English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


කතානායක සිවිල් සංවිධාන කි‍්‍රයාකාරීත්වය පසසයි
රට ව්‍යාකූත්වයට පත් වූ මොහොතේ සිට මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව විසින් සිදු කළ කි‍්‍රයාකාරීත්වය හා මැදිහත්වීම ඇගයීම සදහා ගරු කථානයක විසින් සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති නියෝජිතයින්ගේ හමුවක් පසුගියදා කතානායක නිල නිවසට කැදවා තිබුනි.

මේ හමුව සදහා සිවිල් සංවිධා හා වෘත්තීය සමිති නියෝජනය කරමින් 30කට ආසන්න පිරිසක් සහභාගී වූහ. ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා විරෝධී, අනීතික කි‍්‍රයාවලියේ දී ව්‍යවස්ථානුකූලව කටයුතු කරමින් පාර්ලිමේන්තුවේ ගරුත්වය හා සම්ප‍්‍රදායන් රකිමින් ඉතා නිර්භීතව ගත යුතු නිසි පියවර කඩිනමින් ගනිමින් කතානායකවරයා විසින් ලබා දුන් ඓතිහාසික තීරණයන් සම්බන්ධව සිවිල් සමාජ නියෝජිතයින් විසින්  කතානායකවරයා වෙත ගෞරවය හා  ස්තූතිය පළ කිරීමත් එදින සිදු විය.  

එමෙන්ම, ”ජනපති සිරිසේනගේ ව්‍යවස්ථා කුමන්ත‍්‍රණයෙන් රට අනතුරේ, ව්‍යවස්ථා විරෝධී කි‍්‍රයාවන්ට ජනබලයෙන් පිළිතුරු දෙමු” යන තේමාව යටතේ  2018 නොවැම්බර් 21 වන දින සිට දෙසැම්බර් 14 දින දක්වා පුරා දින 24ක් තිස්සේ පැවති අඛණ්ඩ සත්‍යග‍්‍රහයට සහභාගී වූ පිරිස් විසින් ජනාධිපති සිරිසේන විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනිව සිදු කරනු ලැබූ අනීතික හා අශිෂ්ට කි‍්‍රයාවන් වහා නතර කර ලෙස බලකෙරෙන මහජන පෙත්සම් කතානායක වෙත නිළ වශයෙන් භාරදීම ද එදින සිදු විය.





2018-12-21
Advertisement

Find us on Facebook