English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


අවසන් නොවන නීතියේ හා සම්ප‍්‍රදායේ හැරවුම් නැවතත් පාර්ලිමේන්තුවේදී
ජනාධිපතිවරයාගේ අනුග‍්‍රහයෙන් දැන දැනම ව්‍යවස්ථාව උල්ලඝණය වෙමින් පවතිනවා. මේ සම්බන්ධයෙන් විවිධ සිදුවීම් උදාහරණ දැක්විය හැකි වුනත් මෙම ලිපියට අදාලව ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් ලෙස හැඳින්විය හැක්කේ පක්ෂ මාරු කරමින්, ව්‍යවස්ථා විරෝධී ලෙස බලයේ රැුඳී සිටීමට උත්සාහ කළ, උසාවිය නියෝගයන් නිසා, අගමැතිධූරයෙන් ද ඉවත් වීමට සිදුවූ මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකකමට පත් කිරීමට උපදෙස් දීමයි. එයින් නොනැවතුණු ඔහු මහින්ද රාජපක්ෂ තවමත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධූරයක් දරණ බව සඳහන් කරමින් ලිපියක් ද නිකුත් කරන ලදි. මේ සියල්ලම ජනාධිපතිවරයා විසින් සිදු කරන්නේ ව්‍යවස්ථාවක්, නීතියක්, සම්ප‍්‍රදායක් රටේ තිබෙන බව නොතකමිනි. මේ තත්ත්වය මැද 19 වෙනි බදාදා පාර්ලිමේන්තුවේදී පසුගිය දින පැවති ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැවතත් ස්ථාපිත කිරීමේ සටනේ ප‍්‍රධාන භූමිකාවක් සිදු කරන ලද දෙමළ ජාතික සන්ධානය මේ සම්බන්ධයෙන් විශේෂ ප‍්‍රකාශයන් දෙකක් සිදු කරන ලදි.


දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයේ උදෘතයන් කිහිපයක් මෙසේය.

”මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ලෙස පත් කළේ තමන් විපක්ෂ නායකධූරයෙන් ඉවත් නොකර බැවින් මේ වන විට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරුන් දෙදෙනෙකු සිටිනවා.

පාර්ලිමේන්තුව  19 වෙනි බදාදා 1.00 නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරිගේ ප‍්‍රධානත්වයෙන් රැුස්විය. එම අවස්ථාවේ තමන්ට ප‍්‍රකාශයක් කිරීමට අවශ්‍ය බව සම්බන්දන් මහතා ඉල්ලා සිටි අතර ඒ අනුව සම්බන්ධයන් මහතාට එම ප‍්‍රකාශය කිරීමට අවස්ථාව ලැබිණි.

ආර්. සම්බන්ධන් ප‍්‍රකාශ කළේ විපක්ෂ නායක ලෙස ඊයේ නම් කළ මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු නොවන බවයි. ඒ මහතා මෙසේද කීවේය.

2015 වසරේදී මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට පසු දෙවැනියට වැඩිම මන්තී‍්‍ර සංඛ්‍යාවක් සිටින පක්සයේ නායකයා හැටියට ඉලංකෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ නායකයා හැයිට මා විපක්ෂ නායක ලෙස පත් කරන බව කතානායකතුමා නිවේදනය කළා. මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ලෙස පත් කරන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කළ දැනුම්දීමක් මත කතානායකතුමා ඊයේ ප‍්‍රකාශයක් කරමින් මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ලෙස පිළිගන්නා බව කිව්වා. කතානායක මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ලෙස පත් කළේ මම විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කරමින් සියටිදීමයි. මාව විපක්ෂ නායක කමින් ඉවත් කළේ නෑ. ඒ අනුව මේ පාර්ලිමේන්තුවේ දැන් විපක්ෂ නායකවරුන් දෙදෙනෙක් සිටිනවා.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා ලෙස කටයුතු කරන්නේ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේනයි. ඔහු අමාත්‍ය මණ්ඩලයේ සමාජිකයෙක් මෙන්ම අමාත්‍ය මණ්ඩලයේ ප‍්‍රධානියා ද වෙනවා. ඒ වගේම අමාත්‍යධූරය තුනක් දරනවා. එසේ තිබියදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්තී‍්‍රවරයෙකු විපක්ෂ නායකයා ලෙස පත් කර තිබෙනවා.

ඔක්තෝම්බර් 26 වැනි දා සිට රටේ සිදුවීම් රැුසක් සිදුවුණා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව අධිකරණය තීන්දුවක් ලබාදී තිබෙනවා. තවම ඇමති මණ්ඩලය පත් කරලා නෑ. ආණ්ඩුව හරියට ස්ථාපිත වෙලා නෑ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්තී‍්‍රවරු කිහිපය දෙනෙක් ආණ්ඩු පක්ෂයේ ඇවිත් අසුන් ගත්තා. එසේ තිබියදී තමයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්තී‍්‍රවරයෙක් විරුද්ධ පක්ෂයේ නායකයා ලෙස නම් කරලා තියෙන්නේ.

ඒ වගේම විරුද්ධ පක්ෂ නායකයා ලෙස නම් කළ මන්තී‍්‍රවරයා සැබෑ ලෙසම මේ පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරයෙකු නොවේ. ඊට ඔහු ශී‍්‍රලනිපයේ හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමාජිකයෙක් නොවෙයි. ඊට ඔහු ශී‍්‍රලනිපයේ හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමාජිකයෙක් නොවෙයි. ඒ අනුව ඔහුගේ මන්තී‍්‍රධුරය ආහෝසි විය යුතුයි.

මේ රට අසාර්ථක රාජ්‍යයක් කරා පියමං කරනවද කියලා ප‍්‍රශ්නයක් මත-වෙලා තිබෙනවා. නොබෙදුණු බෙදිය නොහැකි ශී‍්‍ර ලංකාවක් තුළ අපට එකට ජීවත්වෙන්න.” 

දෙමළ ජාතික සන්ධානයේ මන්තී‍්‍ර එම්.ඒ.සුමන්තිරන්

”මම පුවත්පත් වාර්තා තුනක් සභා ගත කරනවා. මහින්ද රාජපක්ෂ පොදු ජන පෙරමුණේ සමාජිකත්වය ලබා ගන්නා අවස්ථාවේ ඡුායාරූප ඒවායේ පළ වී තිබෙනවා. ඔවුන් එහි සමාජිකත්වය අරගෙන තිබෙන්නේ නොවැම්බර් 11 වැනිදා. පාර්ලිමේන්තුව ව්‍යාජ විසුරුවා හැරීමෙන් දින දෙකකට පසුවයි. ඊට පෙර පොදු ජන පෙරමුණේ සමාජිකත්වය ගත්තා නම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධූර අහෝසි වන බව ඔවුන් දැනගෙන හිටියා.”
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සුමන්තිරන් පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට පාර්ලිමේන්තු තේරුම් කමිටුවක් පත් කරන මෙන් ඉදිරියේදී ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බවයි.





2018-12-20
Advertisement

Find us on Facebook