English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


70 වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය
දෙසැම්බර් 10වන දිනට යෙදී තිබූ එක්සත් ජාතීන්ගේ 70 වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම සදහා ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් කොමිසම කොළඹ විශ්ව විද්‍යායේ සෞන්දර්ය පීඨය ඇතුලූ බොහෝ ආයතන හා මානව හිමිකම් සංවිධාන විවිධ වැඩසටහන් සංවිධානය කර තිබුනි. රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය සිවිල් සංවධාන හා වෘත්තීය සමිති එකමුතුව හා එක්ව මානව හිමිකම් දින සැමරුමක් දෙසැම්බර් 10 වන දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්වීමට සූදානම් කර තිබුනි. ඒ නිමිත්තෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කර තිබු අතර එය පහතින් දැක්වේ.

2018 දෙසැම්බර් 10 වන දිනට යෙදෙන එක්සත් ජාතීන්ගේ 70 වෙනි ජාත්‍යයන්තර මානව හිමිකම් දිනය මේ වසරේදී අපට සැමරීමට සිදුවී තිබෙන්නේ ආණ්ඩුවක් නොමැති ආරාජික රාජ්‍යයක් තුල සිටයි. පසුගිය ඔක්තෝම්බර් මස 26 වෙනි දින සිට ජනාධිපති සිරිසේන විසින් පැවතුනු නිත්‍යඥාණුකූල ආණ්ඩුව අනීතික, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී හා කුමණ්ත‍්‍රණකාරී ලෙස වෙනස් කර තවත් ආණ්ඩුවක් පත්කිරී අප තරයේ හෙලා දකිමු. මෙම පත්කිරීම මේ රටේ බහුතරයක් වූ ප‍්‍රගතිශිලී මිනිස්සු පමණක් නොව ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන කිසිඳු රාජ්‍යයක් විසින් මෙතෙක් පිළිගෙන නැහැ. එපමණක් නොව මෙම කුමන්ත‍්‍රණකාරී ආණ්ඩුවේ සමහර දේශපාලනඥයින් පවා මෙම පත්කිරීම පිළිගන්නේ නැති බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර තිබේ. ජනාධිපති සිරිසේන විසින් ඇති කළ මෙම කි‍්‍රයාව නිසා අපේ රට මේ වන විට අතිශයින්ම බැ?රුම් දේශපාලන අර්බුදයකට තල්ලූකර තිබේ. ආණ්ඩුවක් නොමැතිව රටකට ඉදිරියට යා නොහැකිය. පසුගිය ඔක්තෝම්බර් 26 වෙනි දින සිට සිදු කරගෙන යනු ලබන මෙම කි‍්‍රයාවලිය නිසා ජනතාවගේ මූලික අයිතිවාසිකම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්ම මෙන්ම අපේ මූලික නීතිය වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පවා මේ වන විට උල්ලංඝනය කර තිබේ. මේ අර්බුදය නිසා රටේ ආර්ථිකයට ඇති කර ඇති හානියෙන් නැවතත් ගොඩඒමට අවම වශයෙන් තවත් අවුරුද්දක් පමණ කාලයක් ගත වනු ඇතැයි ආර්ථික විශේෂඥයින් විසින් පෙන්වා දී ඇත.

මෙම සියලූ තත්ත්වයන්් හමුවෙත්, මේ අර්බුදය ප‍්‍රජාතන්ත‍්‍රවාදීව හා යුක්ති සගතව විසදා ගැනීමට අපට තව එක් මාවතක් ඉතිරිව තිබේ. ඒ මේ රටේ අධිකරණය හරහා මෙම ගැටලූවට විසදුමක් සොයා ගැනීමයි, විධායකය විසින් කුමණ්ත‍්‍රණකාරී ලෙස ආණ්ඩුවක් වෙනස් කර වෙනත් ආණ්ඩුවක් පත්කරනු ලැබුවත් එම පත්කිරීම අධිකරණය විසින් මේ වන විට තවකාලිකව අත්හිටුවා තිබේ.  අධිකරණය ලබා දුන් එම ෙඓතිහාසික තීරණයත් සමගම මේ රටේ ප‍්‍රගතිශීලී මිනිසුන් නැවතත් අධිකරණය පිළිබදව විශ්වාසය තබා සිටී. එමෙන්ම, අධිකරණයේ ස්වාධීනත්වයත්, මෙවැනි ගැටලූ වලදී නොපැකිලිව හා කඩිනමින් තීන්දු ලබා දෙමින් අධිකරණය පෙන්වූ නිර්භීතභාවයත් නිසා, රටට පමණක් නොව මුලූ ලෝකයටත් විශාල ආදර්ශයක් ශී‍්‍ර ලංකාවේ අධිකරණය විසින් ලබා දී තිබේ.

අධිකරණය මෙලෙස ස්වාධීනව කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය ලබා දුන්නේ පසුගිය අවුරුදු තුනහමාරක කාලය තුළ යහපාලන රජය විසින් ඇති කරනු ලැබූ දේශපාලණ ප‍්‍රතිසංස්කරණයන් නිසා වෙනි. එම ප‍්‍රථිසංස්කරණ වහා සිදු කරන ලෙස ඉල්ලා මේ රටේ ප‍්‍රගතිශීලී සිවිල් සංවිධාන විසින් රජය වෙත සිදු කරනු ලැබූ බලපැම් නොවන්නට අපට මෙවැනි ස්වාධීන අධිකරණයක් නොලැබෙන්නට තිබුනි.

අධිකරණයේ ස්වාධීනත්වය මෙන්ම, 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ඇති කළ ස්වාධීන කොමිෂන් සභාවන් හේතුවෙන්, මේ වන විට රාජ්‍ය සේවයෙත් යම් කිසි මට්ටමකට ස්වාධීනත්වයක් පෙන්නුම් කරමින් සිටී. මෙම අර්බුදයේ දී රාජ්‍ය සේවයත්, රාජ්‍ය සේවකයොත් යම් කිසි මට්ටමකට ස්වාධීනව කටයුතු කරන බව දක්නට ලැබේ. එම ස්වාධීනත්වය පෙන්වන එක් අවස්ථාවක් වූයේ, පසුගිය දිනවල විධායකය විසින් පොලිසියේ නිලධාරීන් 54 දෙනෙකු මාරු කිරීමට උත්සාහ කරද්දී පොලිස් කොමිසම මැදිහත් වී එය වලක්වාලනු ලැබීමයි. මෙයින් පැහැදිලිව දක්නට ලැබෙන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය තුලි ඇති කරනු ලැබූ දේශපාලන ප‍්‍රතිසංස්කරණයන් හි ප‍්‍රතිඵල යි.

මෙම අර්බුදය සමග අප දුටු තවත් වැදගත් කරුණක් වන්නේ මේ රටේ ප‍්‍රගතිශිලී ජනතාව ජාති ආගම් පක්ෂ පාට සියළු වාද බේද අමතක කර මෙම කුමන්ත‍්‍රණය පරාජය කිරීමට එක්වී සිටීමයි. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ඇතුලූ සෑම ජනවර්ගයකටම අයත් මිනිසුන් අද ශී‍්‍ර ලාංකිකයන් ලෙස කල්පනා කරමින් මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම ස`දහා එක්වී සිටී. එමෙන්ම, කවදාවත් පෙරට නොපැමිණි මිනිස්සු පවා අද වීදියට බැස තමන්ගේ විරෝධය නිර්භීතව ප‍්‍රකාශ කරමින්, ප‍්‍රජාතනත්ත‍්‍රවාදය යලි ස්ථාපිත කිරීමට එකට අත්වැල් බැදගෙන සිටීමත් ෙඓතිහාසික අවස්ථාවක් ලෙස සැලකිය හැක.

මෙම කුමන්ත‍්‍රණයට එරෙහිව සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව විසින් දැනටමත් දින 19ක් තිස්සේ අඛණ්ඩ සත්‍යග‍්‍රහයක් විහාරමහා දේවී උද්‍යානය අසලදී පවත්වාගෙන යනු ලබයි. ලංකාව තුළ පැවති අති සාර්ථකම සත්‍යග‍්‍රහය මේ විහාර මහා දේවී උද්‍යානය අසල පැවැත්වෙන සත්‍යග‍්‍රහය විය හැකියි. දිවයිනේ නන් දෙසින් පැමිණ මිනිසුන් හා ගැහැනුන් මෙම සත්‍යග‍්‍රහයට සහභාගී වීමෙන් පෙනී යන්නේ මෙම කි‍්‍රයාවලියට එරෙහිව පවතින ජන විරෝධයයි. සිරිසේන ජනාධිපතිවරයාගේ මෙම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාවලිය එරෙහිව ජනතා විරෝධය දිනෙන් දින වැඩිවෙමින් පවතිනව මිසක් එහි අඩුවක් මේ දක්වා නොපෙනේ. මෙම කුමන්ත‍්‍රණයට එරෙහිව අධිකරණය නිසි කි‍්‍රයාමාර්ගයක් ගනු ඇතැයි මේ රටේ ප‍්‍රගතිශීලී ජනතාවගේ බලාපොරොත්තු වන අතර, අධිකරණය හරහා මෙම ගැටලූව විසදා ගැනීමට නොහැකි වුවහොත් මේ නිහඩතාවය තදුරටත් නොපවතිණු ඇත. ඒ අර්ථයෙන් ඉදිරි දින කිහිපය ශී‍්‍ර ලංකාවට ඉතාමත් තීරණාත්මක දින කිහිපයක් වනු ඇත.
 
යහපාලන රජය විසින් මෙතෙක් ඇති කරන ලද ප‍්‍රගතිශිලී ප‍්‍රතිසංස්කරනයන් මෙන්ම, මෙතෙක් ඉටු නොකළ ප‍්‍රථිසංස්කරණයන් ද ඉදිරියට කි‍්‍රයාත්මක කරවා ගැනීමේ වගකීම, අප සියළුම සතුව ඇත. එය එක දේශපාලන පක්ෂයක හෝ එක දේශපාලන නායකයෙකුගේ වගකීමක් නොවේ. එය යහපාලන රජයකට වරම් ලබා දුන් හැට දෙලක්ෂයක ජනතාවගේ කි‍්‍රයාවකි. එම ප‍්‍රගතිශිලී පියවර ඉදිරියට ගෙන යාම සඳහා මේ අවස්ථාවේදී එක්ව කි‍්‍රයාකිරීම අත්‍යවශ්‍ය කොන්දේසියකි. මේ ශක්තිය අපි තවදුරටත් වර්ධනය කර ගනිමින් කුමන රජයක් බලයට පැමිණියද, ප‍්‍රගතිශිලි ජනතාව තමන්ගේ ස්ථවරයන් හී සිටිමින් මානව හිමිකම් ඇතුළු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් දිනා ගැනීමේ අඛණ්ඩ අරගලය ඉදිරියට ගෙන යා යුතුය. එයට අවශ්‍ය තෝතැන්නක් දැනටම නිර්මාණය වී අවසන් වී ඇති අතර, බෙදී, කළකිරී, කි‍්‍රයාශීලී නොවී සිටි ප‍්‍රගතිශිලී ජනතාව නැවතත් එකතු කර කි‍්‍රයාශීලී දේශපාලනයට ඇද දැමීම ගැන අප ජනපති සිරිසේනට ස්තුතිවන්ත විය යුතුය. මේ රටේ ප‍්‍රගතිශිලී මිනිසුන්ගේ ශක්තියත්, ඉවසීමත්, ප‍්‍රචන්ඩත්වයට ඇති නොකමැත්තත් මත මේ රට අද මේ තත්ත්වයෙන් පවතින අතර තවමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයුරින් මේ ගැටළුව විසඳාගැනීමට ඔවුන් ඉවසිල්ලෙන් බලා සිටියි.

අපට මගහැරුණු හා වැරදුනු තැන් සියල්ල නිවැරදි කර ගනිමින් අප මේ අවස්ථාවේ එකමුතුව ඉදිරියට යා යුතුයි. ඒ සඳහා සුදුසුම පරිසරය මේ මොහෝතේ නිර්මාණය වී අවසන්. ඒ පරිසරය තුළ අප එකා මෙන්ම, කටයුතු කර මේ කුමන්ත‍්‍රණය පරාජය කර, නැවත මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමේ අරගලයට උරදිය යුතුයි. දායක විය යුතුයි. සියළුම ප‍්‍රගතිශිලී ජනතාව ඊට පෙළගැසිය යුතුයි.

ජාත්‍යයන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් ජනතාවට දිය හැකි දේශයේ තීරණාත්මක අවස්ථාවේදී දිය හැකි පණිවිඩය එයයි.

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය
2018 දෙසැම්බර් මස 10 වෙනි දින





2018-12-11
Advertisement

Find us on Facebook