English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


“තාත්තේ…..! මගේ පොත කියවන්න.”

අපි ජනාධිපති තාත්තාගෙන් ඉල්ලා සිටිනවා, තමාගේ දියණිය ලිව්ව ජනාධිපති තාත්තා පොත උඩ පහළට දෙතුන් වරක් කියවන්න. එහෙම කියවලා මේ අහිංසක දියණියගේ ප‍්‍රාර්ථනාවක්, අහිංසක දියණිය බලාපොරොත්තු වුනු දේ ඇත්ත දේ, ඇත්ත චිත‍්‍රය, විග‍්‍රහ කරගන්න. ඒ වගේම මේ ජනාධිපති දියණියගෙන් මා ඉල්ලා සිටිනවා. තාත්තා ළගට ගිහිල්ලා අඩන්න. ”තාත්තේ මගේ පොත කියවන්න. මගේ පොත කියවලා පස්ස හැරෙන්න තාත්තේ.” කියල. එහෙම නැත්නම් වෙන්නේ දයාබර දියණියෙක් ප‍්‍රාර්ථනා කරපු දේවල් සම්පූර්ණයෙන්ම බොරුවක් වෙනවා.”යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ “ජනාධිපති තාත්තා” ගැන විග්‍රහ කරමින් පැවසීය.

“මේ තාත්තට ඇත්තට ආදරය කරන, තාත්තා වෙනුවෙන් කළ හැකි සියල්ල හෘද සාක්ෂියේ දැක්මකින්, පරමාර්ථයකින්, ජනාධිපතිවරයෙක් කරන්න  ඕන කැපකිරීමක් එක්ක තමයි, ඒ අත්දැකීමත් එක්ක තමයි ජනාධිපති දියණිය මේ පොත ලියන්නේ. එතකොට මේ ජනාධිපති දියණිය කියනවා, මේ ජනාධිපති තාත්තාගේ ඒකායන අරමුණවූයේ මේ රටට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරලා, රට ඉදිරියට ගෙනි යන්න. ඒකෙදි මෙහෙම කියනවා, “සැබවින්ම මම එම මොහොතේ තාත්තා වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම උපරිමයෙන් කිරීමට අදිටන් කරගත්තෙමි. ඒ කිසිඳු දේශපාලන පරමාර්ථයකින් නොව, ජනාධිපති දියණියකවීමේ සිහිනයකින් හෝ වෙන යම් අරමුණකින් නොව, ජනවාරි 08 වෙනිදායින් පසු තාත්තා මරණයට බිලිවිම හෝ සිරගතවීම වැලැක්වීමේ ඒකායන අරමුණ පමණක් පෙරදැරි කරගනිමින්, මන්ද අඳුරු හිස්තැන් සහිත සරත් ෆොන්සේකා මහතාගේ ඛේදවාචකය, අප කිසිවෙකුටත් අමතක වී තිබුණේ නැත. තවද එය දින ගණනාවක් මගේ සිත තුළ බිහිසුණු සිහින මවා දෙන්වූ බව කිව යුතුය.” මේක තියෙන්නේ පිටුව 317.

“ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැකගැනීමට පෙළ ගැසෙමු. ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවන්ට ජනබලයෙන් පිළිතුරු දෙමු” යන තේමාවෙන් යුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ව්‍යවස්ථාව රැකගැනීමේ අඛණ්ඩ සත්‍යග‍්‍රහයට සහභාගී වෙමින්, ආශු මාරසිංහ මහතා මාධ්‍ය වෙත තම අදහස් දක්වමින් ඒ අදහස් පළකළේය...

සම්පුර්ණ අදහස් පල කිරීම පහත වීඩියෝවෙන් ....





2018-11-23
Advertisement

Find us on Facebook