English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


පක්ෂග්‍රාහීව කටයුතු කරන රාජ්‍ය මාධ්‍ය ආයතනවලට වැඩ වරදී

අද ( 05 ) දින පාර්ලිමේන්තුවේදී රාජ්‍ය මාධ්‍ය ආයතන පක්ෂග්‍රාහීව කරටයුතු කරමින් සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රීරු රැසක් කතානායකවරයාට පෙන්වා දුන්නෝය. මේ පිළිබඳව කරුණු සොයා බැලීමේදී පාර්ලිමේන්තු සභාවාරයන් සජීවීව විකාශනය කිරීමේ වගකීම දරණ ශ්‍රී ලංකා ගුවන් විදුලිය සංස්ථාවේ සභාපතිවරයා වූ සෝමරත්න දිසානායක සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි කතානායකවරයා සිය කාර්යාලය වෙත කැඳවනු ලැබීය.

රට මෙවන් අර්බුදකාරී අවස්ථාවක සිටින විට දී දේශපාලන වශයෙන් පූර්ණ ස්වාධීනත්වයකින් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම කතානායකවරයා එහිදී පෙන්වා දෙන ලදි. ගුවන් විදුලිය සංස්ථාව පමණක් නොව ජනතාවගේ බදු මුදලින් නඩත්තුවන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව, ස්වාධීන රූපවාහිනිය, එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම යන ආයතයන් පිළබඳව පාර්ලිමේන්තුවේ දැඩි අවධානය යොමු වී ඇති බව කතානායකවරයා ඔවුන් වෙත දන්වා සිටියේය.

ඒ අනුව කතානායකවරයා පෙන්වා දුන් කරුණු කෙරෙහි වහාම අවධානය යොමු කොට රාජ්‍ය මාධ්‍ය ආයතන වෙත අදාල උපදෙස් නිකුත් කරන බවට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කරන ලදි.




2018-12-05
Advertisement

Find us on Facebook