරු වෙනසක්.”

වීඩියෝව පහතින්...





2019-01-01
Advertisement

Find us on Facebook