English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


තීරණාත්මක, සංවේදී නඩුවලට අඹ සරණයි!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, මාරු කරන්නේ නැහැ. හේතු කිහිපයක්ම තියෙනවා. ඉතාම සංවේදී පරීක්ෂණ කරන නිලධාරියෙක්ව සාමාන්‍යයෙන් වැඩ කරන පොලිසිවලට දාන්නේ නෑ. මොකද ඔවුන් හැම තිස්සෙම කටයුතු කරන, විමර්ශනය කරන නඩු විශාල සංඛ්‍යාවක් තියෙනවා ඒ නිලධාරීන් නැතුව කරන්න බැරි වැඩ. මේ නිලධාරියාත් සම්බන්ධයෙන් අපි හොයලා බැලූවම. ප‍්‍රධාන විමර්ශන 11 ක් තියෙනවා. විශේෂයෙන්ම ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය වැනි විමර්ශන අවසානයකට ගෙනියන්න ලැබෙන්නේ නැහැ ඔය නිලධාරීන් මාරු කිරීම නිසා. ජනාධිපති නීතිඥ ජේ.සී වැලිඅමුණ

රටේ මතු වී තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය බිඳවැටීමත් සමග යහපාලනය රජය විසින් ආරම්භ කරන ලද විවිධ වැදගත් කටයුතු අභියෝගයකට ලක්වෙමින් තිබෙනවා. එහි බරපතලකම මතු කරමින් මතු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාව හදිසියේ මාරුකිරීමත් සමග එම විමර්ශනයන්ට අත්විය හැකි ඉරණම ගැන තමන්ගේ අදහස් ප‍්‍රකාශ කිරීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා නීතිඥයෝ විසින් ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් 2018 නොවැම්බර් මස 19 වෙනි දින වෘත්තීයවේදීන්ගේ ආයතතයේදී පැවැති අතර එහිදී එම ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමින් ජනාධිපති නීතිඥ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා නීතිඥයෝ හී කැඳවුම්කරු ජේ.සී. වැලිඅමුණ දක්වන ලද අදහස් මෙසේය.

අපි දැක්කා පහුගිය දශකය තුළ ලංකාව පුරා සිදුවුනු අපරාධ සිදුකරන ලද්දේ එක කණ්ඩායමක් විසින්. මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, පැහැරගෙන යාම වගේ නඩු කිහිපයක් විමර්ශනය වෙමින් පැවතුණා. එම විමර්ශනයන් කලින් නොපැවතියත්, 2015 න් පසුව ඉතා මහන්සියක් අරගෙන එම විමර්ශනයන් යම් කිසි මට්ටමකට පැමිණෙමින් තිබුණා. ඒ අතර විශේෂ නඩු කිහිපයක් අපි දැක්කා. ඒ අතරින් ළමුන් 11 දෙනෙක් පැහැරගෙන යෑම නාවික හමුදාව මගින්. ඒ විමර්ශනය අවසානය අදියරේ තමයි තියෙන්නේ. එය සිදු කරන්නෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්. ඒ වගේම මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, පැහැරගෙන යාම පිළිබඳ නඩු ලසන්තගේ ඉඳලා, එක්නැළිගොඩ, ඒ හැම දෙයක්ම සඳහා අදාල විමර්ශනයන් සිදු කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්.

වීඩියෝව පහතින්....





2018-11-20
Advertisement

Find us on Facebook