English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


වියන්ගොඩ මිලියන 500 බැගින් වන්දි ඉල්ලයි


මහින්ද මෛතී‍්‍ර කුමන්ත‍්‍රණයට එරෙහි පෙනී සිටි සමාජ කි‍්‍රයාකාරීන් එල්ල කරගනිමින් ඔවුන් මුදලට හා වෙනත් වප‍්‍රරප‍්‍රසාද ලබා ගැනීම සදහා එම කි‍්‍රයාකාරකම් වල නියැලෙන බවට සමාජය තුළ මතයක් ගොඩනැගීම සදහා මහින්ද මෛතී‍්‍ර කදවුරේ දේශපාලණ කණ්ඩායම් විසින් මාධ්‍ය හරහා විශාල මෙහෙයුමක් පසුගියදා ආරම්භ කර තිබුනි. ප‍්‍රවීන ලේඛක ගාමිණී වියන්ගොඩ මහතා ද ඉලක්ක කරගනිමින් ගෙන ගිය එම ද්වේශ සහගත, අසත්‍ය ප‍්‍රකාශයන්ට විරුද්ධව මිලියන 500න් වන්දි ඉල්ලා වියන්ගොඩ මහතා විසින් අදාල පුද්ගලයන් වෙත එන්තරවාසි යවා තිබේ.

ලිට්රෝ ගෑස් සමාගම සහ සැලසිනේ ආයතනයෙන් මුදල් සහ වෙනත් අනුග‍්‍රහ ලබා ඇති බවට පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාංචන විජේසේකර, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස සහ පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත යන හිමිවරුන් විසින් කරන ලද ප‍්‍රකාශවලින් තමාට සිදු කරන ලද අපහාසයට වන්දි ඉල්ලා ඊයේ (24) සිය නීතිඥවරයා මාර්ගයෙන් මේ අයට එන්තරවාසි යවා ඇති අතර, ‘සති අග අරුණ’ නැමැති පුවත්පතේ පළ කරන ලද විශේෂාංග ලිපියක් තුළින් ද මෙකී අපහාසය සිදුකොට ඇති බැවින් එම පුවත්පතටත්, ඒ ලිපිය ලියූ ලේඛිකාවටත් තවත් එන්තරවාසියක් යවා තිබේ.

ගාමිණී වියන්ගොඩන මහතා යොමු කළ එන්තරවාසිය මගින් පෙන්වා දී ඇත්තේ යහපාලන ආණ්ඩුව යටතේ විවිධ ව්‍යාපෘති හරහා හෝ, වෙනත් රහස්‍ය ගිණුම් හරහා හෝ මුදල් සහ වෙනත් ආධාර ලබා ඇති බවට ඉහත කී අයවළුන් විසින් විවිධ අවස්ථාවලදී කරන ලද ප‍්‍රකාශයන් සම්පූර්ණයෙන් අසත්‍ය සහ පදනම් විරහිත වන බවත්, ද්වේෂ සහගත වන බවයි. යහපාලන ආණ්ඩුව යටතේ කිසිම ආයතනයකින් මොනම ආකාරයක හෝ මූල්‍යමය හෝ මූල්‍යමය නොවන කිසි ගෙවීමක් හෝ අනුග‍්‍රහයක්, සෘජුව හෝ වක‍්‍රාකාරයෙන් තමා කිසි විටෙකත් ලබාගෙන නැති බවත් අවධාරණය කරමින්, මෙම ප‍්‍රකාශ මගින් තමාට කරන ලද අපහාසයට ඉහත සඳහන් එක් අයෙකුගෙන් රුපියල් මිලියන 500 බැගින් වන වන්දි මුදලක් ඉල්ලා සිටින බවයි.




2018-12-25
Advertisement

Find us on Facebook