English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සත්‍යග‍්‍රහයේ දෙවන දිනය දේශපාලන නායකයන්ගේ ප‍්‍රධානත්වයෙන්


ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැකගැනීමට පෙළ ගැසෙමු. ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවන්ට ජනබලයෙන් පිළිතුරු දෙමු” යන තේමාවෙන් යුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ව්‍යවස්ථාව රැකගැනීමේ අඛණ්ඩ සත්‍යග‍්‍රහය යනුවෙන් නම් සිවිල් සමාජ හා වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධාන කර ඇති සත්‍යග‍්‍රහය අද දෙවන දිනටත් ආරම්භ විය. මෙම සත්‍යග‍්‍රහ අවස්ථාවේදීම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවලියට විරෝධය දක්වමින් මෙම අවස්ථාව හා සම්බන්ධ වන ජනතාවගේ අත්සන් ලබාගැනීමේ මහජන පෙත්සම් ව්‍යාපාරයක් ද ඇතුළත්ය. 

අද දිනත් විශාල සෙනගක් එහි සිටිමින් සත්‍යග‍්‍රහයට සහය දැක්වීම සඳහා සහභාගි වනු දක්නට ලැබිණි.

නොවැම්බර් මස 22 වෙනි දින අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් වන නවීන් දිසානායක, මුජිබර් රහුමාන්, අංශු මාරසිංහ, අජිත් පී. පෙරේරා සත්‍යග‍්‍රහයට සහභාගි වීම සඳහා විහාරමහාදේවී උද්‍යානයට පැමිණ සිටියහ. සත්‍යග‍්‍රහය පැවැත්වෙන පීඨිකාවට පැමිණි ඔවුන් එහි සිටි පිරිස හා සම්බන්ධ වූ අතර පැමිණි සිටි ජනතාව සහ මාධ්‍ය වෙත තම අදහස් දක්වන ලදි.

අද දින සවස එනම් 2018 නොවැම්බර් 22 වෙනි දින සවස 6.00 සත්‍යග‍්‍රහය පැවැත්වෙන ස්ථානයේදී අධිෂ්ඨාන පහන් දැල්වීමක් සිදුවෙන අතර, සැමට ඒ සඳහා සංවිධායකයින් ආරාධනය කර සිටියි. 

මෙම ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැකගැනීමේ සටනට එක්වන ලෙස සාමාන්‍ය ජනතාවට, සියලූ ආගමික සංස්ථාවන්හී නායකයින්ට, ස්වාමීන් වහන්සේලාට, පූජකවරුන්ට, රාජ්‍ය සේවකයන්ට, පුද්ගලික අංශයේ සේවකයන්ට, මාධ්‍යවේදීන්ට, දේශපාලන පක්ෂවල සමාජික සමාජිකාවන්ට, සහ සඳහන් නොවු  ඕනෑම ජනකොටසකට මේ තීරණාත්මක අවස්ථාවේ ඔවුන් සමග සම්බන්ධවන ලෙස සිවිල් සමාජ හා වෘත්තිය සමිති එකමුතුව ඉල්ලා සිටියි.




2018-11-22
Advertisement

Find us on Facebook