English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


අඳුරු දශකය අවසන් කර ලබා ගත් එළියේ අවසානය සනිටුහන් කරනවද?
“මේ රටට ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනාගන්න  ඕනද? තවදුරටත් අවශ්‍යද? කියලා තීන්දු කරන මොහොතක අපි ඉන්නේ. 2015 ජනවාරි 08 වෙනිදා ඒ අඳුරු දශකය අවසන් කරලා ගත්තු එළිය, වසර තුනාමාරකින් අවසානය සනිටුහන් කරනවද නැද්ද? යන්න කියලා තීන්දු කරන තැනක ඉන්නේ. ඒ තීන්දුවේ දේශපාලඥයෝ යම් යම් වැරදි කරලා තියෙනවා. අපි නෑ කියන්නේ නෑ. ඒ නමුත් අවශ්‍ය වන්නේ අවම සදාචාරාත්මක ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් දිනාගත හැක්කේ කවුරුන් සමගද කියන කාරණාවයි.

ඒ නිසා අපිට අගමැති වෙන්නේ කව්ද? ජනාධිපති වෙන්නේ කව්ද කියන එක නෙමෙයි වැදගත් කම. මාධ්‍යවේදීන් විදියට කතා කරන්නේ රටේ ජනතාවට ඇත්ත කියන්න. ඒක මාධ්‍ය අයිතියක්. ඒ වෙනුවෙන් පෙනී ඉන්න. ඒ වෙනුවෙන් අපි රටේ ජනතාව එකතු කරනවා. රටේ ජනතාව සන්නද්ධ කරනවා. ඒ වෙනුනේ රටේ ජනතාවක් එක්ක මාධ්‍ය ඉදිරියට එන්න අපි සූදානම්” යැයි වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ සභාපති මාධ්‍යවේදී චතුරංග ද අල්විස් පවසයි.

පසුගිය 28 වෙනි දින පැවති වෙබ් මාධ්‍යවේදීන්ගේ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ සභාපති චතුරංග ද අල්විස් දක්වූ අදහස් වීඩියෝවෙන්...





2018-12-03
Advertisement

Find us on Facebook