English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සිරිසේන ඉදිරියේ තබාගෙන රාහුල හිමියන් කිව්ව සුපිරි බණ!
“රටක නායකයන් පිළිබඳව විශ්වාසයක් ජනතාවට ඇතිවෙන්න  ඕනෑ. ජනතාව පිළිබඳ විශ්වාසයක් නායකයන්ට ඇති වෙන්න  ඕනෑ. රටක තියෙන ස්වභාවය තව රටක විශ්වාසයක් ඇති වෙන්න  ඕනෑ. විශ්වාසය බිඳ වැටීමෙන් සමාජය අවුල් වෙනවා. ගැටළු ඇති වෙන්නට පුළුවන්. නායකයා කියන්නේ යම්කිසි පිරිසක් එකතු කරගෙන ඒ පිරිසේ විශ්වාසය රඳවාගෙන ගමනක් යන කෙනෙක්. නායකත්වය තියෙන කෙනෙක්.”

සෑම පුන් පොහෝ දිනකම දිවයිනේ ප‍්‍රධාන විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන සදහම් යාත‍්‍රා ධර්ම දේශන මාලාවේ 44 වැනි දම්සභා මණ්ඩපය ඉල්පුර පසළොස්වක පොහොය යෙදී තිබූ (22) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් පන්නිපිටිය රුක්මලේ ශ‍්‍රී ධර්මවිජයාලෝක පුරාණ විහාරය කේන්ද්‍ර කර ගනිමින් පැවති අවස්ථාවේදීය.

සැබෑ නායකයෙකු විසින් තමා නායකත්වයට පත් කළ පුද්ගලයන්ගේ විශ්වාසය කඩනොකළ යුතු බවත් විශ්වාසය බිඳ වැටීමෙන් සමාජය අවුල්වන බවත්, නොවැම්බර් 22 දිනට යෙදුණු පසළොස්වක පොහොය වෙනුවෙන් ජාතික රූපවාහිනිය විසින් සංවිධානය කරන ලද බණ දේශනාවකට දේශකයා ලෙස සහභාගි වූ පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ නායකයන් හමුවේ ප‍්‍රකාශ කර සිටියහ.

මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන් සිය ධර්ම දේශනයේදී මෙසේද පැවසූහ.

“මේ තනතුරු හැමදාම කරනවා කියලා හිතන්න එපා!

රටක නායකයන් පිළිබඳව විශ්වාසයක් ජනතාවට ඇතිවෙන්න  ඕනෑ. ජනතාව පිළිබඳ විශ්වාසයක් නායකයන්ට ඇති වෙන්න  ඕනෑ. රටක තියෙන ස්වභාවය තව රටක විශ්වාසයක් ඇති වෙන්න  ඕනෑ. විශ්වාසය බිඳ වැටීමෙන් සමාජය අවුල් වෙනවා. ගැටළු ඇති වෙන්නට පුළුවන්. නායකයා කියන්නේ යම්කිසි පිරිසක් එකතු කරගෙන ඒ පිරිසේ විශ්වාසය රඳවාගෙන ගමනක් යන කෙනෙක්. නායකත්වය තියෙන කෙනෙක්. මේ මගේ පාක්ෂිකයන්, මේ මගේ මිනිස්සු කියලා කොටසක් ගැන විතරක් හිතන්න හොඳ නෑ. ද්වේශය කියන්නේ නායකයෙක් තම යටතේ ඉන්න කැමති අයට හොඳින් සිටීමත්, අකමැති අයට ද්වේශ කිරීමත් කියන එක, තමන්ට කොයි තරම් හානියක් කළත්, තමන්ට කොයි තරම් පාඩුවක් කළත්, තමන් මේ තනතුරු හැමදාම කරනවා කියලා හිතන්න එපා. ඉතා කෙටි කලකින් අපි මේක දාලා යනවා. තමන් ළග ඉන්න අය තමන්ට කැමති නැත්නම් ඒ ගැන හිතේ තියාගන්න. ඒත් ඔවුන්ව අත් හරින්න එපා.

සියළු දෙනාටම මෛත්‍රීය වඩමින්, සියලූ දෙනාගෙම අඩුපාඩු තෝරාගනිමින් කටයුතු කරන්න නායකයෙකුට පුළුවන් වෙන්න  ඕනා. හිතට හිතෙන හැම දෙයක්ම ක්‍රීයාත්මක කරන්න බැහැ. හිත පාලනය කරගන්න  ඕනෑත සිතට එන සිතිවිලි අපිළිවෙළින් ක්‍රියාත්මක කරන්න ගියොත් අපි අමාරුවේ වැටෙනවා. හිට්ලර් වගේ දරුණු පාලකයන් වගේ තමන්ගේ මතයේම එල්ලියා හිටියොත් බැණුම් අහගන්න වෙනවා යැයි ඒ හිමියෝ ප‍්‍රකාශ කර සිටියහ. එහිදී මහාචාර්ය රාහුල හිමියන් ජනාධිපති සිරිසේන ඉදිරිපිට ආග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ ගැනද වචනයක් සඳහන් කිරීමට තරම් නිර්භිත විය. ”අපි ගත්තොත් රනිල් වික‍්‍රමසිංහ මේ රටේ අධ්‍යාපන අමාත්‍යධූරය දරන කාලේ මේ ජාතික විද්‍යාපීඨ ඇති කරන්න, මේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් අති විශිෂ්ඨ සේවාවක් සිද්ධ කළ නායකයෙක්. ඒක නැහැයි කියන්න බෑ කාටවත්. එතුමා විශිෂිට නායකයෙක්.”

වීඩියෝව පහතින්...





2018-11-24
Advertisement

Find us on Facebook