English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


”19 වෙනි සංශෝධනය නිසා තමයි අද මේ රට මේ විදියට තියෙන්නේ” - සමන් රත්නප්‍රිය

යහපාලන රජය යම් ප්‍රමාණයකට දෙයක් කලා. ඒක තමයි 19 වෙනි සංශෝධනය. 19 වෙනි සංශෝධනය නිසා තමයි මේ රට මේ විදියට තියෙන්නේ. ලක්ෂමන් යාපා අබේවර්ධනලා ප්‍රකාශයන් කරලා ඒක ආපස්සට හරවන්න හදනවා නම්. ඒ ප්‍රකාශය අරගෙන මෛත්‍රිපාල සිරිසේනලා, මහින්ද රජපක්ෂලා, මාඳුළුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ අභිලාෂයන් විනාශ කිරීමේ වගකීම බරගත යුතු වෙනවා. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවුනේ කොහොමද කියලා හිතන්න ඕනා. එහෙම හිතන්නේ නැතුව තමන්ගේ සිහින වෙනුවෙන් රට විනාශ කරන්න හදනවානම්, රටේ ආර්ථිකය, දේශපාලනය විනාශ කරන්න හදනවා නම්, මේ රටේ ජනතාව ඒකට සමාවක් දෙන්නේ නෑ.

දැන් මේ සියල්ල අධිකරණයේ තියෙනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ප්‍රශ්නය අධිකරණයේ තියෙනවා. හොර අගමැති කෙනෙක් පත් කිරීම තීරණය අධිකරණයේ තියෙනවා. නීත්‍යානුකූල අගමැති ඉවත් කිරීමේ ප්‍රශ්නයත් අධිකරණයේ තියෙනවා. ඒවට දින යොදාගනිමින් අධිකරණය මේ ක්‍රියාවලිය විමර්ශනය කරමින්, විභාග කරමින් ඉන්නවා. අපි හිතනවා අධිකරණය නිවැරදි, නීතියට අනුව, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව තීන්දුවක් දෙයි කියලා. එහෙම දෙන බවට අපිට විශ්වාසයක් තියෙනවා. ඒ නිසා අපි තව ටිකක් බලන් ඉන්නවා. ඒ තීන්දු වෙනුවෙන්, ඒ තීන්දුවලින් ප්‍රකාශයට පත් වෙන දේවල් එක්ක,මහින්ද රාජපක්ෂ හා සිරිසේන ජනාධිපතිවරයා ආපහු යන්න ලෑස්ති වෙන්නේ නැත්නම්, මේ රටේ මිනිස්සු පාරට දාලා, ජන බලය පෙන්නලා, මේ දෙන්නම එළියට ඇදලා දාන්න අපි ලෑස්තියි කියන පණිවිඩය, අපි පැහැදිලිව මේ දෙන්නට සහ රටට කියනවා.

අපි හිතනවා අධිකරණය නිවැරදි, නීතියට අනුව, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව තීන්දුවක් දෙයි කියලා. එහෙම දෙන බවට අපිට විශ්වාසයක් තියෙනවා. ඒ නිසා අපි තව ටිකක් බලන් ඉන්නවා. ඒ තීන්දු වෙනුවෙන්, ඒ තීන්දුවලින් ප්‍රකාශයට පත් වෙන දේවල් එක්ක,මහින්ද රාජපක්ෂ හා සිරිසේන ජනාධිපතිවරයා ආපහු යන්න ලෑස්ති වෙන්නේ නැත්නම්, මේ රටේ මිනිස්සු පාරට දාලා, ජන බලය පෙන්නලා, මේ දෙන්නම එළියට ඇදලා දාන්න අපි ලෑස්තියි කියන පණිවිඩය, අපි පැහැදිලිව මේ දෙන්නට සහ රටට කියනවා.”

සිවිල් ක්‍රියාධාර, වෘත්තිය සමිති නායක සමන් රත්නප්‍රිය මේ අදහස් ප්‍රකාශ කළේ දෙසැම්බර් 08 වෙනි සෙනසුරාදා කොළඹ නිදහස් චතුරඝ්‍රයේ දී පැවති අපි පුරවැසියෝ සංවිධානය කළ නිහඩ විරෝධතාවය අවසානයේ දී ජනමාධ්‍යවේදීන් අමතමිනි.   

වීඩියෝව පහතින්....





2018-12-09
Advertisement

Find us on Facebook