English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


“මේ රටේ අධිකරණයට අපි ආචාර කරමු” - නීතිඥ උපුල් කුමාරප්පෙරුම


මේ රටේ අධිකරණයට අපි ආචාර කරමු. මේ රටේ අධිකරණය අද දේශපාලකයන්ට ඕන විදියට නෙමෙයි තීන්දු දෙන්නේ. මේ රටේ අධීකරණය තීන්දු දෙන්නේ මේ රටේ නීති පොතට අනුව. මේ රටේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන්ට අනුවයි අධිකරණය තීන්දු දෙන්න පෙළඹිලා තියෙන්නේ. ඒ තත්ත්වය ඇති කළේ කව්ද? ඒ තත්ත්වය ඇති කළේ කව්ද සහෝදරා සහෝදරවරුනි. ඒ තත්ත්වය ඇති කළේ ලක්ෂ 62 ජන වරම.”

පක්ෂ දෙකක ජනවරමේ අවශ්‍යතාවය. ඒක මේ රටේ අධිකරණයට තේරුණා. ඒ ලක්ෂ 62 ජනතාව බලාපොරොත්තු වෙච්ච ස්වාධීන අධිකරණය අද අපි ඉදිරියේ පේනන තියෙනවා. ලස්සන කතාවක් තියෙනවා මුහුණු පොතේ සහෘදයෙක්, ඔහු කියනවා මහින්ද රාජපක්ෂට නඩු තීන්දු අරන් පුරුදු නෑ. ඒකට හේතුව ඔහු තමයි නඩු තීන්දු දුන්නේ කියලා. නමුත් අදඒ තත්ත්වයම වෙනස් වෙලා. අධිකරණය මේ රටේ ලක්ෂ 62 ක ජනතාවක් මේ රටට ආදරය කරන, රටේ අනාගතය ගැන හිතන, අපේ දරුවන්ගේ අනාගතය ගැන හිතන පිරිසක් මේ රටේ අධිකරණය ආරක්ෂා කරන්න ඉන්නවයි කියන එක මේ රටේ අධිකරණය මේ වෙන කොට දැනගෙන ඉන්නවා.

ඒ නිසා අධිකරණයේ කොන්ද මේ වන කොට ශක්තිමත් වෙලා තියෙනවා. ඒ නිසා මේ රටේ අධිකරණය ආරක්ෂා කර ගැනීමේ වගකීමක් අපට අද ඉෂ්ට කරන්න සිද්ධවෙලා තියෙනවා. මෛත්‍රිපාල සිරිසේන මේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්, මේ ව්‍යවස්ථාව ඒ කියන්නේ රටේ මූලික නීතිය කියන්නේ රටේ නීතියේ පදනම. මේ නීතිය මත තමයි අනෙක් නීති ක්‍රියාත්මක වෙන්නේ. අපරාධ නීති, සිවිල් නීතිය,දේපල නීති ක්‍රියාත්මක වෙන්නේ. මේ රටේ ව්‍යවස්ථා උල්ලංඝනය කලා කියන්නේ ඔහුගේ ප්‍රජා අයිතිය නැති කරන්න ඕන වැරැද්දක්. මෛත්‍රිපාල සිරිසේන කරලා තියෙන්නේ ඒ වැරැද්ද. ඔහු ඔහුට බලයක් නැති, ඔහුට ව්‍යවස්ථාවෙන් බලය හිමිව නැති කාර්යයන් කිහිපයක් මේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමෙන් සිදු කර තිබෙනවා.”  

විහාරමහාදේවි එළිමහන් රංගපීඨයේ පැවති  “යුක්තියේ හඬ” සංගීතමය වැඩසටහනේදී අදහස් දක්වමින් නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා කල අදහස් දැක්වීම පහත වීඩියෝවෙන්...





2018-12-08
Advertisement

Find us on Facebook