English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ඡන්දයක් මනුෂ්‍යත්වය කෙළසන හැටියක් !




ආගම තම මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවලට තවත් අතෙකින් කිවහොත් තම ජයග‍්‍රහණය උදෙසා යොදාගනු ලැබු එම අපේක්‍ෂකයින් හට ඡන්දය දීමෙන් වළකින ලෙසට ජාතික සංඝ සම්මේලනය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ”සිල් රෙදි බෙදපු අයට ඡන්දෙ දෙන්න එපා” ! යැයි උන්වහන්සේලා තරයේ ඉල්ලා සිටිති.

මාධ්‍ය හමුවක් පවත්වමින් ගරු ස්වාමින්වහන්සේලා මෙසේ ඉල්ලා සිටින්නේ, පසුගිය 08 වෙනිදාට එළඹි තිබුණු බිනර පොහෝ දින ඌව පළාත් සභාවේ මොණරාගල දිස්ත‍්‍රික්කයේ ඡන්ද අපේක්‍ෂකයින් හට ඉතාම කාර්ය බහුල මෙන්ම ඉතාම වෙහෙසකර දිනයක් වු බැවිනි. මන්ද, පන්සලට විත් මලක් පුදා බුදුන් වඳිනු වෙනුවට, එක්තරා දේශපාලන පක්‍ෂයක පිරිස් විසින් පන්සලට වඳින්නට ආ පිරිසට සිල් රෙදි, වතුර බෝතල්, බත් පාර්සල් යනාදිය බෙදා දී මනාප වන්දනාවේ ගොස් ඇති නිසාය.

එම අපේක්‍ෂකයින් විසින් සිය මනාප අංකය සහ ලකුණ ඡයාරූපය සහිතව පන්සල්වල සිල් සමාදම්වු උපාසක උපාසිකාවන් හට සිල් රෙදි ද වතුර බෝතල් ද බෙදා දී ඇති අතර එම ලැජ්ජා සහගත ක‍්‍රියාව තරයේ හෙළාදකින සංඝ සම්මේලනය එවැනි දානයන් දුන් අපේක්‍ෂකයින්ට ඡන්දය නොදෙන මෙන් ඉල්ලා සිටිති.


”මහජනතාවට විශේෂයෙන් මතක්කරනවා ඉතාමත්ම සුදුසු පුද්ගලයින් කවුද කියලා හොඳින් කල්පනාකරල බලලා හදුනාගෙන ඔබේ වටිනා ඡන්දය පාවිච්චි කරන්න, මොන පක්‍ෂයේද කියලා හිතන්න එපා. මොකද නුසුදුස්සෝ ඒ තැන්වලට පත්වුනාම කවදාවත් රට සංවර්ධනය වෙන්නේ නැහැ. ඒ පළාතට සේවයක් වෙන්නේ නැහැ.  අපිට ආරංචි වුණා සමහර විහාරස්ථානවල අපේක්‍ෂකයින්ගෙ ණම සහ අංකය ගහලා සිල් රෙදි කෑම බෙදා දෙනවා. මිනිස්සු මේ කරගන්නේ පිංකම් ද කියලා අපිට හිතෙනවා. ජාතික සංඝ සම්මේලනය විධියට අපි මේවා හෙළා දකිනවා.” යැයි ජාතික සංඝ සම්මේලනයේ සභාපති පූජ්‍ය රජවත්තේ වප්ප හිමි ප‍්‍රකාශ කළහ.

එමෙන්ම ජාතික සංඝ සම්මේලනයේ ලේකම් පූජ්‍ය පාහියංගල ආනන්ද හිමි අදහස් දක්වමින් ”විහාරස්ථාන, භික්‍ෂු වහන්සේලා, සිල් රෙදි සහා සාංගීක දානමය පිංකම්, පිරිත් පිංකම් පිරිත් නූල් යනාදි මේවා යොදවා ගන්නවා මැතිවරණ ප‍්‍රචාරණයට. ආගමික බඩු-බාහිරාදිය, ආගමික පුද සිරිත්-විරිත් මේවා පාවිච්චි කරන්නට එපා! මේවා පාවිච්චිකරන අපේක්‍ෂකයින් කෙරෙහි කරුණාකරලා ඡන්දය ලබාදීම නතර කරන්න.” යනුවෙන් ඉල්ලා සිටියහ.

”ලොකු සැකයක් තිබෙනවා මේ විධියට මේ මැතිවරණ කටයුතු කරගෙන ගියොත් ඉදිරියෙදි මනුෂ්‍ය ඝාතන පවා සිදුවිය හැකියි කියලා. ඉදිරියේදි ජනාධිපතිවරණයක් පැවැත්වෙනවා ඒ නිසා මේ මැතිවරණය සියලූ පක්‍ෂවලට තීරණාත්මකයි. එක අපේක්‍ෂකයෙක් කෝටි 10කට වඩා වැඩි ප‍්‍රමාණයක් වියදම්කරන බව අපි දන්නවා. දැකලා තිබෙනවා. ඒ වගේම දන්සැල් මට්ටමින් මත්ද්‍රව්‍ය බෙදා හැරීම කරනවා. අපි මැතිවරණ කොමසාරිස්තුමාට දැනුම් දුන්නා මේ තත්ත්වය දිගින් දිගටම ගියොත් බිහිසුණු තත්ත්වයක් ඇතිවිය හැකියි කියලා.”යනුවෙන් පූජ්‍ය පාහියංගල ආනන්ද හිමි වැඩිදුරටත් සඳහන් කළහ.


එමෙන්ම මැතිවරණ කොමසාරිස්වරයා ද පවසා ඇත්තේ පොහෝ දිනයේදි දානය පිරිනැමීම සඳහා යොදාගත් බත් පාර්සල්වල ද අපේක්‍ෂකයින්ගේ ඡන්ද ලකුණු තිබු බවයි.

”පන්සල් වත්තට පැනලා මම කොහොම සිල් රෙදි අල්ලන්නේ ? දානවලට හාමුදුරුවරු වඩම්මවලා හාමුදුරුවන්ට පුජාකරන වතුර බෝතලෙත් අංකේ ගහලා තියෙනවා. බත් ඇටවල විතරයි අංකේ ගහලා නැත්තේ. අපි කොතැනද ඉන්නේ ? ඉතාම කණගාටුදායකයි.”

ඡායාරූප -  ලංකා ටෘත් වෙබ් අඩවිය
-MMP



2014-09-12
Advertisement

Find us on Facebook