English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මෛත්‍රීපාලට උපදෙස් දුන්නේ “පඩිපෙළේ නීතිඥයෝ” - නීතිඥ සුනිල් වටගල,


මම මේ හොයනවා ඇත්ත වශයෙන්ම කව්දැයි කියලා ජනාධිපතිට උපදෙස් දුන්නු ජනාධිපති නීතීඥවරයා හෝ නීතිඥවරුන් කව්ද කියලා. ඔවුන්ට අයිතියක් තියෙනවා. ඔවුන්ට මැදිහත් පෙත්සම්කරුවන් හැටියට ඉදිරිපත් වෙන්න, අපි ඒකට ගරු කරනවා. නමුත් මේ නීති විරෝධී ක්‍රියාව කරන්න උපදෙස් දුන්නු නීති විශාරදයින් සහ නීතිඥ මහත්වරුන්, ජනාධිපති නීතිඥ මහත්වරුන් ඇත්ත වශයෙන්ම එළිදරව් කරගත යුතුයි.”

කුමන්ත්‍රණය අවසන්ද? කුමන්ත්‍රණය පරාජය කළ පසුව ඇති අභියෝග මොනවදා ? මැයෙන් නීතිඥ එකමුතුව විසින් කැඳවන ලද මාධ්‍ය හමුවක් දෙසැම්බර් 19 වෙනි දින පස්වරුවේ වෘත්තීයවේදීන්ගේ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය. නීතිඥ එකමුතුව වෙනුවෙන් ජේ.සී.වැලිඅමුණ, ලාල් විජේනායක, සුනිල් වටගල, අජිත් පතිරණ සහ ප්‍රබෝධ රත්නායක යන නීතිඥයින් සහභාගි විය. එහිදී නීතිඥ සුනිල් වටගල, විසින් දක්වන ලද අදහස් සාරාංශයක් මෙසේ දැක්වේ.

3, 7 කරලා ඉල්ලන් කෑවා. දෙක තුන කරලා ඉල්ලන් කෑවා. ඒ අනුව බලනකොට පූර්ණ විනිශ්චය මණ්ඩල දෙකකින්, තහවුරු කරලා තියෙනවා, මහින්ද රාජපක්ෂ කරපු ක්‍රියාවත් වැරදියි. මෛත්‍රිපාල සිරිසේන කරපු දේත් නීති විරෝධී කියලා. එතකොට දැන් තියෙනවා ගැටළුවක් ඉතුරුවෙලා. ජනාධිපති ජාතිය අමතලා කිව්වේ, මට ජනාධිපති නිතීඥයන්, නීති විශාරදයින් උපදෙස් දුන්නයි කියලා. හරිම ලණුවක් ඔහුට දුන්නේ. නීතිපතිතුමා නම් නොමිලේම කඬේ ගියා. දැන් මම නිකමට ශ්‍රේෂ්ඨාධිකරණයට යද්දි මැදිහත් පෙත්සම්කරුවන්ගේ ඇහැව්වා, ඔයා ගිහින් ජනාධිපතිට උපදෙස් දුන්නද? නැහැ කිව්වා. තවත් ජනාධිපති නීතීඥ මහතුන් තුන්දෙනෙක්ගෙන් ( මම නම් කියන්නේ නෑ )  මැදිහත් පෙත්සම්කරුවන්ගෙන් ඇහැව්වා ඔයතුමා එහෙම උපදෙසක් දුන්නද? අනේ නැතෙයි කිව්වා. මේ ලණුවක් දීලයි කිව්වා, අපිත් දැන් මේක ඇඳගෙන යනවයි කිව්වා. එතන තව ඉතුරුවෙලා හිටියා ජනාධිපති නිතිඥවරු දෙන්නෙක් ඔවුන් එහෙම ගියාද කියලා මැදිහත් පෙත්සම්කරුවන්ගේ නීතිඥවරු කිව්වා, ජනාධිපති කාර්යාලය පැත්ත පලාතේ ගිහිල්ලා නෑ කිව්වා. ආපු ප්‍රශ්නෙට අපි මුහුණ දෙන්න ඕන නිසා, ඒ වෙනුවෙන් කරුණු කියන්න ඕන නිසා කරුණු කියනවා මිසක්, එතන හිටපු කිහිප දෙනෙක් කිව්වා මේ අමු, මරි මෝඩ ක්‍රියාවක් මේ කරලා තියෙන්නේ. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. අපිව නඩුවකට දාපු නිසා අපිට ඒ වැඬේ කරන්න වෙනවයි කිව්වා. ඉතින් මම මේ හොයනවා ඇත්ත වශයෙන්ම කව්දැයි කියලා ජනාධිපතිට උපදෙස් දුන්නු ජනාධිපති නීතීඥවරයා හෝ නීතිඥවරුන් කව්ද කියලා.

ඊට පස්සේ තවත් කාරණාවක් මතු වෙනවා. මේ රටට අදහස් ප්‍රකාශනය එන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ තර්ක විතර්ක කරන නීතිඥ මහතෙක් එළියට ඇවිල්ලා කියනවා නම් කමක් නෑ. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණ දොරටුවෙන් ඇවිල්ලා ජනාමාධ්‍ය අමතන්නේ අඩුම තරමින් ඒකේ ලේඛනගත නීතිඥවරයෙක්වත් නෙමෙයි. එහෙම අය ආමන්ත්‍රණය කරලා ඉතාම වැරදි සහගත චිත්‍ර ප්‍රමාණයක් දුන්නා. සමහරුන් කියන්න පටන්ගත්තා “පඩිපෙළේ නීතිඥයෝ” කියලා. ඒ මටට්මට සමාජයේ කතා වෙනවා. ඒ මට්ටමට 33.2 පිළිබඳවත්, 70.1 වගන්තිය පිළිබඳවත් වැරදි අර්ථකතන දුන්නා. මට තාමත් මතකයි එක නීතිඥ මහතෙක් කියපු කතාව. වැස්ස වහින්නේ වැහි ළිහිණින් එන්න කිට්ටුව. වැහි ලිහිණියෝ එනකොට, වැස්ස වහින්න එනවා කියලා එනවා. ඒක නිසා එයා කියනවා කිව්වා ශ්‍රේෂ්ඨාධිකරණය යන පිළිවෙත නම් පාර්ලිමේන්තුව මැතිවරණයකට දැන් සූදානම් වෙන්න කියලා. ඒ විතරක් නෙමෙයි ශ්‍රේෂ්ඨාධිකරණයේ වගකීමක් කියලා රට අරාජික කරන්නේ නැතුව, මේ තීන්දුව දීලා, ඒගොල්ලන්ට මේ ගමන යන්න සලස්වන එක. අන්න ඒ මට්ටමේ තුන්වෙනි පන්තියේ කතාවලට, සමහර නීතිඥ මහතුන් යයි කියා ගන්නා අය වොයිස් කට් දෙන්න පටන් ගත්තා. ඒක නිසා අපි දැන් කියනවා. ඒ නීතිඥ මහත්වරු තාමත් මම දැක්කා පුරසාරම් දොඩමින් ඉන්නවා. ඒ නිසා දැන් ඒ පරිච්ජේද සම්පූර්ණයෙන් අවසන් කරලා මේ පිටු 88 නඩු තීන්දුව ලබා දීලා තියෙනවා. මේක තමයි මේ රටේ නීතිය කියලා. ඒ නිසා 33.2 පිළිබඳවවත්, 70.1 වගන්තිය පිළිබඳවවත්, හරියටම අර්ථ විග්‍රහයක් මේකේ ලබා දීලා තියෙනවා. දැන් එකෙන් තමයි ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර ඇතිවෙච්ච මේ අවුල යන්න ගියේ ප්‍රජාතන්ත්‍රවාදයේ වළ පල්ලට. හැබැයි ආපහු මේ ආපස්සට ගත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය. ඒ නිසා අපි ස්තුතිවන්ත වෙන්න ඕනා මේ වෙලාවේ අධිකරණයට, මේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න අවස්ථාව දුන්නට. ඒ වගේම පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් ඒක ආරක්ෂ කලා. ඒ විතරක් නෙමෙයි, මහ පාරෙදි මිනිස්සු බලාගෙන හිටියා, ප්‍රජාතන්ත්‍රවාදය වළපල්ලට යනවා නම්, ඒක ආපස්සට ඇඳලා ගැනීමේ කටයුත්තට අදාලව මැදිහත් වෙන්න. ඒ නිසා මහ පාරෙත් අධිකරණයෙත්, පාර්ලිමේන්තුවෙත් දැන් මේක ජයග්‍රහණය කරලා ඉවරයි. ඔක්තෝම්බර් මාසේ 26 වෙනිදා කුමණ්ත්‍රණය දින 53ක් ඇතුළේ, නැවතත් රට ඔක්තෝම්බර් මාසේ 26 වෙනිදා තත්ත්වයට ගෙනල්ලා තියෙන්නේ. හැබැයි දින 53 ඇතුළේ වෙච්ච සිදුවීම් ටික තමයි සාකච්ඡා කරගන්න වෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී අර්ථයෙන්. ආර්ථික හා වෙනත් දේවල් සම්බන්ධව අපි උත්තර බඳින්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය අර්ථයෙන් දැන් මේ රටේ සිවිල් සංවිධාන, මේ රටේ නීතිඥ ප්‍රජාව, අපි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වූ නීතිඥ ප්‍රජාව ප්‍රවෘත්ති සාකච්ඡාවන් ගණනාවක් තියලා කිව්වා මෙන්න මේකයි ඇත්ත කියලා. අපි කියපු කාරණාව ඒ විදියටම තහවුරු වෙලා තියෙනවා. ”

වීඩියෝව පහතින්...




2018-12-26
Advertisement

Find us on Facebook