English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


අරගලයට මසක් පිරේ... නිල අගමැති සත්‍යග්‍රහයට පැමිණේ....


අද දින ශ්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනරජයේ අග‍්‍රාමාත්‍ය ගරු රනිල් වික‍්‍රමසිංහ මහතා එම අරගලයට මසක් පිරෙන දිනේ විහාර මහා දේවී උද්‍යානය ඉදිරිපිට ඇති සත්‍යග‍්‍රහයට සහභාගිවීමට ඊයේ දින (26) පැමිණියේය. එහි පැමිණි ආග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ ගරුතර සංඝරත්නයේ ආශිර්වාද ලබාගෙන එතැන සිටි ක්‍රියාකාරීන් සමග මඳ වේලාවක් සුහද කතා බහක නියැලෙමින් සිට, නැවතත් එතැනින් පිටව ගියේය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැකගැනීමට පෙළ ගැසෙමු. ව්‍යවස්ථා විරෝධී කි‍්‍රයාවන්ට ජනබලයෙන් පිළිතුරු දෙමු” යන තේමාවෙන් යුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ව්‍යවස්ථාව රැකගැනීමේ අඛණ්ඩ සත්‍යග‍්‍රහය යනුවෙන් නම් සිවිල් සමාජ හා වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධාන කර ඇති සත්‍යග‍්‍රහය ඊයේ හයවන දිනටත් විහාරමහා දේවී උද්‍යානය අසලදී පැවැත්විණි. 

මෙම සත්‍යග‍්‍රහ අවස්ථාවේදීම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවලියට විරෝධය දක්වමින් ජනතාවගේ අත්සන් ලබාගැනීමේ මහජන පෙත්සම් ව්‍යාපාරයක් ද ඇතුළත්ය. 

විශාල පිරිසක්, විවිධ කණ්ඩායම් වශයෙන් සත්‍යග‍්‍රහයට සහය දීමට පැමිණ සිටිනු ඊයේ ද දක්නට ලැබුණි. ඉර බැසගෙන යත්ම එහි පැමිණි ජනතා ගායක ජයතිලක බණ්ඩාර සහ පිරිස ඔවුන්ගේ ජනතා ගායනයන් ඉදිරිපත් කරමින් පැමිණ සිටි පිරිස ප‍්‍රබෝධමත් කරමින්ද අරගලයට පනපොවමින්ද ගායනාවන් මෙහෙයවනු දක්නට ලැබුණි.


පසුව සත්‍යග‍්‍රහ භූමිය සංස්කෘතික සංදර්ශනයක සිරිගෙන තිබිනි. ඒ සත්‍යග‍්‍රහයට සහ අරගලයට සෙත්පතා ශාන්තිකර්මයක් ඇරඹීමත් සමගයි. සත්‍යග‍්‍රහයක මෙවැනි දේ පැවැත්වීම වෙනසක් බවත්, ඒ තුලින් අරගලයට බොහෝ ආශිර්වාද, ශක්තියක් ලැබෙන බවයි එහි සිටි සංවිධායකයන් අප සමග පැවසුවේ. මෙවැනි අරගල එවැනි සංස්කෘතික මිශ‍්‍රණයක් අවශ්‍ය බවයි ඔවුන් පැවසුවේ.

වීඩියෝව පහතින්....





2018-11-27
Advertisement

Find us on Facebook