English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


මේක නඩුවක් නෙමෙයි නීති සංග‍්‍රමයක්! - ජේෂ්ඨ නීතිඥ ජේ.සී වැලිඅමුණ


කුමන්ත‍්‍රණය අවසන්ද? කුමන්ත‍්‍රණය පරාජය කළ පසුව ඇති අභියෝග මොනවදා ? මැයෙන් නීතිඥ එකමුතුව විසින් කැඳවන ලද මාධ්‍ය හමුවක් දෙසැම්බර් 19 වෙනි දින පස්වරුවේ වෘත්තීයවේදීන්ගේ සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විය. නීතිඥ එකමුතුව වෙනුවෙන් ජේ.සී.වැලිඅමුණ, ලාල් විජේනායක, සුනිල් වටගල, අජිත් පතිරණ සහ ප‍්‍රබෝධ රත්නායක යන නීතිඥයින් සහභාගි විය. එහිදී ජේෂ්ඨ නීතිඥ ජේ.සී වැලිඅමුණ විසින් දක්වන ලද අදහස් සාරාංශයක් මෙසේ දැක්වේ.


"19 වෙනි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව නොයෙකුත් වැරදි මත පළවෙනවා නිරන්තයෙන්. එකක් දෙකක් ගැන මම හිතනවා කතා කරන්න. එකක් තමයි මේ 19 වෙනි සංශෝධනය සකස් වෙලා තියෙන්නේ අවුල් සහගත විදියට කියලා කියනවා. ඒ කියන්නේ මූලික ලියවිල්ල වැරදියි කියලා. සකස් කරපු භාෂාවේ වැරැද්දක් තියෙනවලූ. ඉස්සෙල්ලම කියන්න පුළුවන් නොයෙකුත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන වගේම, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා පිළිබඳ දැනුමක් තියෙන පුද්ගලයන් විසින් තමයි මේක සකස් කළේ. මට නම් සංශෝධනයේ අවුලක් පේන්නේ නෑ. ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා ක්ෂේත‍්‍රයේ විශාල අත්දැකීමක් තියෙන, කිසිම නීතිඥවරයෙකුට මම හිතන්නේ නෑ මේක අවුල් සහගත ලෙස සකස් කළ දෙයක් කියලා පේනවා කියලා මම හිතන්නේ නෑ. නමුත් මේක අවුල් කළේ රජය වෙනුවෙන්, නැත්නම් ජනාධිපති වෙනුවෙන් මත දක්වන්න ගිය ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා පිළිබඳ දැනුමක් නැති, ඉතාම සුළුතර නීතිඥ පිරිසක් මාධ්‍ය ඔස්සේ කතා කරමින් තමයි, මේ නොමග යෑම සිද්ධ කළේ. ඔවුන්ගෙන් නැවත වරක් ඉල්ලා සිටින්න කැමතියි, ඒ ආකාරයේ නීතිඥවරුන්ට, කරුණාකරලා මේ ජනාධිපතිවරයාගේ බලතල පිළිබඳවත්, අඩුම ගානේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව බලලා ජනතාව නොමග නොයන ආකාරය අර්ථනිරූපනය දෙන්න නැත්නම් නොදී ඉන්න.

දෙවෙනි එක තමයි අවසාන වශයෙන් මම කියන්න කැමතියි. මේ නඩු තීන්දුවට විනිශ්චයකාරවරු 07 දෙනෙක් නඩු තීන්දුව දුන්නා. ඒ නඩු තීන්දුව විනිශ්චයකාරවරු තනියම දෙන්නේ නෑනේ. ඔවුන්ට සහයට නීතිඥවරු අතිවිශාල පිරිසක් තමන්ගේ දේශන මගින් ඒ අවස්ථාව ලබා දුන්නා. ඔවුන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට ජනාධිපති නිතීඥවරු 20 දෙනෙකුත් ජේෂ්ඨ නීතිඥවරු වශයෙන් සහ කනිෂ්ඨ නීතිඥවරු 42 දෙකකුත් සහභාගි වුනා. අමතක කරන්න එපා නීතිවරු විශාල සංඛ්‍යාවකගේ සහයෝගයක් මෙයට ලැබුණා. ඒ සියලූම දේවල් සලකා බලලා තමයි ගෞරවනීය විනිශ්චය මණ්ඩලය මේ තීන්දුව ලබා දුන්නේ. ඒ විතරක් නෙමෙයි.

ඒ විනිශ්චයතුමන්ලාගේ නඩු තීන්දුව බැලූවමත්, දේශන සහ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව එකට කියවලා බැලූවම අපට අමතක කරන්න බැරි එක පණිවිඩයක් තියෙනවා. කරුණාකරලා එය ගෙනියන්න. අපි හිතනවා මේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් බැඳී ඉන්නේ විධායක, ජනාධිපති, ව්‍යවස්ථාදායකය, අධිකරණය හා රජයේ සේවය පමණයි කියලා. අමතක කරන්න එපා මේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ජනතාවත් බැඳිලයි ඉන්නේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම සඳහා, රජයේ හෝ රජයේ නොවන කාටවත් කියන්න බෑ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න බෑ කියලා. උදාහරණයකට මේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව සෑම ජනකොටසකටම ජීවත්වෙන්න අයිතියක් තියෙනවා. ඒ වගේම ආගමික ඇඳහිලි, ප‍්‍රකාශනයේ නිදහස, යමක් ප‍්‍රකාශ කරන්න භාෂණයේ නිදහස ඔක්කෝම දේවල් තියෙනවා. ඒවා ආරක්ෂා කරන්න බැඳිලා ඉන්නේ ආණ්ඩුව පමණක් නෙමෙයි. ජනතාවත් බැඳිලා ඉන්නවා. ඒ නිසා ජනතාවටත් සිද්ධ වෙනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්න. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ මැතිවරණයක් දෙන්න අවුරුදු 4 1/2 කට පස්සේ නම්, ජනතාවට කිසිම අයිතියක් නෑ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පිටින් ගිහිල්ලා අවුරුදු දෙකකින්, තුනකින් මැතිවරණයක් දෙන්න කියලා ඉල්ලන්න. නමුත් ජනතාවට අයිතියක් තියෙනවා ආණ්ඩුවට බලකරන්න පුළුවන් මේ නීතිය වෙනස් කරන්න කියලා. ඒක ජනතාවගේ අයිතියක්. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා වෙනස් කරන්න නිතියක් තියෙනවා. නමුත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව කි‍්‍රයාත්මක වෙනකම්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පිටින් ගිහිල්ලා, නීති විරෝධී දේවල් කරන්න කියලා රජයට, විධායකයට, ව්‍යවස්ථාදායකට බලපෑම් කරන්න අයිතියක් නෑ. ඒ නිසා අපි අනාගතයේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන රාජ්‍යයක් බිහි කරනවා නම් පළමුවෙනි දේ තමයි ජනතාව විශ්වාස කරන්න  ඕනා, ඔවුන් බැඳිලා ඉන්නවා, ඔවුන් ඒක පිළිගන්න  ඕනා, ඔවුනුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න.




2018-12-20
Advertisement

Find us on Facebook