English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


නැවතත් ජනාධිපති ව්‍යවස්ථා උල්ලංඝණයක
මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා මේ වන විට අධිකරණය තමන්ගේ මතය අනුව මෙහෙයවිය හැකි ස්ථානයක් බවට පත් කිරීමේ දැඩි උත්සාහයක නිරතවෙමින් සිටින බව වාර්තා වේ. ඒ අනුව ව්‍යවස්ථා සභාව විසින් නිර්දේශ කරනු ලැබූ විනිසුරුවන් පත් කිරීම පසෙකලා ප‍්‍රතික්ෂේප කරනු ලැබූ විනිසුරුවන් නැවත නම් කිරීමේ දැඩි උත්සාහයක නිරතවෙමින් සිටින බව වාර්තා වේ. ඒ අනුව ව්‍යවස්ථා සභාව විසින් නිර්දේශ කරනු ලැබූ විනිසුරුවන් පත් කිරීම පසෙකළා ප‍්‍රතික්ෂේප කරනු ලැබූ විනිසුරුවන් නැවත නම් කිරීමේ නින්දා සහගත කටයුත්තක නිරත වෙමින් සිටියි. ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරුන් 11 දෙනෙකුගෙන් සමන්විත වන අතර දැනට සිටින්නේ විනිසුරුවරුන් 09 දෙනෙක් පමණි. ඒ නොබෝ දිනකින් විශ‍්‍රාම යෑමට නියමිත ඊවා වනසුන්දර ද සමගයි.





ඒ අනුව වාර්තා වී ඇති තොරතුරු අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවන් අනුමත කර එවන ලෙස දන්වා ජනාධිපතිවරයා විසින් පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිය නිර්දේශ එවා ඇත. ජනාධිපතිවරයාගේ එම නිර්දේශවලින් නම් තුනක් අනුමත කරමින් පසුගිය ඔක්තෝම්බර් 25 වනදා ව්‍යවස්ථා සභාව විසින් ජනාධිපතිවරයාගේ පත් කිරීම් සඳහා යොමු කර තිබිණි. ඒ අනුව ගාමිණී අමරසේකර සහ තුරෙයිරාජා යන විනිසුරුවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයටත්, පි‍්‍රයන්ත ප‍්‍රනාන්දු විනිසුරුවරයා අභියාචනාධිකරණයටත් අනුමත කර යවා තිබිණි. එහෙත් එම පත්වීම් සිදු නොකර ජනාධිපතිවරයා විසින් මේ වන විට අදාළ පත් කිරීම් සඳහා වෙනත් නම් කිහිපයක් නිර්දේශ කර ව්‍යවස්ථා සභාවට යොමු කර ඇති බව වාර්තා වේ. ඒ සඳහා ජනාධිපතිවරයා නම් කර ඇත්තේ කේ.කේ. වික‍්‍රමසිංහ සහ දීපාලි විජේසුන්දර යන අයගේ නම්ය. එම නම් අතර ජනාධිපතිවරයා විසින් පසුගිය ඔක්තෝම්බර් මාසයේ ව්‍යවස්ථා සභාවට යොමු කළ තම නිර්දේශ නාමයන් අතර සිටි ව්‍යවස්ථා සභාව විසින් ප‍්‍රතික්ෂේප කළ නාමයන් ද ඇතුළත් කර තිබීම විශේෂත්වයක් වන බවත්, මෙයින් පෙන්නුම් කරන්නේ ජනාධිපතිවරයා තමන්ට අවනත කර ගත හැකි විනිසුරුවරුන් ඉහළ අධිකරණ සඳහා පත් කර ගැනිමේ කූඨ උත්සාහයක නියැලී සිටින බවත්ය.

ව්‍යවස්ථා සභාව විසින් පෙර අනුමත කළ නාමයන් තිබියදී මෙලෙස යළි අභියාචනාධිකරණයට පත් කරන ලෙස යොමු කර ඇත්තේ කුලසා සරෝජනී වීරවර්ධන විනිසුරුවරියගේ නම සහ හෙයියන්තුඩුව විනිසුරුවරයාගේ නම ය. නීති විශාරදයින් පවසන්නේ ජනාධිපතිවරයාගේ මෙම හැසිරීම තුළින් පියවරයෙන් පියවර ප‍්‍රජාතන්ත‍්‍රවාදය හකුළමින් අධිකරණයටද, බලපෑම් කිරීමට හැකි ලෙස එම ක්ෂේත‍්‍රය සකස් කර ගැනීමට සූදානම් වන බවක් පෙන්නුම් කරන බවය. වරක් පාර්ලිමේන්තුව අත්තනෝමතික විසුරුවා හැරීමෙන් ව්‍යවස්ථාව චේතාන්විතව උල්ලංඝණය කරන ලද ජනාධිපතිවරයා මේ අයුරින් කි‍්‍රයා කළහොත් සිදුවන්නේ නැවතත් ව්‍යවස්ථාව චේතාන්විතව උල්ලංඝණය කිරීමකි. ජනාධිපතිවරයාට නීති උපදෙස් දෙන පුද්ගලයන් සම්බන්ධයෙන් පසුගිය ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගයේදී ප‍්‍රශ්න කිරීම් වලට භාජනය වූ අතර, නැවතත් එවැනි තත්ත්වයක් ඇති වුවහොත් ජනාධිපතිවරයාට අනාගතයේදී අත්වන ඉරණම මේ රටේ කිසිඳු ජනාධිපතිවරයෙකුට අත්වූ ඉරණමට වඩා අවසනාවන්ත විය හැකිය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් අත්වැල් බැඳගත් කණ්ඩායම් තවමත් නිහඩ නැතිය.



2018-12-22
Advertisement

Find us on Facebook